මේ ගමනත් සුපුරුදු ලෙස කොළඹ කොටුවට ඇවිත්, ඇල්ලට ආපු ගමනක්…..
Night Express එකේ පාන්දර 6.15ට ඇල්ලට ඇවිත් ඇල්ලේ ස්ටේශන් එකෙන් එලියට ඇවිත් උදේ ආහාරය අරන් ගූගල් දෙයියගේ මැප් එක බලාගෙන මුලින්ම Nine Arch බලා පිටත් උනා. (රේල් පාර දිගේ බදුල්ල පැත්තට ගියාමත් යන්න පුලුවන් ) මැප් එක දාගෙන පාරෙන් යද්දි වම් අත පැත්තේ නයින් ආර්ච් එකට යන්න පහසු මග කියලා තිබුණු බෝඩ් එකක් දැකලා, එතනින් වම් අත පැත්තට හැරිලා ගියාම 6.45 විතර වෙද්දි නයින් ආර්ච් වෙතට එන්න පුලුවන් උනා…
එතනත් ටික වෙලාවක් ගත කරලා, 7.45ට විතර ආපු අඩි පාරෙන් නැවතත් ප්‍රධාන පාරට ඇවිත් ගූගල් දෙවියගෙන් පාර අහගෙන පුංචි සිරිපාදය නොහොත් Little Adams Peak මුදුනට යද්දි 8.30ට විතර ඇති. Little Adams Peak වල, කුඩාවට Peaks හතරක් විතර තිබ්බත් බොහෝ දෙනෙක් බුදු පිළිමය තිබෙන කදු මුදුනින් ගමන නතර කරනවා. කදු මුදුනේ තියෙන අඩි පාරින් කදු මුදුනේ අනෙක් පස සොයා ගෙන ගියාම හතරවන පීක් එකේදි ලස්සනට රාවනා ඇල්ල දැක ගන්න පුලුවන්… හතරවන පීක් එකේදී සෝලෝ ආපු තව මිතුරෙක් එක්ක කතා කරාම… අපේ අල්ලපු ගමේ කොල්ලෙක්… එතනින් එහාට සෝලෝ ගමන ඩබල් උනා…
Little Adams Peak වලින් පස්සේ සැලැස්ම තිබ්බේ රාවනා ඇල්ල බලා යන්න, ඒත් අනික් මිතුරා ඒක බලාගෙන ඇවිත් තිබුන නිසා ඒ අදහස වෙනස් කරලා රාවනා ගුහාව බලා යන්න තීරණය කරා… ඒතනටත් ගූගල් මැප් දෙයියගෙන් පාර අහගෙන ගිහින් ඒකත් බලලා, රාවනා ගුහාවේ ගල මුදුනට යන්න මාන පදුරු අස්සෙන් රිංගලා, අසාර්ථක උත්සහයකින් පස්සේ, දහවල් 12 විතර වෙද්දි ආපසු ඊලග නැවතුම, ඇල්ල රොක් බලා පිටත් උනා….. පහසුවෙන්ම පාර හොයාගෙන ඇල්ල රොක් වලට යද්දි හවස 2ට විතර ඇති…
ඇල්ල රොක් වලත් බොහෝ අය ප්‍රධාන විව් පොයින්ට් එක ලගින් නැවතුනත් එතනින් පහලට ගියාම, ගුහාවක් ලග බුදු පිළිමයක් තබා තියෙන දෙවන විව් පොයින්ට් එක මග හැරෙනවා. දෙවන විව් පොයින්ට් එකටත් ගිහින් සැළසුමේ අවසාන ස්තානය වෙච්ච කිතල් ඇල්ල බලා පිටත් උනා… හවස 3.30ට විතර ඇල්ල රොක් වලින් පිටහ් වෙලා කිතල් ඇල්ල නොහොත් හරි රාවනා ඇල්ලට එද්දි 5ට විතර ඇති….
යාන්තමට වතුර තිබ්බ ඇල්ලෙන් නාලා, ඇදුම් මාරු කරන සුලු මොහොතේ එක්වරම ඇල්ල ප්‍රචන්ඩ වෙලා, ජල පහරක් ගලා යන්න ගත්තා.. තව විනාඩියක් ඇල්ලට ඔලුව අල්ලන් හිටියනම් මේ වෙච්චි එලොව ට්‍රවලින් යනවා………
එතනින් කිතල් ඇල්ල ස්ටේශන් එකට ගිහින්, කොළඹ බලා යන නයිට් මේල් එකෙන් ගම් රට බලා පිටත් උනා…
මේ ගමනට කොලඹ ඉදන් ගමන් වියදම කෝච්චියට යාමට හා ඒමට 880. ඇල්ලේ සිට සියලු ගමන් පයින්…. අනෙක් වියදම් කෑමට……


























සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව