නානු ඔය ඉදන් රදැල්ල පැත්තට රේල් පාර දිගේ එද්දි පාලමත් එක්ක නානු ඔය ඇල්ල හමු වෙනවා.
ට්‍රේන් එකේ යද්දි තප්පර ගානකට මේක දැක්කත් මෙතනින් ඉහලට ඇල්ලේ කොටස් 4ක් බලන්න ගිය ගමනේ සටහනක් තමයි මේ.
පලමු පොටෝ එකේ තියෙන්නේ ඒ පාලම. නානු ඔය ඇල්ලේ කැඩුනු කොටසක් මේ පාලම යටිනුත් පොඩියට තියෙනවා (කැලේ නිසා එතන පොටෝ එකක් ගන්න අපහසුයි… මෙතන උඩට තියෙන දෙවනි කොටස නාන්න මරු. මෙතනට යන්න අඩි පාරක් තියෙනවා. ඊට පහල පාලම යටින් වගේ තව පොඩි කොටසක් තියෙනවා. දෙවනි කොටසින් ඉහල එක බලන්න පාලම පහු කරලා පොඩ්ඩක් රදැල්ල පැත්තට යද්දි හමුවෙන තේ වත්තෙන් ඉහලට යන්න ඕනා. ඉහලට ගියාම තුන්වන කොටස ලගට යන්න පුලුවන්. එතනින් තේ වත්තෙන්ම ඉහල ගියාම ගුරු පාරත් එක්ක හතර වෙන කොටස තියෙනවා. එතනින් ඉහලටනම් ගියේ නෑ. ඉහලත් ඇලි තියෙනවද දන් නෑ.










සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව