හන්තානේ රැයක්

Spread the love

2021 ඖරුද්දෙ 😝

මෙහෙමයි කතාව 😌

පුරුදු විදිහට ගමන අනුරාධපුරෙන් පටන් ගත්තෙ… හැබැයි හැමදාම වගේ අපිට යන්න තැනක් ගැන අදහසක් නෑ… නුවරට ගිහින් එහෙන් කොහාට හරි යනවා කියන එක විතරයි ඔලුවෙ තියෙන්නෙ හැමදාම 😊… මේපාර අපි පිටත් උනෙ බයික් වලින් 🥲… කොල්ලො හයදෙනෙක් 🤩… එක්කෙනෙක් ගෙදරට කියලා ආවෙ දඹුල්ලෙ ගිහින් එන්නම් කියල 😂.. ඒත් අපි යන දවස් ගානවත් තීරනෙ කරල තිබ්බෙ නැ…

අපි ගමන මෙහෙන් උදෙ හයට වගෙ පටන් ගත්තා… පැය දෙකක් දෙක හමාරක් වගෙ යද්දි නුවරට ආව අපි 🙃… පේරාදෙනිය පැත්තෙ අපි අදුරන අයිය කෙනෙක් හිටියා… පොරට කෝල් එකක් දාල ඇහුවා කොහෙද යන්න පුලුවන් කියලා 😌… එයා කීවා මල්ලි කටුසුකොන්දෙ යමු කියලා 🥴… අපිත් ඉතින් හා තමා 😂… එයා ආවා අපිව එක්ක යන්න නුවරට 😁.. ඊට පස්සෙ ඔන්න කටුසුකොන්ද ගමන පටන් ගත්තා 😏… ඒත් අපි නැවතුනේ කටුසුකොන්දෙ නෙමෙ 😂… ආ මට කියන්න අමතක උනා මේ ගමන ගිහින් දැන් ඖරුද්දක් වගේ වෙනවා 🥺

අපි ගියෙ පේරාදෙනිය කැම්පස් එක පාරෙ… යන කටුසුකොන්දට යන අතරමග අපිට තුම්මන් හන්දියක් හම්බුනා… ඒකෙන් වම්පැත්තට දැම්මොත් කටුසුකොන්ද … කෙලිම්ම ගියොත් යාල කැන්ඩි පාක් කියලා පොට් එකක්… එහෙ වතුර නෑලු කෑම්ප් කරන්න… දිවියො ගෝන්නු ඒම ඉන්නවලු 🥴… අපි වතුර තියන නිසා කටුසුකොන්දෙ යන්න තීරනේ කරා… ෆයිනස් ගස් පාරකින් යද්දි මාරම ෆයිනස් ලි සුවදක් ආවා… බලද්දී ෆයිනස් ගස් කපනවා ඒ පාරෙ 🥲… දුක හිතුනා ඒ වැඩේටනම් 🤷‍♂️

කමක් නැ කියලා අපි අපෙ ගමන යන්න පිටත් උනා… බයික් වල යන්න පුලුවන් ගමන ඉවරයි දැන්… ඉතුරු ටික පයින් අදින්න ඕනි… අපි බයික් හෙවනක දාල ගමන යන්න ගත්ත… මේ ගමන අපි ගියේ නිරෝදායන ඇදිරිනීති කාලෙ… ඒ තරමටම ඉත්තෑවොනේ 😂.. පාරවල් හොයන්න බැ කැලෙ වැහිලා… ඒත් අර කලින් කියපු පේරාදෙනියෙ අයියට පාර හුරුයි…පොර කෝමහරි අපිව කටුසුකොන්ද පේන මානෙටම කැලේ අස්සෙන් එක්කන් ගියා.. මරු වීව් එක.. දැන් තියෙන්නෙ කටුසුකොන්ද තරනය… කියන්න දුකයි දැන් කතාව 🥲… කොහෙදෝ නැති පොද වැස්සක් පටන් ගත්තා.. පාර හොයන්න බැ මීදුමෙන් වැහිලා 🥴… අපි ඉන්න තැන ඉදන් මීටර් දහයක් දුරින් තියෙන්නෙ මොනාද කියලා පේන්නෑ… වලාකුලක් අස්සෙ රින්ගන් ඉන්නවා වගෙ හරියට… කෝම කෝම හරි ඕම ගිහින් කොහෙදෝ අතරමන් උනා 😁… ඒත් කටුසුකොන්ද ලගමයි… ඒක පේනවා නැති වෙනවා… මීදුම නිසා.. කටුසුකොන්ද කියන්නෙ ඇත්තටම ඩේන්ජරස් පොට් එකක්… මෙහෙම ඒකෙ නැග්ගොත් බඩගාන්න තමා වෙන්නෙ කියන එක අපි ඔක්කොටෝම තේරුනා.. කටුසුකොන්ද ගමන එතනින් කැන්සල් 🥴… දැන් තමා හොදම ටික 😂

කලින් යන්න බැ කියල හැරුන තැන… වතුර නැති දිවියො ගෝන්නු ඉන්න තැන 🙂… ඔතන තමා ඉතුරු කෑම්ප් කරන්න 🥲… වෙන ලබ්බක් වෙච්චාවෙ කියලා කටුසුකොන්දට ටටා බායි කියලා අපි හන්තානෙ එ පොට් එක බලා පිටත් උනා 😚😎

කෝමහරි මගක් යද්දි තෙරුනා කටුසුකොන්දට වඩා ආතල් මරු කියල 😏.. ෆයිනස් ගස් අස්සෙන් මීදුම මැද්දෙන් බයික්කෙ යද්දි තියන ෆීලිං එක කියාගන්න බැ… පාර පුරාවට ෆයිනස් ගෙඩි වැටිලා.. බයික්කෙ යද්දි ගැස්සෙනවා බයික් එක… ගෙදර ගිහින් ඉස්සර්ලම කරෙ බයික් එක ගැරජ් එකට අරන් ගිහින් කප් සෙට් එක තද කරපු එක 😂

කෝමහරි අපි යාල කැන්ඩි පාක් එකෙ උඩටම ආව… දිවියො ඉන්නව කියන කතාව ඇත්ත… ඒ පාරෙ යන්න පුලුවන් බයික් වලට විතරයි … මොකද ලග ලග වංගු නවන්න තියෙන්නෙ.. ඒ සමහර වංගු වල බයික් එකෙ යන්නෙත් අමාරුවෙන්… නැත්තන් පයින් තමා .. කිලෝමීටර් තුනක් වගෙ උඩට කන්ද වටෙ කැරකි කැරකි යන්න ඕනි 🙃

අපි දැන් ඉන්නේ උඩ… අම්මෝ ක්ලයිමේට් එක විනාඩි පහෙන් පහට වෙනස් වෙනවා… ඉර එලියක් පේනතෙක් මානේ නෑ… පොඩි බයකුත් තියනවා සත්තු නිසා 😁… කමක් නැ කියලා හිටියා… කූඩැල්ලො විමානෙ 🥴… අපි ටෙන්ට් එක ගහගත්තා… ටෙන්ට් එකෙ ඉන්න පුලුවන් හයයි… අපෙ මගින් සෙට් උන අයියයි හතයි… අපි ඒ ප්‍රශ්නෙ වැඩිය ගනන් ගත්තෙ නැ 😌… රෑට ලයින් එකක් ගහමු කියලා විතරයි කතා උනෙ 😂… දැන් දර හොයන්න පටන් ගත්ත… දර නැ 🥴… අකුනු ගහලා කඩාවැටුනු ලොකූ ෆයිනස් කොට තිබ්බා… කරන්න දෙයක් නැ එහෙ ඒවා තමා තියෙන්නෙ… හැබැයි දිවියො ගෝන්නු වගෙ සත්තු ගින්දර ලගට එන්නෙත් නැති නිසා අපිට හිතුනා ලොකුවට ගිනිමැලේ ගහන එක අපිටත් හොදයි කියලා… ලොකුවට පෙනුනට බර නෑ ඒවා… ඒත් තෙතයි.. ෆයිනස් ගස් වල තියන තෙල් නිසා ඕනෙ සීතලක ඇවිලෙනවා කියලා අපි කලින්ම දැනන් හිටියෙ 😎… ගිනිමැලේ ගැහුවා අපි… ලොකු කොට දෙක තුනක් නිසා ඔයාලට හිතෙයි ඒක නිකන් ගිනිගොඩක් ගහලා ගස් පුච්චනවා වගේ කියලත් 😂… ඒත් එ වෙලාවෙ එතන ඔයාල හිටියනම් ඔයාල ගන්නෙත් එ ක්‍රියාමාර්ගෙ තමා.. දර පල පල ගිනිමැල ගහන්න තරම් පුලුවන් කමන් නැ එතනන…අනික අපි ඉන්න සත්තු ඉන්න කැලයක් මැද්දෙ… එලිවෙනකල් ගිනිමැලේ ඇවිලෙන්නත් ඕනි 😊

ගිනිමැලේ කතන්දරෙ දැන් ඉවරයි 😁… අපෙ අර දබුල්ලෙ යනවා කියලා ආව පොරට ගෙදරින් කෝල් එකක් ආවා 😂… ” හෙලො පුතේ ඔයා කොහෙද ඉන්නෙ ? ” … අරූට එකපාරටම කිය උනා ” අම්මෙ මම හන්තානෙ කන්ද මුදුනේ ඉන්නේ ” කියලා… ” හා පුතෙ පරිස්සමෙන් ගෙදර එන්න ඔයා ඔය යන අන්තිම ගමන නිසා හොදට විනෝද වෙලා එන්න ” කීවා 😂.. පොර ඩිම් 😁… ඇත්තටම ඒක තමා පොර එදා ඉදන් අද වෙනකල් අපිත් එක්ක යන්න ආව අවසාන ගමන… අය යන්න හම්බුනෙ නෑ තාමත් 🥲

අපි ගෙදරින් ගෙනාව බඩ ඉරිගු තිබ්බා… ඒව පුච්චලා හවසට කන්න ගත්තා… ඒ ගමන්ම රොටී හදන්න පිටි අනන්න පටන් ගත්ත මායි තව එක්කෙනෙකුයි 🥴… එතකොට හවස හයට වගෙ ඇති.. මීදුම නිසා ගිනිමැලේ ලොකුවට ඇවිලෙන්නෑ… ඒත් ශේප්.. වටේම එලියයි… එ රස්නෙ නිසා කූඩැල්ලො එන්නෑ ලගට… සත්තුන්ගෙ සද්ද ඇහෙනවා ඈතින් 🥴… බොක්ක දාල යනවා ඉතින් එවෙලෙට ☹️… අපි කතා උනා රැ මුරේටත් ඇහැරන් ඉන්න වෙයි වගෙ කියලා… බයේබෑනෙ මොනා උනත් 🥴… දෙන්නෙක් ගිනිමැලේ නිවෙන්න නොදී බලාගත්තා… එක්කෙනෙක් ආපු වෙලේ ඉදන් සුදාම්මි හුරතල් කරනව 🥲… අනිත් කෙනාගෙ යට ඇදුම අස්සට කූඩැල්ලො රිංගලා පොර ඒව අයින් කරනව 😂

ඕම ඕම කොහොම හරි රැ උනා 🙃… නිස්කලංකයි පරිසරය… අප්පටසිරි වෙන සීතලක් තිබුනෙ… එ මදිවට සත්තුන්ගෙ සද්ද 😂… කොයිවෙලේ ෆයිනස් ගහක් උඩට බඩගාන්න වෙයිද කියන බයෙන් හිටියෙ අපි ඔක්කොම 😂😂… රෑට කන්න හදාගත්තෙ අපි රොටී… රොටී කන ගමන් සින්දුවක් කියන්න අමතක කරෙ නැ අපි ගිනිමැලේ වටේට සෙට් වෙලා 😍.. ඒක අමුතුම ආතල් එකක් 😙😎

ඕම සින්දු කියලා නට නට ඉද්දි අර අපිට මගින් සෙට් උන අයියට කෝල් එකක් එනවා … ” මචන් කොහෙද ඉන්නෙ පොඩි කේස් එකක් ” බලද්දී පොරව ගෙදරින් පන්නල ගෙදර එක්ක වලියක් දාන්😂… කරන්න දෙයක් නැ පොරටත් එන්න කියන්න කීවා අපි… මොනා උනත් කොල්ලොනෙ… ටෙන්‍ට් එකෙ ඉන්න පුලුවන් හයයි… දැන් අටක් ඉන්නව 😂… දැන් රැ දහයට වගෙ ඇති 😌… අර කියපු කෙනත් ආවා… අපි අපේ ආතල් එක ගත්තා සින්දුවක් කියලා… එ අතරින් පතරින් සත්තු එහා මෙහා යන සද්දත් ඇහෙනවා හැබැයි 😂… අපි ඇහුන්නැ වගෙ හිටිය 🥴

දැන් කෝමහරි පාන්දර එක වගේ උනා… ගිනිමැලේ ට විඩෙන් විඩේ අපි කැලේට ගිහින් දර ගෙනත් දාන නිසා ඒක ශේප් එකෙ ඇවිලිල තිබුනා 😌… දර ගේන්න යද්දිත් සෙට් එකම ගියා මොකද කෙලෞනොත් සෙට් එකටමනේ කියලා 😁… දැන් ප්‍රශ්නෙ නිදාගන්න එක 😂… ඒක කෝමටවත් කරන්න බැරි වැඩක්… එක්කෙනෙක් තාම මලේ 🥲… අපිට මගින් සෙට් උන අයියලාගෙ ගෙවල් තිබුනෙ හන්තානෙමයි… දෙන්නෙක් එහෙ යන්න තීරනෙ කරා.. අර ගෙදර කේස් එක නිසා ආපු පොරත් එහෙම්මම ගියා 🙃… දැන් තුන්දෙනෙක් අඩු උනා… මීදුම එවෙලෙත් අම්බානෙට 😂 . ගිනිමැලේ ලාවට ඇවිලෙනව… අපිටත් නිදිමතයි… විඩෙන් විඩේ වටේට ටෝච් ගගහා බලනවා මොනා උනත් අපි 😌.. ඕනෙ මගුලක් කියලා අපි පස් දෙනා පාන්දර දෙකට වගෙ නිදාගත්තා… හැබැයි ආයෙ හතරට හතර හමාරට වගෙ ඇහැරුනා උදේ වීව් එක බලන්න… කලුවරයි තාම… ටිකක් වෙලා ඉද්දි ලාවට එලිය වැටුනා… ඉන්න බැ සීතරයි… කමක් නැ කියලා ආව මායි තව කෙනෙකුයි එලියට… මරු වීව් එක.. ටෙන්ට් එකයි බයික් ටිකයි සවිස් වෙලා සුපිරියටම … අර රැ ගියපු ඩෑල් දෙකත් උදෙ ආවා හයට වගේ ආපහු … අපි උදෙට කන්න හැදුවෙ නූඩ්ලස් 😁

මීදුම අම්බානෙට… මරු වීව් එක… ලොකු එලියක් නැ… උදෙ හතටත් තිබුනේ අදුරු ගතියක්… අපි හදාගත්තු නූඩ්ලස් එක කාල වතුර එකක් උනුවෙන්න තියලා ගියා ඇවිදින්න සිරිනරබන්න උදේ 👀🥴… ඉර පේනමානේ නෑ… මීදුම විතරයි තියෙන්නෙ 😂… එක කූඩැල්ලෙක් අයින් කරද්දී දහයක් එල්ලෙනව 🥲.. මොනා උනත් පට්ටම ලස්සනයි… එන්න හිතෙන්නැ එතන දාල 😂.. අපි හිතුවෙ රෑම අපිට බබා පාත් වෙයි කියලා මොනා උනත් 😂..

අපි ආපහු ටෙන්ට් එක ලගට ගිහින් තෙ එකක් හදාගත්ත… තෙ එක හදල ඉවර උනාට පස්සෙ තමා මතක් උනෙ කප් ගේන්න බැරි උනානෙ කියලා 🥲… පස්සෙ අපි රැ බීපු ස්ප්‍රයිට් බෝතලයක් කපලා අරන් කප් දෙකක් හදාගත්ත 😎… මාරුවෙන් මාරුවට ශෙයා කරන් තෙ එකක් එහෙම ගහලා ඉවර වෙනකොට උදෙ දහයට වගෙ ඇති 🥴… අර වීව් එක එහෙම්මමයි… ඉර නැ… මීදුම විතරයි 🙃… අපි ගිනිමැලේ නිව්වා 🙃… ලිප අස් කරා… ටෙන්ට් එක ඇකිලුවා… ප්ලාස්ටික් පොලිතීන් ඒවා පුච්චන්න ගියෙ නැ අපි අපේ බෑග් එකකටම ආහපු දාගත්ත… ඔක්කොම තිබ්බ විදිහටම අස් කරා… හැබැයි දර ටිකක් අපි එතන තියලා තිබ්බ… තව කෞරුහරි ආවොත් එයාලට අනිවාරෙන්ම ඕනෙ වෙන නිසා 🙃..

එකොලහට වගෙ අපි එතනින් පිටත් උනා මට මතක විදිහට… එතකොටනම් ක්ලයිමේට් එක චේන්ජ් වෙලා තිබ්බෙ… කතා ඕන්නෑ මරුම ප්ලේස් එක එතන… කාටහරි පොටෝස් බලලා එතෙන්ඩ යන්න ආසාවක් ඇති උනොත් මට මැසේජ් එකක් දාන්න මම අර අපි එක්ක යන්න ආව අයියව සෙට් කරල දෙන්නම් එතෙන්ඩ යන්න 🙃… හැබැයි සත්තු නිසා අවදානම්… ඒක බලාගන්න එක ඔයාලගෙ අතෙ 😁🙁… අපෙ වාසනාවට අපිටනම් මොකුත් උනෙ නැ… මොනා උනත් අපි එතනින් ආවෙ ආයෙම එතෙන්ඩ කෑප්ම් කරන්න එනවා කියන බලාපොරොත්තුවෙන් 😊හොදම දෙ තමයි මේ ලගදි එතන එක දිවියෙක් මැරිලා හිටියා… හරියටම අපි කෑම්ප් කරපු තැන… තව දිවියො තුන්දෙනෙක් ඉන්නවලු 😬

යන අය යන්න 🙃… එතන කෑම්ප් වලට ප්‍රසිද්ධ තැනක් නෙමෙ හැබැයි… නිකන් ෆයිනස් කැලයක්… එක යායට තියන 😌… නිදහසේ ඉන්නවනම් යන්න කියාපු තැන 😎.. මේ ගමනෙ ව්ලොග් එකක් කරා අපි… මම ලින්ක් එක දාන්නම් පල්ලැහින්… නෝට් එක කියෙවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ගමන ගැන 🙃… දිග වැඩී වගේනම් සොරි 😊

vlog link – https://youtu.be/z0TUBZ_5rxY

Leave a Reply

Your email address will not be published. Required fields are marked *