ලංකාවෙ ඇති දිය ඇලි වලින් ඉතාමත් ආකර්ෂණයක් දිනා ඇති මෙම ගැරඩි ඇල්ල නැරඹීමට යාමනම් ඉතාමත් අපහසු ගමනක්.. බොහො දෙනා මෙම ස්ථානයට ගියද මෙගි ඇති ඉහලම කොටසට යාමට කැමැත්තක් නොදක්වයි… ඒ එහි ඇති භයානක කම හා ඇති ගුප්ත ස්වාභාවය නිසායී…
ගැරඩි ඇල්ලෙ අප දන්නා ස්ථානයේ සිට ඇල්ල දිගේ 2km පමණ ගල් මත හා වතුර දිහේ ඉහලට යන විට අපට පෙනෙන්නේ විශාල කැලයකින් වැසුනු දිය පහරක් පමනයි…
එහෙත් එය දිගටම ගමන් කරන විට සිතට ඇති වන්නෙ විශාල බියකි.. විවිධ සතුන්ගේ හා දිය පහරේ ශබ්දය නිසා එහි ඇති ගුප්ත ගතිය තවත් වැඩි කරන්නාක් මෙනි…
එහි දිගටම ගමන් කල පසු ඔබට මෙම ස්ථානයට ලගාවිය හැක.. සුන්දර පරිසරයකින් වටවූ මෙම ස්තානයේ දිය නෑමටද ස්වාභාවික ජල තටාකයක්ද ස්වාභාව ධර්මයෙන්ම නිර්මාණය වී ඇත…
(ඔබත් ගැරඩි ඇල්ල තරනය කිරීමට කැමත්ත දක්වන අයෙක්නම් මතක් කර කඹයක් රැගෙන යන්න… )


























