වංගෙඩිගල හරහා බලනතුඩුවට

Spread the love

බොහෝ අය යන වියදම් දරා ගන්න අමාරු හින්ද, ගිය වියදමත් එක්ක මෙතන දාන්නම්.. යන විදිය යූටියුබ් එකේ වගේම මේ ග්ෲප් එකෙත් ඕන තරම් විස්තර තියෙනවා.

කලුතර ඉදන් හපුතලේට ට්‍රේන් ටිකට් එක – 280

කොටුවෙන් රෑට කෑමට – 500 (ගෙදරින් ගෙනාවනම් මේකත් ඉතුරුයි)

නයිට් මේල් එකෙ හපුතලේට ගිහින් , පහුවදා උදේම බස් එකේ කළුපහනට -115

කලුපහන පාලම ලගින් බැහැලා ඉස්සරාට යද්දි හමුවන පලමු කඩෙන් උදේ කෑම එක -300

දවල්ට ඒ කඩෙන්ම කෑම එකක් පාර්සල් කර ගත්තා ඒකටත් -300

වංගු දෙක පසු කරලා පොඩ්ඩක් ඉස්සරාට යද්දි ගමන ආරම්භක තැන දකුණු අත පැත්තෙන් සෙට් වෙනවා.. එතන ඉදන් උදේ 8ට විතර ගමන පටන් අරන්, ෆයිනස් කැලේ මැදින් මුලින්ම බුදු පිළිමය ලගට පාර වැටෙනවා. එතන බුදු පිළිමය ගාවින් වම් අත පැත්තේ උඩට ෆයිනස් කැලේ මැදින් කෙලින්ම එද්දි පොඩි මාන කැලයක් පහු උනාම වංගෙඩිගල විව් පොයින්ට් එක.. එතනට එද්දි 10 විතර උනා…

ඊලගට වං ගෙඩිගල කන්ද දෙසට යද්දි පොඩි කන්ද නගිනවත් එක්කම වම් අත පැත්තේ තියෙන පාරෙන් දිගටම ගියාම වතුර උල්පතට යන්න පුලුවන් .. එතනින් ඔන තරම් වතුර පුරවගෙන වංගෙඩි කන්ද තරනය කරලා, ආපසු බැස්සම පොඩි මාන කැලයක්, පොඩි බට උණ කැලයක්.. ආයිත් ෆයිනස් කැලයක් පහු කරලා ඉදිරියට යද්දි, බලනතුඩුවට ආසන්නයේම තියෙන කෑම්පින්ග් සයිට් එක සෙට් වෙනවා.. ඒ කෑම්පින් සයිට් එක ලගින් අඩි පාර දෙකට බෙදිලා, වම් පැත්තට ආදර කන්ද (පරවිකන්ද) දකුණට බලනතුඩුවටයි යොමු වෙනවා… ඊලගට ෆයිනස් කැලේ ඉවර වෙලා තව පොඩ්ඩක් ඉස්සරාට යද්දි බලනතුඩුව කන්ද මුදුන.. 360 විව් එකක් බලන්න පුලුවන් වගේම සැර සුළං පාරක් හමා ගෙන යනවා… හිටගෙන හිටියත් ගහගෙන යන තරමටම…… මුදුනට ගියේ හවස 2ට විතර… ඔතනදි දහවල්ට ගෙනාපු කෑම එක කාලා, වටේ ෆොටෝ වීඩියෝ අරන් මහන්සි නිවා ගත්තා… බලතුඩුවට පහු කරගෙන ඒ අඩි පාර දිගේ ඉස්සරාට ගියාම හමු වෙන්න ගොම්මොල්ලිය කන්ද … ටික දුරක් ඒ පාරෙත් ගිහින් හැරිලා ආවා… (පස්සෙනම් හිතුනා අපරාදේ ගිහින් එන්න තිබ්බේ කියලා ) හවස තුනට නැවත බලතුඩුවෙන් පහලට බහින්න පටන් අරන් 5.30 විතර වෙද්දි වංගෙඩිගල කන්ද පහලට ඇවිත්, දිය උල්පතින් බෝතලේට වතුර අරන් නාගෙන හයට විතර ටෙන්ට් එක ගහ ගත්තා… කිසිම සුළගක් නෑ.. වැස්සක් නෑ… සීතල විතරයි.. වෙනදා ටෙන්ට් එකට දාන කවරය දැම්මෙත් නෑ… ගෙනාපු පෙති පාන් ජෑම් එක්ක කාලා (500 විතර ගියා) හොදට නිදා ගත්තා…. සැරින් සැරේ සුළං සද්ද ආවත් කිසිම අවුලක් උනේ නෑ….. පාන්දර පහට විතර සැඩ සුළගක් ඇවිත් ටෙන්ට් එක ගැලවුනා.. පෙග්ස් ලගින් ඉරිලා (ටෙන්ට් කවර් එක නොදාපු එකේ ප්‍රතිඵලය ) හය වෙද්දි එළිය වැටිලා, 10.15 ට හපුතලෙන් කොටුවට තියෙන ට්‍රේන් එක ටාර්ගට් කරගෙන හතට විතර පහලට බහින්න පටං ගත්තා…. 8.30 විතර කලින්දා කෑම ගත්ත කඩෙන් බත් කාලා ( දෙවනි දවසේ 250 ගත්තේ) හපුතලේට බස් එකේ ඇවිත් (115) එතනින් ගම්පියස බලා ට්‍රේන් එකේ අවා (280). තව පොඩි කෑම, ෆෝන් කාඩ් එක්ක 3000 ශේප් වෙච්ච ගමනක් ගියේ ඔන්න ඔහොමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *