හරිතකන්දෙහි රැයක්

Spread the love

හරි ඔන්න ඒනම් ආපහු අලුත් නෝට් එකක් අරන් ආව 😁… ඔන්න එහෙනම් හරිතකන්දෙ රසකතා ටික අහන්න පටන් ගමු 😂😂… වෙනදා වගේම අපි ගමන පටන් ගත්තෙ නුවරට සෙට් වෙලා.. හේතුවක් දන්නෑ ගමනාන්තෙට යන්න කොච්චර ‍ලග පාරවල් තිබ්බත් මම යන හැම ගමනක්ම යන්නෙ නුවරට ගිහින් 😶… දැන්නම් ගෙවල් ලග ටව්න් එක අනුරාධපුර උනාට අනුරාධපුරට වැඩිය නුවර තමා ඇවිදලා තියෙන්නෙ 😂😂

ඉතින් අද අපෙ ප්ලෑන් එක හරිතකන්දෙ යන්න… අපෙ එක්කෙනෙක් කලින් දවසෙ කොලබ ඉදන් ඇවිල්ලා නුවර නැවතිලා හිටියෙ.. මේ ගමන ගියෙ අපි පෙරහැර සීසන් එකෙ… ඩයල් එක කෑම්ප් කරන්න බඩු ටිකත් අරගෙනමයි ඇවිත් තියෙන්නෙ… ඔන්න ඉතින් පොර නුවරට ඇවිත් නුවර ඇවිද ඇවිද ඉද්දි පොලීසියෙන් බෑග් එක චෙක් කරල… පෙරහැර නිසා චෙක්පොයින්ට් හැමතැනමනේ 🥲🥲… අම්මටසිරි ඉස්සර්ලම අහුවෙලා තියෙන්නෙ බෑග් එකෙ තිබිලා පිහියක් 😂… ඇයි ඉතින් ඩෑල් එක කෑම්ප් කරන්නනෙ ආවෙ 😂… ඊටපස්සෙ ලයිටරෙ 🤣… තව තව දේවල් අහුවෙලා… ඒව කියන්න අමාරුයි 😁… පිහිය අහු උන ගමන්ම ඉතින් ඩෙඩ් තමා… කෙලින්ම ඇරස් 🥲… පොර වැදලා වැදලා තමා සීන් එක කියලා බේරිලා තියෙන්නෙ… පලවෙනි ටොපිය ඔන්න ඔහොම ශේප් උනා.. පහුවදා උදේම ඔන්න අපිත් ගොඩබැස්ස නුවරට 😏… නුවර එකටම මගුල් සක්වලක්… උදේ ඉදන්ම මිනිස්සු පාරෙ ඉඩ අල්ලනව පෙරහැර බලන්න 😊… උදේම කීවට ඉතින් මම එද්දිනම් නවයට වගේ ඇති 😂… නුවරින් කොහොමහරි මගේ පේස්බුක් ‍යාලුවො පස්දෙනෙක් සෙට් කරන් ඔන්න ගමන යන්න පටන් ගත්ත… ඉස්සර්ලම අපි යන්න ඕනි හැටන් වලට… බෝගම්බර හෝල්ට් එකට ගිහින් නැග්ගා හැටන් බස් එකකට 👉👈… පැය තුනෙන් වගෙ බස් එක හැටන් වල 😁… හැටන් ඉදන් බොගවන්තලාව බස් එකක යන්න ඕනි… බොගවන්තලාවෙ බඩු පට්ට ගනන් 😒… කලින් සීන් එක දන්න නිසා හැටන් වලින්ම කෑම ටික ගත්ත අපි… අරන් තමා බොගවන්තලාවෙ බස් එකක නැග්ගෙ… බොගවන්තලාවට යන්නත් පැයක් වගේ යන්න ඇති… මට මීටර් නෑ හරියටම… බොගවන්තලාවෙන් බැහැලා තව පොඩි බස් එකක යන්න ඕනි කැඩිච්ච පාරක් දිගේ කිලෝමීටර් හතරක් පහක් වගේ…

මට කලින් කියන්න බැරි උනානෙ… හරිතකන්දට යන්න පැති දෙකක් තියනව… එක පැත්තක් තියනවා වාහන වලින්ම කෑම්ප් කරන තැනට යන්න පුලුවන් … තව පැත්තක් තියනවා හයික් එකක් කරලා කෑම්ප් කරන තැනට යන්න.. අපි ඉතින් සිලෙක්ට් කරගත්තෙ හයික් එක කරන එක… මොකද මටනම් මාසෙකට කදු පහ හයක් බඩගෑවෙ නැත්තන් රෑට නින්ද යන්නෑ කකුල් නලියනව ☺️… ආයෙ කතාවට එමු 😁… මේ පාරෙ වැඩ කරන්නෙ එක බස් එකයි… උදේට යනව හවසට එනව… එච්චරයි … සරලව කීවොත් ගොඩක්ම යන්නෙ මේකෙ ඉස්කෝලෙ ලමයි… උදේට ටෞන් එකට ගමේ ඉදන් අරන් යනවා… ආපහු ටෞන් එකෙ ඉන්න සෙට් එකක් දාගෙන ගමට ගිහින් ඉස්කෝලෙ ඇරෙන ටයිම් එකට එනව ඉස්කෝලෙ ලමයි ගන්න ටෞන් එකට… ඒ කීවෙ බොගවන්තලාවට…මග ඉන්න අයත් දාගෙනමයි එන්නෙ… මට තේරුන සීන් එක තමා ඔය. .. පයින් යන්න ආස අය ඉන්නවනම් යකාගෙ පඩිපෙලේ අද්දැකීමක් ගන්න පුලුවන් ඒ තරමට ඩැමේජ් ඒ පාර… කලින් අපිත් හිතන් හිටියෙ පයින් යන්න… පස්සෙ බස් එකේම ගියා… බස් එක ෆුල්… පොඩි පාංබාගෙ වගේ බස් එකක්… මම ෆුට්බෝඩ් එකෙ හිටියෙ… ඒකට ලොකුම හේතුව තමා බස් එක ඇතුලෙ හිටපු පොඩි උන් මට මාම කියල කතා කරෙ 😑… බස් එකෙන් පයින්න තරම් හැගීමක් ඇති වෙලා තමා ෆුට්බෝඩ් එකට බැස්සෙ 😒… ඔහොම යන ගමන් බස් එක නැවැත්තුවා ටෞන් එකෙ කඩයක් ලගින්.. මම ඉතින් ගමකට කන්න අරන් දෙන්න වගේ සට ගාල බස් එකෙන් බැහැලා කඩේකට ගිහින් වඩයක් පෙන්නලා ඇහුවා අයියෙ මේක කියද කියල.. ” මල්ලි පරිප්පු වඩේ 85 උලුදු වඩේ 95 ” කිව .. මට හික් ගෑව්නා 🥲.. මොකුත් නොවිච්ච ගානට ආපහු ඇවිල්ලා බස් එකට ගොඩ උනා 😂… ඔන්න ඉතින් හතර හමාර වගේ වෙද්දි අපි බස් එකෙන් එන්න ඕනි තැනට ඇවිත් ඉවරයි… දැන් තියෙන්නෙ හයික් එක 😀

නැ නැ හයික් එකට කලින් තව සුපිරිම සීන් එකක් උනා 🤣🤣… බස් එක නවත්තන්නෙ ඇලපාරක් ලගින්… බැහැලා නාන්න පුලුවන් තරම් ලොකු එකක්… අපේ ඩැනියා බස් එකෙන් බැහැපු ගමන් ඉතින් ගිහින් අම්මෝ පට්ට පිරිසිදු වතුර කියලා වතුර ලීටර් බාගයක් විතර බීවා ඕකට බැහැලා… අපේ තිලංක අයියත් අනේ සෝක් වතුර ටික කියල ඔන්න නාන්න ඕනි කියල බැස්ස… මමයි අනිත් ඩබලයි බත්පාර්සලෙ දිගෑරගත්ත… අම්මෝ තිලංක අයිය ඉතින් අපිටත් නාන්න එන්න කතා කරනවා සබනුත් තියනවා සෝක් වතුර ටික කියල… ඔහොම නනා ඉද්දි ඔතනින් ගියා එ ගමේ ඩෑල් එකක්… පොර කන්ෆියුස් වෙලා බලාන ඉන්නව දැන්… එකපාරම ” අයියෝ මල්ලි ඕවා නාන්න එපා මේ ඇලට තමා උඩහා අය ටොයිලට් යන්නෙ කීව ” ම්ම්ම් සෝක් වතුර ටික 🤣🤣… රෙදි නෑ ඉතින් දැන් 😂… කියපු පමා විතරයි අපේ ඩෑල් එක මිසින් 😂… නාපු එකා හොදයි කියමුකො… වතුර රසයි ගගා බීපු එකා 😂… මම ඉන් ඉදිරියට මොකුත් කියන්න යන්නෑ කතාව දික්ගැස්සෙනව 😂… ඔව් ඔව් අපිටත් $කෙනුත් හිනා 😂

ඕම ඕම ඔන්න පහට වගේ අපි හයික් එක පටන් ගත්ත… හයික් එකත් තියනව 2 km වගෙ… අපි මේ නගින්නෙ හරිතකන්දෙ ෆයිනස් ගස් පේලිය තියන පැත්තෙන් නෙමේ කන්ද තියන පැත්තෙන්… කන්ද පැත්තෙන් නැගලා තමා කන්ද හරහා කපොල්ල මැද්දෙ න් එන්න ඕනි ෆයිනස් තියන හරියට… මම කලින් දන්නෙත් නෑ ඉතින් ගියාට පස්සෙ තමා දැනගත්තෙ… යන්න තියන පාර වටයක්… කැලේ අස්සෙන් අපි පාරවල් හදාන ගියෙ 😂… ඔහොම ඔහොම ඉතින් යාන්තන් කලුවර වැටෙන්න කලින් ෆයිනස් පේලියට ලං උනා… අපි කන්ද හරියෙන් හිතුවා කන්ද උඩ කෑම්ප් කරන්න… පස්සෙ මීටර් උනා ටෙන්ට් වලට ගහන්න ඇන ගත්තෙ නෑනෙ කියල😂

තව එකක්… මේ දවස්වල ‍යනවනම් පරිස්සමෙන් .. අප්පටසිරිවෙන හුලගක් තියෙන්නෙ එහෙ… හැමපැත්තටම හුලං කැරකෙනව… ව්ලොග් එක බලන්නකො ඔයාලටම තේරෙයි හුලගෙ සැර… මට නූලක් බැදලා මම දෙපාරක් හයියෙන් උඩ පැන්නනම් අය ඉතින් පල්ලැහැට එන්නෑ උඩම තමා 😂… වැහිබර කාලගුනේ නිසා මේ ටිකේ කූඩැල්ලො වැහිවැහැලා… එකෙක් ගලවද්දී දහයක් එල්ලෙනව… මමනම් කන තරමක් කාපන් කියලා ඔහේ ඇවිදන් ගියා නවතින තැනට ගිහිල්ලම ගලවන්න හිතාන.. මොකද මගෙ ඇස්පිල්ලම්වල පවා කූඩැල්ලො කාල තියනව… දැන් නිකන් උන් නැතිව බැරි සීන් එකක් තියෙන්නෙ 😂😂… කූඩැලි සික් එක 😑..

ඔන්න පල්ලැහැ ඉදන් බලද්දී වටෙන් පාර තියෙන්නෙ ෆයිනස් පේලියට යන්න… මේක හරුයන්නැ තව රැ වෙනව කියල හිතන් ශෝට් කට් දාල කැලේ පසාරු කරන් ආවා කෙලිම් පාර හදන් කොහෙන් ආවද කියල මමවත් දන්නැ 😂… කෝමහරි පොට් එකට ආව 😀… ඇවිල්ල ඔන්න බඩු ටික බිමින් දාල කෑම්ප් කරන්න හොද තැනක් බලන්න වටයක් දැම්ම මායි සදීපයයි… අපි දැන් මේ ඉන්නෙ කන්ද පැත්‍තට වෙන්න… ඒ කියන්නෙ ෆයිනස් පේලියෙ අග… අග පොට් එක සෙට් නෑ කෑම්ප් කරන්න… ගියා දෙවෙනි පොට් එකට… පේලිය දිගේම ඇවිදන් යන්න තියෙන්නෙ… අම්මටසිරි මෙතන සෙට්… බඩු ටික බිමින් තියලා ගැහුවා ටෙන්ට් දෙක.. ටෙන්ට් ගහල ඉවර වෙනකල්ම කූඩැල්ලො එල්ලෙනව… ගහන්න අමාරුයි ටෙන්ට් එකට හුලන් බදනව… එත් ගහලා ඇතුලෙන් බැග් ටික දැම්ම… දාල ඩබලක් ඇරියා දර හොයන් වරෙව් කියල 😂

මුන් දෙන්න ගියා දැන් ඊලග කෑම්පින් පොට් එකට යනකල්… ඕන් හූ කියනව ඇහෙනව… බලද්දී අපි ටෙන්ට් ගහපු තැනට වඩා එතන හොදයි උස්සන් එන්නලු… හා යමන්කො කියලා ගහල තියෙන ටෙන්ට් ටික එහෙම්මම උස්සන් ගියා ඊලග තැනට. . හරි ආයෙ එතන අස් කරල ඔන්න එතන පදිංට්වෙන්න හැදුව… ඩබල ගියා ඊලට පොට් එකටත් දර හොයන්න.. ආයෙ කෑගහනවා ඇහෙනව… ” අඩො මෙතන මරු බං වරෙන්කො මෙතෙන්ඩත් කියනව ” දැන්නම් පොඩ්ඩක් ටිපර් උනා අපි.. 🥲🥲.. හා ඒකත් කමක් නෑ කියලා ආයෙ ටෙන්ට් උස්සන් ඊලග තැනටත් ගියා ඕක අටවන්න… එතෙන්ඩ ගියාට පස්ස්‍ර් ඊලග පොට් එකටත් යමන්ලු බේසිකයො දෙන්න… ටෙන්‍ට් එක දමලා ගහන්න හිතුනා එවෙලෙනම් 😂

කෝමහරි ඔන්න එතන අටවගත්ත… ඒ කියන්නෙ අපි දැන් ඉන්නෙ මැද හරියෙ ෆයිනස් පේලියෙ.. එතන තමා හොදම පල්ලැහැ කෑම්ප් කරන්න…කට්ටියක් ගිනිමැලේ ගැහුවා මම ඉතින් ඉව්ව 🥲… හුලං සැර වැඩි… පැයට කිලෝමීටර් එකසියගානෙන් යන්නෙ… එලියෙ ගෑස් එක ගහන්න බෑ ලිපත් එක්ක හුලගෙ යනව 🤣…ටෙන්‍ට් එක ඇතුලෙම තමා ඉතින් ඉව්වෙ… උයලා කාල ඉතින් පාන්දර වෙනකල් ඕමි ගැහුවා අපි… එක ටෙන්‍ට් එකක් ඇතුලට වෙලා… පාන්දර එකට වගේ තමා නිදාගන්න හැදුවෙ… වැස්ස නැ හුලං විතරයි … ඒ නිසා ආතල් විතරයි කට්ට නැ… වැස්සත් ඉතින් අදාලම නැ ඔක්කොටෝම රෙඩිපිට රේන්කවර්ස් උස්සන් ආවෙ… මේපාර මම ආවෙ ගංවතුරක් මැද්දෙ උනත් ටෙන්ට් එක ගහන්න බලාන… මාව විස්වාස කරලා ගමන ආපු උන්ට පැලෙන්න ආදරෙයි… කෝමහරි තුන තුන ටෙන්ට් දෙකට බෙදුනා ඔන්න පාන්දර 😂… පාන්දර දෙකට වගේ අල්ලපු ටෙන්‍ට් එකෙ අසල්වැසියන් කෑගහනව ඇහෙනව… පොඩ්ඩක් බලද්දී ඩෑල් එකක් ටෙන්ට් එකෙ ශිපර් දෙක ඇරලා ඔලුව එක පැත්තකින් එලියෙ අනිත් පැත්තෙන් කකුල් දෙක එලියෙ දාන් බුදි… හුලං සැරයිනෙ ඒ නිසා සීතල වැඩි 😂… අනිත් උන් දෙන්නා කෑ ගහනවා වහපන් ගගා 😂… ඒ මදිවට උම්ගෙ ටෙන්ට් එක උඩ කපුටො සෙට් එකක් වහලා උනුත් ආතල් දෙනව මුන්‍ට 😂… අපේ එකෙ හිටපු උන්නම් ඉතින් වැටුන ගමන් ඩෞන් 😕… ඔන්න්න නිදාන ඇහැරුනා පාන්දර පහට…

ටෙන්ට් එකෙ ශිපර් එක ඇරියා… වැඩක් නෑ . වැහිවලාකුලු වලින් අහස වැහිල…. පට්ට ඖල් හිතට. මොකද සන්‍ රයිස් එක බලන්න වෙන්නෑ… මොනා කරන්නද ඉතින්… ආයෙ බුදියගත්ත… ආයෙ ටික්කින් නැගිට්ටා… අනිත් උන්ටත් ඇහැරෙව්ව… ඇහැරලා ඔක්කොම කරද්දී ඔන්න ලාවට එලිය වැටෙනව…දැන් ශේප්… ඒත් වැඩක් නෑ… උදෙන්ම අපිට ඕනෙ උනේ මුලු වටේම ඇවිදින්න… ඉතින් ඇවිද්ද 😂😎… හරිතකන්ද සයිඩ් එකේ හැම තැනම අඩිය ගහල තමා ආවෙ… ඔන්න ඉතින් සත්තුන්ගෙ අඩිපාරවලුත් හම්බුනා… කකුල් හතරෙ… දිවියෙක් , කොටියෙක් වෙන්න ඕනි… මොකෙක් හරි කමක් නැ… උදේම ඉතින් ගෙනල්ල තිබ්බ නූඩ්ලස් ටිකයි සොසේජස් ටිකයි හදලා බඩට දාගත්ත… කූඩැල්ලො හිටියනම් උම්ගෙන් බාබකිව් එකක් දාන්න බැලුවෙ අපෙ උන්ට කවන්න… හරියන්නෑ හිටියෙ නෑ එවෙලෙ 😂… ඒකත් කාල ටික්කින් අපි ගෙනාව ප්‍රෙස් මිල්ක් එකත් උනුකරලා බීව .. හැබැයි සීන් නෑ ගන්න අමතක උනා 🥲🥲කව්දෝ එකෙක්නම් මුට්ටියට කට තියලා තමා බීවෙ 😒… ඌ තමා ඉස්සර්ලම ලැට් එක හොයන් දිව්වෙ සරීර කෘත්‍ය කරන්න 😂

ඔන්න මෙතන තියන චාන්ස් එක තමා එනවනම් මෙහෙ ටොයිලට් පහසුකම් තියනව.. පල්ලැහැ ඇලපාරෙන් වතුර බකට් එකක් ගත්තා පොට් එකට දිව්ව… හරි සරලයි… ඒකත් ඉවර වෙලා ඔන්න අපි අපෙ ටාගට් ප්ලේස් එකට යන්න පටන් ගත්ත… ඒ කියන්නෙ හරිතකන්දෙ උඩම පීක් එකට… ලගයි වගේ පෙනුනට පට්ට දුරයි… අපි ඉතින් ඔන්න පලවෙනි පීක් එකට ගොඩ උනා… බැග් ටිකත් උස්සන්මයි ආවෙ. . මෙතන්ඩ සිග්නල් තියනව… අපි කෑම්ප් කරපු තැනට කනෙක්ශන් නැ… මොකද එතන කදු වලින් වටවෙලා පහලට වෙන්න තියෙන්නෙ. . මම එතන ඉඩන් ලයිව් එන්න හිතන් හිටියෙ… හරිගියෙනෑ ඉතින් 😁

ඔන්න ඉතින් ටික වෙලාවක් පලවෙනි පීක් එකෙ ඉදලා උඩම තැනට යන්න පටන් ගත්ත… අම්මටසිරි මට ඕනෙම දෙ කියන්න බැරි උනා… අපි උදේ නැගිටලා ටෙන්ට් අකුලද්දි ආව වයසක මාම කෙනෙක්… මාම නෙමේ සීයා කීවොත් තමා සාදාරන … අපි ටෙන්ට් අකුලලා දැන් අස් කරනව… මෙයත් අපිත් එක්ක අස් කරනව… අපි නිකමට මෙයා එක්ක කතා කරා… අපිත් මිනිස්සු නෙ ඉතින්… කියපු කතා වලටනම් ඇත්තටම දුක හිතුනා… පට්ට දුප්පත් මිනිස්සු එයාල… ඒ පැත්තෙ ඉන්න් ගොඩක් අය එහෙම… එයාලට මෙ දවස්වල පඩි හම්බෙන්නෙත් නැහැලු.. අනෙ මන්දා එයාල කොහොම කාල බීලා ඉන්නවද කියල… මොන පිස්සුද … එයා දිහා දැක්කහම කීවැහැකි හෙන කාලෙකින් මොකුත් කාල නැ හරියට කියල… වයස හැටගානක්… ඔයාල ගොඩක් අය හිතනවා ඇති නාඩිකාරයෙක්ට අපි අහු උනා කියල… එහෙම නැ ඉතින් මටනම් හිතෙන විදිහට … අනෙ මන්දා … මම තාමත් විස්වාස කරනවා ඒක එහෙම නෙමේ කියල… මොකද පොර අපෙන් සතයක්වත් ඉල්ලුවෙ නැ… පොර ආවෙ අස් කරන්න විතරයි .. හැඩි වෙන්න දෙන්න හොද නෑ කියල.. ඊට පස්සෙ අපෙ ඩැනි පර්ස් එකෙන් රුපියල් සීයක් ඇදලා අරන් එයා පැත්තට දික් කරා… මෙයා එකපාරම ඩැනීට වැන්දා පින් දිගෙන…. ඩැනී වදින්න දුන්නෑ අල්ලගත්ත… මේක තමා දුක්බරම තැන .. අපි ඔක්කොගේම ඇස් වලට කදුලක් ආව… මෙච්චර තැන්වල ඇවිද්දා අපිට හම්බුනේ අපෙන් කඩන්න බලන් හිටපු උන් විතරයි … මෙයා වෙනස් කෙනෙක්… මේ වගෙ අය තව කීයක් ලංකාවෙ ඇත්ද… කන්න බොන්න නැතුව .. මටනම් මේක ටයිප් කරද්දිත් මොකදෝ වගෙ… ඩැනීගෙ හිතනම් හොදටම උනු උනා සීන් එකට… මම හිතන්නෙ පොරටත් ඇඩුනා පොරට වඩා පට්ට වැඩිමල් පොරක් පොරට වදින්න හදද්දි… ඒ මනුස්සයා එතන හැසිරුනේ ජීවිතේට ඒ මනුස්සයා අතට හම්බුන පලවෙනි සීයෙ කොලේ වගෙ… ගෙදර අයට කන්න දෙන්න සල්ලි ටිකක් හම්බුනාම කොච්චර සතුටක් දැනෙන්න ඇත්ද ඒ හිතට 😊. ඒ මූනෙ තිබ්බ සතුට කියල නිම කරන්න අමාරුයි … අපි පුලුවන් විදිහට එයාට කරන්න පුලුවන් උපරිමෙන්ම උදව් කරා… යන්න හදලා ආයෙ ඩැනිට වදින්න හැදුවා කරපු උදව්වට… මට හොදටම ශුවර් අපි සල්ලි දෙන්න ගියෙ නැත්ත එයා ඉල්ලන්නෙත් නෑ අපෙන්… මොකුත් නොව්න ගානට එයා එතනින් යනවා… මොකද යන්න හදපු කෙනාට තමා අපි කතා කරෙ 💔 සමහරක් විට මෙයා මෙතෙන්ඩ එන හැමකෙනාටම ඔම කරනවා වෙන්නත් පුලුවන් … ඒත් වැඩක් නැ… අපි දෙයක් දුන්නෙ අපෙ හොද හිතින්නෙ… මොනා උනත් ඉතින් ඒක අපිට තියෙයිනෙ… ඒ නිසා මේක ගැන එක්ස්පර්ට්ලා හෑලි ලියන්න එපා 😂

ආයෙ එමු පලවෙනි පීක් එකට… පලවෙනි පීක් එකෙන් බෑග් ටික තියල යන්න තමා අපි කතා උනෙ… මොකද කෙලින්ම උඩට යන්න තියෙන්නෙ ගල දිගෙ. .. අඩියක් ලෙස්සුවොත් පහලින් අහුලගන්න පුලුවන් ඖලකුත් නැ… අපි ඔන්න පලවෙනි පීක් එකෙ බෑග් තියලා උඩම පීක් එක බලා පිටත් උනා… මම ඉස්සරහින් අනිත් සෙට් එක පේලියට පිටිපස්සෙන්… හුලං ගහනවා එකපාරටම… අල්ලගන්නවත් එකක් නෑ… හුලගට යන්නමයි දගලන්නෙ… හිමින් හෙමින් ඔන්න මමනම් හෙන ගේමක් දීලා උඩට ආවා… මම දැන් ඉන්නෙ උඩම පීක් එකෙ… අනිත් කෞරුත් ආවෙ නෑ එයාල මැද්දෙන් පොඩ්ඩක් ඩෞන්… හුලන් සැර එක්ක එන්න අමාරුයි 😕… මම හිටන් හිටියෙ ගල අයිනට වෙන්න… එකපාරම හුලං පාරක් ආවා ඇවිල්ලා කන්දේ වැදිලා කැපුනා හුලන් පාර… හෙන සද්දයක් එක්කම … හැරව්නේ මගෙ පැත්තට… හුලං පාර මගෙ ඇගේ වැදිලා මාව විසික් උනා… මේ සීන් එක වෙන්න ඕන්නම් තප්ප්පර දෙකකටත් වඩා අඩු කාලයක් යන්න ඇති… මගෙ මොකක්ද වාසනාවකට මම විසික් උනේ හෙල පැත්තට නෙමෙ අනිත් පැත්තට… පොඩ්ඩක් දෙපැත්ත මාරු උනානම් ඔයාලට අද මේ නෝට් එක කියවන්න වෙන්නෙ නැ 😕…ඔන්න එතනින් පස්සෙනම් මාත් සෑහෙන්න ඩිම් උනා… එවෙලෙම මම බිම බුදියගත්ත… අල්ලගන්න අඩුම තනකොලපදුරක්වත් නෑ… තනි ගලක් උඩ මේ ඉන්නෙ… ඕනෙ ලබ්බක් කියලා ඔන්න ආව මම ලයිව් එකක්. එතකොටම මගෙ තනියට අපෙ උනුත් ආව… වාසනාව උනුත් ආවෙ බිම බඩගාගෙන… ඔක්කොම ආවට පස්සෙ ඖලක් නෑ ඔක්කොම් නැගිට්ටා එතකොට හිත හයියයිනෙ 😁… ඊට පස්සෙ ඉතින් තව චුට්ටක් උඩට යන්න පුලුවන් කම තිබ්බ… අවසානෙට… මෙතෙන්ඩම ඇවිත් ඔතෙන්ඩ ගියෙ නැත්තන් වැඩක් නෑනෙ කියල හිතල ඒ ටිකත් ඇද්දා ඉතින් අපි සෙට් එක… ඖලක් නෑ කෙලින් ඉතින් අපි… අප්පටසිරි වෙන හුලගක් ඇල්ලුවෙ එවෙලෙනම්… හුලංපාරට මීදුම ගහන් යනවා බලාන ඉන්න ලස්සනයි… මීදුම්පාර කන්දෙ හැප්පිලා අනිත් පැත්තට විසික්වෙලා එකතැන කැරකෙනවා සුලියක් වගෙ…බලාන ඉන්න වටිනව ඒකනම්… ඒක මහ අමුතු අද්දැකීමක්… කන්දට ටට බායි කියලා ආයෙ පල්ලැහැට එන්න අපි පටන් ගත්ත…මොකද බස් තියෙන්නෙ දෙකට… ඒක නැති උනොත් අය බස් නෑ බොගවන්තලාවට…

පල්ලම්බහිද්දිනම් අපේ ඩැනී එකපාරක් බල්ටියක් ගැහුවා… පොර පිටිපස්සෙ න් ආවෙ.. ඒ නිසා අව්ලක් නෑ අපි අල්ලගත්ත… පොර ඉස්සරහින් ගියානම් අද අපි ඉන්නෙ උගෙ හත්දවසෙ දානෙ 😂… පිස්සු කෙල කෙල ඔන්න අපි කන්ද බැස්ස…දැන් අපි කෙලින්ම නුවරට යන්නෙ ඉතින් වෙනදා වගේම අසංක අයියලාගෙ ගෙදර ගිහින් එයාලටයි අක්කටයි වදයක් වෙන්න…මම නුවර ගියොත් අනිවාරෙන්ම එයාලගෙ ගෙදර රැයක් ඉදලම තමා යන්නෙ…මාත් එක්ක දහයක් ගියත් ඒ දහ දෙනාටම නවාතැන් දෙනවා එයාල… කෑම බීම ඔක්කොම එක්ක… මගෙන් සතයක්වත් අරන් නෑ අද වෙනකල් 👉👈..ඒවගේ මිනිස්සු අද හරි අඩුයි…පට්ටටම දෙන්නෙක් මම දැකපු 😊…අදුරගන්න ආසයිනම් Fb බලන්න denna ekka කියලා පේජ් එකක් තියනව 😁… එයාලත් ට්‍රැවල් කපල් එකක්…

ඔන්න අපි කන්ද බැහැලා ආව බොගවන්තලාවෙ බස් එකෙ ගොඩවෙලා බොගවන්තලාවට… එතනින් බස් එක බොගවන්තලාවට එනකල් හිස්… බොගවන්තලාවෙම් ආයෙ ගමට එද්දි තමා ලෝඩ් කරන්නෙ… කෝමහරි ඉතින් අපි හැටන් වලට ඇවිත් දවල්ට කාල රැ අට වගේ වෙද්දි නුවර … අප්පට ඔන්න ආයෙ නුවරින් චෙක් කරනව… පෙරහැරනේ… මෙපාර ඖලක් නෑ අපි ඔක්කොමහිටියනෙ… චෙක් කරන්න කලින් සීන් එක කියල බඩු ටික පෙන්නුව.. ඊට පස්සෙ ඖලක් නැ… දැන් තියෙන්නෙ අසංක අයියලාගෙ ගෙදර යන්න… නුවර ඉදන් පයින් යන දුර… එවෙලෙ අසංක අයිය අපිට වීල් දෙකක් කතා කරල දෙන්න හැදුවෙ… අපි ඉතින් පයින් එන්නම් කීවා ඩැනියට නුවර පෙන්නන්න ඕනි නිසා…පොර ගම්පහ 🥲.. ඔන්න ආව පෙරහැර බලන්න… බලන්න බෑ අම්මෝ සෙනග 🥲🥲… සෙකන්ඩ් වෙන්නෑ ඉතින්මාත් .. ගෝප්‍රො එක ස්ටික් එකට ගහලා ඉස්සුවා ගැම්මට ගෙදර ගිහිල්ලා හරි බලන්න 😂… කට්ටිය පෙරහැර දිහා නෙමෙ දැන් බලන්නෙ මගෙ දිහා 🤣🤣… ඇයි අච්චර සෙනග මැද්දෙ අඩි හයක් දිග ස්ටික් එක උස්සන් අහට්ට මෙහාට්ට පාර දිගේම ඇවිදිනවනෙ 😂😂.. හරි හරි ඒ කතා ඕන්නෑ ඒව කියන්න ගියොට් වෙන්නෙ මම චාටර් වෙන එක 😑… අපි නුවරත් වටයක්දාල ඔන්නා ආව අසංක අයියලාගෙ ගෙදර 😁😁.. ඇවිල්ල වොශ් එකක් එහෙම දාල හැමදාම වගේ ගමනෙ රස කතා කතාවෙවී පාන්දර දෙක වෙනකල් ඕමි ගැහුව වෙනදා වගේම 😂

ඒක දැන් පුරුද්දට ගිහින්… මම කොහෙහරි යනවනම් ගමන ඉවර වෙලා එ සෙට් එක එක්කන් අසංක අයියලාගෙ ගෙදර අනිවාරෙන් යනව… මාසෙකට කොහොමත් සෙට් දෙක තුනක් එහෙ ඇදගෙන යනවමයි 😂😁…ගිහිල්ලා එහෙත් නයිට් එකක් ඇදලා තමා එන්නෙ… එකත් ට්‍රිප් එකේම කොටසක් 😂… එහෙනම් ඉතින් ඔන්න ඒකත් ඉවර වෙලා අපි ගෙදර ආව… හරිතකන්දෙ කෞරුහරි යනවනම් මොනාහරි දැනගන්න තියනවනම් ඕනෙ වෙලාවක මට කෝල් එකක් දාන්න 😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *