ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ බයික් එකේ වටයක් දාන්න තීරනය කරා … මගේ අනිත් ගමන් කිසි එකක් ගියේ ප්ලෑන් එකකට නෙමේ උනාට මේ ගමනනම් ගියෙ හොදට ප්ලෑන් කරල
… ම්ම්ම් ගිහින් වෙනසක් කරා ඉතින්
… එන්ඩකො කියවන්න කතාව
සුපුරුදුපරිදි ඉතින් මම ගමන පටන්ගත්තෙ නුවරින් .. ඒ උනාට කලින් දවසෙ අනුරාධපුර ඉදන් නුවර ඇවිල්ලා අසංක අයියලාගෙ ගෙදර ගියා අසංක අයියටයි දිල්මි අක්කටයි වදයක් වෙන්න
.. ගමන යන්න කලින් දවසෙ උදෙ දහයට විතර සිනාමුසු මුහුනින් නැගිටලා ලෑස්ති වෙලා මම නුවර යන්න හදද්දිම තාත්ත මගෙන් ඇහුවා ලයිශන් ටික හරියට බැලුවද කියල
… මම කෝකටත් කියලා නිකමට බැලුවා ආපහු… මම බයික්කෙ පැදල තියෙන්නෙ මාස දෙකක් තිස්සෙ එක්ස්පයර් උන ලයිසන් ටිකක් තියාන
… හරිනෙ දැන් අමාරුව.. හෙට ගමන යන්නත් ඕනි… මට වැඩිය ගානක් ගියෙත් නෑ කලින් ඔය සීන් එක… පොලීසියෙන් ඇල්ලුවෙත් නැති නිසා මම වැඩිය ඒ ගැන හිතුවෙ නැ එක්ස්පය සීන් එක ගැන… කෝම උනත් මේ ගමන යන්නනම් මෙ ඔක්කොම ආයෙ හදන්න එපැයි… ගල්නෑවෙ ඉදන් එප්පාවලට ගිහින් දුම්වාර්තාව අරන් එහෙ ඉදන් ගල්ගමුවට ආව ආදාම්බලපත්තරෙ ගන්න
… ඒකත් අරන් එහෙම්ම ඉන්සුවරස් එකත් දාං ආපහු ගෙදර ආව… ඇවිත් තමා නුවරට ගියෙ ආපහු
…
ඔන්න දැන් තමා ගමන පටන්ගන්නෙ … වෙනදට අපි දිල්මි අක්කලාගෙ ගෙදර ඉදන්නෙ ගමන පටන්ගන්නෙ… ( දිල්මි අක්කගෙ ගෙදර කියන්නෙත් අසංක අයියගෙ ගෙදරම තමා ) අද අසංක අයියත් ඔන්න ගමනට සෙට් උනා
.. බයික් දෙකක අපි හතරදෙනෙක් යන්නෙ… කලින් ගනන් හදල බලපු විදිහට නම් 700Km වගේ ගමනක්
… ඒත් ගිහින් එද්දිනම් 754 ක් වෙලා තිබ්බ…ඔන්න දැන් අපි මුලින්ම යන්න ඕනි කලුපහන හන්දියට
… නුවර ඉදන් යන්න පාරවල් දෙකක් තියනව … එක්කො නුවරඑලිය පාරෙන් හපුතලේට ගිහින් , නැත්තන් බදුල්ල පාරෙන් හපුතලේට ගිහින්… නුවරඑලියෙන් යනවනම් පාර ලගයි… කදුයි වංගුයි වැඩි… බදුල්ලෙන් යනවනම් පාර දුරයි කදුයි වංගුයි අඩුයි
… අපි තෝරගත්තෙ ඉතින් බදුල්ල පාර
ගමන පටන්ගද්දිම ඔන්න බයික් දෙක ෆුල්‍ටෑන්ක් කරගත්ත… මගෙ බයික් එකට 17L අනිත් එකට 10L …බන්ඩාරවෙලට යනකල් කාලගුනෙ හොදට තිබ්බ… බන්ඩාරවෙලින් පස්සෙ තමා වැහිදෙයියො ආතල් දෙන්න පටන් ගත්තෙ අපිට
… අපෙ මුල්ම නැවතුම උනේ බන්ඩාරවෙල
… ඒ බයික්කෙ ගිහින් බැරිම තැන නැවැත්තුවා තෙ එකක් බොන්න… මම තමා මගෙ බයික් එක පැද්දෙ… හම්මේ පුකටනං හොද ගනන් ඉතින්
… බන්ඩාරවෙලින් තෙ එකක් බීල ආපහු ගමන පටන් ගත්තා කොහෙන්ද මන්දා නවත්තලා බතුත් කාලම
… ඔන්න අපේ ඊලග නැවතුම උනෙ හපුතලේ
… මම ආසම නගරයක් හපුතලේ කියන්නෙ… අපි ගියපු දවසෙ එහෙ මොකක්ද උත්සවයක්
…ටෞන් එකෙ හැමතැනම කෙහෙල්ගස් හිටවලා තිබ්බෙ ඒකයි
… හපුතලේ ටව්න් එකෙන් වතුර බෝතලයක් එහෙම අරගෙන වැස්සෙ තෙමීගෙන ආයෙ ඔන්න ගමන පටන් ගත්ත… හපුතලේ ඉදල කලුපහන හන්දියට කිලෝමීටර් දහයක් පහලවක් වගේ තිබ්බෙ… කොහොමහරි ඔන්න කලුපහන හන්දියටත් ආවා… එතන නවත්තලා පැටිස් එකයි වඩේ ගෙඩියයි කාල ආයෙ ගමන පටන් ගත්ත… දැන් මම හිතන්නෙ දෙකට වගේ ඇති මතක විදිහට
… අපෙ පලවෙනි නවාතැන විදිහට මම සිලෙක්ට් කරලා තිබ්බෙ වැලිවංගුවෙ ඉන්න… ඔන්න ඉතින් කලුපහන හන්දියෙන් උඩට දාල අපි දැන් යනව… වංගුවයි පල්ලමයි කන්දයි වංගුවයි.. ඔහොම තමා ඉතින් පාර … පොඩී කෑල්ලක් හිත හැදෙන්න වගේ කාපට් කරල තියනව… අයනම් නෑ ආසාවටවත්
… මාත් එක්ක ආවෙ අසංක අයිය පිටිපස්සෙ
… මම පොරට කලින්ම කීවා අයියෙ වැටෙන්න ඔන්න මෙන්න තිබ්බත් කකුල්නම් බිම තියන එපා මමම බැලන්ස් කරගන්නම් කියල
… මොකද ඒක කෙලින් යන්න පුලුවන් පාරක් නෙමෙ
… ගියපු අය දන්නව ඇතිනෙ… බයික්කෙ පැත්තකට බර වෙන්න ගියාම දෙන්නම කන්ට්‍රොල් කරන්න හදද්දි තමා පෙරලෙන්නෙ… ඒ හින්ද මම කලින්ම කීවා ආසාවටවත් කකුලනම් තියන්න එපා කියල
… අනික පිටිපස්ස පට්ට බරයි බයික් එකෙ… අසංක අයිය 75 kg. පොරගෙ බෑග් එකම 20Kg වගෙ
…ඇතිනේ ඉතින්
ඕම ඕම කදුහෙල් පසුකරන් වැලිවංගුවට ආව අපි… මුස්ලිම් කපල් වගයක් ඒ වෙනකොටත් එතන තාවකාලිකව අත්පත් කරගෙන තිබ්බෙ … මුන් රෑ මෙතන හිටියොත් මුන්ගෙ කියවිල්ල අහලම එපාවෙනව
… දන්නවනෙ ඉතින් කටවල්
… අම්මෝ වෙලාවට අපි ඇවිත් ටික වෙලාවකින් එයාල එතනින් ඔහිය පැත්තට මිසින් උනා… අපි ඔන්න අපෙ පාඩුවෙ ටෙන්ට් දෙක ගහන්න ගත්ත
… මෙ වෙනකොට මට මතක විදිහට 372 Km ඇවිල්ල තිබ්බෙ
…බයික් එකටනම් හොද ගනන් ඉතින්… ටෙන්ට් එක ගහලා ඉවර වෙනවත් එක්කම එ පැත්‍තෙ මාම කෙනෙක් ඇවිල්ල කීවා අපෝ පුතා ඔයාලටනම් ඔතන ඉන්න වෙන්නේ නෑ අනිවාරෙන් ගහගෙන යනවා කියල
… මම ඒ මොකෝ කියල ඇහුව… පට්ට හුලං පුතා මේදවස්වල කීවා.. ඊටපස්සෙ උඩ තැනක් පෙන්නුවා කෑම්ප් කරන්න… මම කැමති උනෙ නෑ වැඩේට… මොකද මම බයික්කෙ පල්ලැහැ තියල යන වැඩේට පොඩ්ඩක් අකමැති
… අපිට තිබ්බ ටෙන්ට් ටික පොඩ්ඩක් කන්ද පැත්තට වෙන්න ගහන්නත්… ඒත් තිබ්බ කම්මැලිකම නිසා හෙල අයිනෙ එහෙම්මම තිබ්බ වෙන ලබ්බක් වෙච්චාවෙ කියල
ඊටපස්සෙ ඉතින් පුරුදු විදිහට ජාතික ආහාරෙ වෙච්චි නූඩ්ලස් එක තම්බගන්න එක තමා වැඩෙ… ඒකත් කාල අපි දෙකට බෙදිලා ටෙන්ට් දෙකට රිංගුව .. පැයක් වගේ ඉන්න ඇති උපරිම
… ඊටපස්සෙ ඔක්කොම එක ටෙන්ට් එකක් අස්සට ආව… ඕමියක් ගහන්න
… ඕමිය ගහන ගමන් ගෑස් එක ගහලා අරන් ආව නාන් රොටී වගේකුත් හදං කෑවා… කාල ආයෙ ටෙන්ට් දෙකට ගිහින් ඩෞන් උනා… පාන්දර තමා ආයෙ වැස්සෙ… බයික්නම් හොදටම තෙමෙනව… හුලංපාරක් ඇල්ලුව පාන්දර … ගනන් ගත්තෙ නෑ ඉතින් වැටුනොත් පල්ලැහැටනෙ කියලා අනිත්පැත්ත හැරිලා නිදාගත්ත අපි
කිසි කරදරයක් උනෙ නෑ පහාමාර වෙද්දි කොල්ලා නැගිට්ටා සන් රයිස් එක බලන්න… මොන රයිස්ද යකො හෝ ගාල වහිනව
… ආයෙ ඉතින් බුදියගත්ත
… හයාමාර වෙද්දි ශේප්… එලිය වැටිල… පල්ලැහැට මීදුම බාල… පට්ට වීව් එකක් තිබ්බෙ… ඉස්සරහ තිබ්බ කදු පේන්නෑ එව්වා මීදුමට වැහිලා තිබ්බෙ…
රෑ හීනෙන් ඉස්සරහා තිබ්බ කදු තුනකම මම බඩගෑවා
… කනට ගැහුවා වගේ පාන්දර වැදුන එලාම් එකට තමා ඇහැරුනේ මටනන්
… සදීපයා එහා ටෙන්‍ට් එකෙ… ඌව මේ පාර වෙන ටෙන්ට් එකකට දැම්ම ඕකා එක්ක නිදාගත්තොත් පොරගෙ ලව් ස්ටෝරි අහල එපාවෙන නිසා .. එකම අහලා දැන්නම් කටපාඩම් මට
… පොරකලින් දවසෙ පට්ට ටෝක්ස් ගොඩක් දුන්නෙ පාන්දර නැගිටලා ඉරදිහා බලන් ඉන්නව කියල… හතාමාර වෙද්දිත් ඌ ඩෞන් ඒත්
… උදේ ඔන්න ඉතින් කෝපි එකක් එහෙම ගහලා ඉවර උන ගමන් ආයෙ වැස්ස පටන් ගත්ත… වැස්ස වහිද්දිත් පුදුම ලස්සනක් තියෙන්නෙ
…
මට කලින් කියන්න බැරි උනානෙ… අපි වැලිවංගුවට ආවෙ බඹරකන්ද ඇල්ල් පාස් කරල… මොකද උවමනාව තිබ්බෙ ඇල්ලෙ උඩට යන්න.. අපි ආව ටයිම් එක එකට සෙට් උනෙ නෑ… එ නිසා පලවෙනිදවසෙ වැලිවංගුවෙ ඉදලා ඔන්න අද ( දෙවෙනි දවසෙ ) උදෙ ටෙන්ට් ටික අකුලං ආයෙ ආපස්සට පිටත් උනා බඹරකන්ද ඇල්ලට… උදෙ ටෙන්ට් එක ඇතුලෙ ඉදන් ඩ්‍රොන් එක යවද්දි තමා දැනගත්තෙ අපි ඉන්නෙ බඹරකන්ද ඇල්ලට ටිකක් උඩින් පිටිපස්සට වෙන්න කියල .. හරි හරි ඉතින් ඕම ආයෙත් ආපස්සට ආව අපි… පෙට්‍රල් ටිකට සාදාරනයක් කරන්න සෑහෙන නිව්ටල් පාරක් ගැහුවා මමනම්
… බඹරකන්ද ඇල්ලට යන තැන ඉස්සරහා කඩෙන් බයික් ටික දාල තේ එක්කුයි රොටියකුයි බඩට දාගෙන ඉතින් අපි ගමන යන්න පිටත් උනා… ටිකට් කඩන තැනින් කීවා ඇල්ල උඩට යන්න එපා තහනම් කියල… බෑනෙ කරන්න… ආවෙ උඩට යන්නනෙ… එපා කීවට කමක් නැ කියල ගියා උඩට
… උඩට ගිහිල්ල ආවා එෆ් බි ලයිව් එකක්
… ඇල්ල උඩ ඉදන් ඩ්‍රොන් එක යවලා එතන තිබ්බ බඹරගෝටයක්ද කොහෙදත් ඖස්සගත්ත
…තව ටිකෙන් පයින්න වෙන්නෙ උඩ ඉදන් පල්ලැහැට
… අපි ඇල්ල උඩ ඉදන් දත්ටික මැදලා ඔන්න ඔකොලහට දොලහට වගේ ආපහු එතනින් බැස්ස… ලංකාවෙ උසම ඇල්ල උඩ ඉදන් පම්ප් එකක් දාන්න ලැබීමනම් ඉමහත් බාග්‍යයක්
ඔහොම ඔහොම ඉතින් පල්ලැහැට ඇවිල්ලා ආයෙත් රොටියක් කාල පිටත් උනා ඔහිය බලා… එ කියන්නෙ ආයෙත් වැලි වංගුව හරහා යකාගෙ පඩිපෙලේම තමා
… හම්මේ සුපිරිම පාර ඉතින් ඈ… කප්සෙට් එක ලෙෆ්ට් බයික් එකෙ
… මොනා උනත් මාර දුකක් දුන්නෙ බයික් එකට
.. එව්ව කෝමඋනත් වටපිටාවනම් කියන්න බැරි තරම් ලස්සනයි … තප්පරෙන් තප්පරේට ක්ලයිමේට් එක වෙනස් වෙනව… පාර පේන්නෑ මීදුමෙන් වැහිල
… ඒව බලන්න පිංකරන්නම ඕනෙ
… ඒත් බයික්කෙ විදින දුක දකිද්දිනම් ආතල් ඔක්කොම කුඩු වෙනව හැබැයි
…
ඔහොම ඉතින් යනගමන් එකතැනක අපි හිර උනා… ඒ තුම්මන්හන්දියක්… කොහෙට යන්නද කියල හිතාගන්න බැ… Go කියල ගහල තියනවා කොයිපැත්තටද කියල හොයන්න බැ… සිග්නල් නැති නිසා මැප් එක බලන්න බෑ.. හම්මේ මගෙ හිච්චි අයිපෝන් එකෙ ජීපීඑස් එකෙන් ඉන්න තැන බලන්න සිග්නල් ඕන්නෑන්ව් කියල පස්සෙ තමා මීටර් උනෙ… හරි හරි… දැන් දන්නො දකුනට යන්න ඕනි කියල… ඒත් කන්ෆොම් නැ… සදීපයාගෙ බටන්ෆෝන් එකෙ හච් සිම් එකට සිග්නල් තිබ්බ… ටග්ගාල ගත්ත තිලංක අයියට කෝල් එකක්… මොකද පොර අපිට දවස් දෙකකට කලින් මේපාරෙන් ගියා…පාර කන්ෆෝම් කරගත්තා පොරගෙන් දකුනට තමා යන්න ඕනි… එතකොට පාරවල් හෙන අදුරුයි වගේම පාලුයි… කෞරුත් යන්නෙ එන්නෙ නෑනෙ… ඒකත් අමුතු ලස්සනක් … ඔතන ඉදන් කිලෝමීටරයක් වගේ යද්දි තමා අර හැමෝම පොටො ගහන ලී පාලම හම්බෙන්නෙ… දැන්නම් ලී නැ කොන්ක්‍රිට් තියෙන්නෙ
… ඉතින් වෙනසක් නෑ… අපිත් ඔතන නවත්තලා පොටො ගහන්න ගත්ත… එතන ඉදන් ඉතින් සමපෝශ එකක් හදන් කාල ආයෙ ගේමට බැස්ස… වීව් එක ගැනනම් කතා කරලා වැඩක් නෑ ඒක තනිකරම පිස්සුවක් … පාරෙ තියෙන දුශ්කරගතිය නැතිවෙනව වටේ තියන ලස්සන එක්ක
… ඔන්න ඉතින් පාලම පාස් කරන් මීටර් සීයක් වගෙ යද්දි තව තුන්මන් හන්දියක් හම්බෙනව… ඒකෙන් වමට දාන්න ඕනි.. දකුනටදාලනම් කොහෙට යනවද කියල මමනම් දන්නැ
… එන්න එන්නම පාර අමාරු වෙනවා මිසක් ලේසි කෑල්ලක්නම් නෑ
… තව තුන්මන්හන්දියක් තිබ්බද කොහෙද … ඒකෙනුත් වමට
… ඒකත් පාස් කරලා ටික දුරක් එද්දි තමා ඔහියෙ ඉදන් හෝටන්තැන්නට යන කාපට්පාර සෙට් වෙන්නෙ
… ඉතින් අපි හෙමින් හෙමින් බයික්වල එනවා කට්ට කකා කාපට්පාර හොයාන
… ඔන්න ටික්කින් බඩු පේනවා… හම්මේ එතකොට කට්ටියගෙ මූනවල්වල තිබ්බ සතුටනම් කියල වැඩක් නැ… බයික් වලට කතාකරන්න පුලුවන් නම් රටේ නැති කුනුහරප කියල බනින්නෙ අපිට දිව්‍යලෝකෙට යන පාර මෙහෙමද whotto කියල පටන් අරන්
.. මටනම් බය්ක්කෙට කාපට් පාර මැද්දෙ තියන් දනගහල වදින්න තරම් සන්තෝසෛ
… මොකද එකපාරක්වත් වට්ටන්නෙ නැතුව මාව පරිස්සමෙන් උඩට අරන් ආවට… අසංක අයියනම් බැහැ බැහැ ආවෙ… අනිත් බයික් එකෙ ආව උශාන් අයියයි සදීපයයිනම් බල්ටි ගගහා ඇවිත් තියෙන්නෙ පාරදිගට
ඔන්න ඉතින් අපි දැන් ඉන්නෙ කාපට් එකෙ… මෙතන හන්දියෙන් දකුනට දැම්මොත් ඔහියට… වමට දැම්මොත් හෝටන්තැන්නට .. අපෙ දෙවෙනි නයිට් එක ඔහියෙ ඉන්න අපි හිතාගෙන ආවෙ… ඒ නිසා දකුනට දාල ආව… හම්මේ පල්ලමක් දැක්කාම දැනෙන සතුට
… නිව්ටල් එකෙ තමා ජීවිතෙ
.. ඕම ඕම ඉතින් අපි ආව ස්ටේශන් එක ලගට ඔහියෙ… ඇවිල්ල කෑම්ප් කරන්න තැනක් බැලුව .. කඩේකින් අපිට පොට් එකක් කීව තැන සෙට් උනෙ නෑ අපිට… ස්ටේශන් එකෙ ඉදන් ඔහිය කෑම්ප්සයිට් එකට යන පාරෙ තිබ්බ සුපිරිම ප්ලෙස් එකක් ටෙන්ට් එක ගහන්න… ඉතින් අපි නැවතුනා… නැවතිලා ටෙන්ට් එක අදිද්දිම ආව ඔන්න ෆොරස්ට් එකෙන් කියාන ඩෑල් එකක්
… බලද්දී අර ඉදල්ගස්හින්නෙ සීන් එකෙ ඩයල් එක
… අර කෑම්ප් බඩු අරන් ගියා කිවෙ .. අන්න එයා
… අනේ ඉතින් එයා ඇවිල්ල අපිටත් දැම්ම බර බරේ… අපිනම් ගනන් ගත්තෙ නෑ පුලුවන් දෙයක් කරහන් කියලා ඔහේ හිටියා… පස්සෙ මූ ලැට් එකක්ම වීගෙන ආව… ඊටපස්සෙ අපි හා හා කියලා එතනින් ආව ආයෙ ස්ටේශන් එකට … එ කියන්නෙ දැන් ඔහිය ඉස්සර වගෙ නෙමෙ… ඔහිය / ඉදල්ගස්හින්න / පට්ටිපොල මෙ කොහෙවත් ටෙන්ට් ගහන්න දෙන්නෑලු දැන්
… දැන් හවස හයට වගේ ඇති… වෙලාවට මූ ටෙන්ට් එක ගහන්න කලින් ආවෙ… නැත්‍තන් ගහපුවා ආයෙ අකුලන්න එපැයි
…
හරි අපි ආපහු ආව පොර කියන එක ගනන් ගන්නෙ නැතිව එතන හැර වෙන කෑප්ම් කරන්න පොට් එකක් හොයාන… මොකද අපි ආවෙ කෑම්ප් කරන්න බලාන … කෑම්ප් කරල ගන්න ආතල් එක රූම් එකක ඉදල ගන්න බෑනෙ … ඉතින් ස්ටේශන් එකත් පහුකරන් අපි ආව … ආයෙ නැවතුනා තුම්මන්හන්දියෙන්.. කෙලින් ගියොත් උඩවේරිය ෆැක්ට්‍රිය පැත්තට…හැරෙව්වොත් හෝටන්තැන්න … අපි කෙලින්පාරෙ දැම්ම… දැන් හතට වගෙ ඇති… පට්ට පාලුයි පාර… පට්ටම කලුවරයි.. බයික් එකෙ ලයිට් එක මදි ඒ පාර එලිය කරන්න… ඒ තරමටම පට්ට පාලු ගතියක් තියෙන්නෙ… ඔහොම ටික දුරක් යද්දිනම් කෑම්ප් කරන්න පොට් එකක් සෙට් උනා… එතන ඉදන් අපි ආයෙ විනාඩි පහලවක් වගේ කල්පනා කරලා තීරනේකට ආව… එ රූම් එකක් ගන්න එක… මොකද දැන් රැ අටට වගෙ ඇති… නිකන් ආයෙ කටු කකා ආතල් කඩාගන්න ඕනි නෑනෙ කියල හිතුන… ඔහොම්මම ආයෙත් ස්ටේශන් එක පැත්තට ඇද්ද… ස්ටේශන් එක ඉස්සරහා කඩෙන් තෙ එකක් බීලා ආයෙ පිටත් උනා ඉන්න තැනක් හොයාන… ඔන්න සාදාරන ගානකට ගෙයක් සෙට් උනා අපිට
ඉතින් දෙවෙනි දවසෙ රැ එහෙ
අපි එහාට යද්දි රැ නවයට වගෙ ඇති…ගිහිල්ල ඇදුම් මාරු කරගෙන උයන්න පටන් ගත්ත… එ ගෙදර මාමා ලිප පත්තු කරල තිබ්බෙ..ඉතින් අපි ලිපේ ඉව්වෙ.. නිකන් බොරුවට ගෑස් ටික නාස්ති කරෙ නැ … මමනම් ලිපලගින් හෙල්ලුනේ නෑ සීතලයිනෙ
… සෝයයි පරිප්පුයි බතුයි හදන්නෙ
… ඒකත් හදලා රෑට කාල ඔලුවේ ඉදන් පොරවං හොදට නිදාගත්ත
ඔන්න දැන් ඊලගදවස
වෙනදා වගේම උදේ පාන්දර මම නැගිට්ගා… නැගිටලා එලාම් එක ඕෆ් කරලා ආයෙ ඔලුවෙ ඉදන් පොරවං බුදියගත්ත … මම ලාවට වගෙ දැක්ක උශාන් අයියනම් බ්‍රශ් එකක් අරන් එලියට යනව…මාත් ආයෙ පැයකින් වගෙ නැගිටලා ගියා වොශ් එකක් දාන්න… දත්ටික මදින ගමන් එ ගෙදර මාම එක්ක සුපිරිම දේශපාලන සංවාදයක් දැම්ම… මමනම් මොකුත් කිවෙ නැ පොර කියන ඒව අහගෙන හිටියෙ…බැරිම තැන මම කතාව අනික්පැත්ත ගැහුව.. ඒ ඉස්සරහා තිබ්බ ස්ටෝබෙරි වත්ත පෙන්නලා ඒ සීන් එක ගැන අහල.. ඒ කතාවනම් මම පට්ට ආසාවෙන් අහන් හිටියෙ… මොකද එයා මට කියල දුන්න මුල ඉදන්ම ස්ටෝබෙරි පැල හදන සීන් එක ගැන.. මෙ වෙද්දිත් අනිත් ඩබලනම් ඩෞන්
ඉතින් අපි දෙන්න ආයෙ ඊයෙ රෑ ඉතුරු උන බත් ටික මික්ස් කරල නූඩ්ලස් එකක් හැදුවා උදෙ කෑමට. .කාල ඒම ලෑස්ති උනා ඉතින් ඔහියට සමුදෙන්න
මතක් කරලා මම ඒ අපි නැවතිලා හිටපු තැන මාමගෙන් ස්ටෝබෙරි පැල දෙකකුත් ඉල්ලගත්ත… අනුරාධපුර හිටවනවමයි කියල හිතාගෙන
.. තව දෙයක්… ඒ මාම අපි යන්න කලින් එයාගෙ ඩයරිය දුන්න අපිට… ඒ එයාලගෙ ගෙදර අපි ගෙවපු රැය ගැන විස්තරයක්
ලියන්න කියල… ඉතින් අපි ඒකත් ලියලා එතෙන්ඩ සමු දුන්නා
ඔන්න ඒනම් දැන් පටන්ගත්තා හෝටන්තැන්නෙ ගමන … ඔහියෙ ඉදන් ආපහු කලින් ආව පාරෙම ඇවිල්ලා උඩවේරිය ෆැක්ට්‍රිය පැත්තට යන පාරෙන් උඩට දැම්මාම වංගුපාරෙ කෙලින්ම වැටෙන්නෙ හෝටන්තැන්නට… මම කලින් එක පාරයි හෝටන්තැන්නට ගිහිල්ල තිබ්බෙ… ඒ ගෙදර අය එක්ක
… ඒ පාර අපි ගියෙ නුවරඑලිය පැත්තෙන්
… එතකොට මම පහවසරෙද කොහෙද
ඉතින් ඉතින් කෝමහරි ආයෙත් සෙට් උනේ කන්ද තමා… කදු හෙල් පසුකරන් ඔන්න ටිකෙන් ටික අපි පොට් එකට ලංවෙනව… දැන්නම් අව්ව ඉතින්… කරන්න දෙයක් නැ… ලග ලග වංගු… ඒවනම් ලැට් එකක් තනිකර… හරි හරි ඔන්න හෝටන්තැන්න ගේට් එක ලගට අපි ආව… මේ වෙද්දි අපි කාලගවත් සල්ලි නැ… අරන් ආපුවා ඔක්කොම ඉවරයි… අපි එහේ ඉදන්ම ATM එකක් හොය හොය ආවෙ සල්ලි ගන්න… තිබ්බෙ නෑනෙ ඉතින්… හිත හදන් ආවා හෝටන්තැන්නට ටිකට් ගන්න තැන card payment තියෙයි කියල… ඒකත් නෑ කීවා… හරිනෙ දැන් පුකේ අමාරුව… අපිට දැන් කෝමහරි යන්නත් ඕනි ඉතින්… කරන්න දෙයක් නෑ බෑග් අස්සෙ තිබ්බ පහේ දහයෙ කාසි ඔක්කොම එකතුකරලා රුපියල් හයසීයක් හදල දුන්නා … එක්කෙනෙක්ට ටිකට් එක රුපියල් හැටයි… ඒත් ටැක්ස් එක වදිද්දි හයසිය දහයයිලු
… මොනා කරන්නද ඉතින්… හතරදෙනා ලගම තිබ්බ කාසි එකතු කරලා ලයින් එකක් ගැහුවා… ඒවත් සල්ලිනෙ
.. ඕක පහුකරලා කිලෝමීටර් පහක් වගේ ගියාම තමා ඔරිජිනල් මේන්ගේට් එක හම්බෙන්නෙ… ඒ කියන්නෙ හෝටන්තැන්න .. යන මගනම් පාරෙ බයික්කෙ නවත්තලා පිටිය හරියෙ ඉදගෙන කපල් එකක් පෙම්සුව විද විදත් හිටියා… කොටින්ටත් ඉතින් අපිව විතරයි නෙ පේන්නෙ
…
හරි ඉතින් කිලෝමීටර් පහක් පසුකරන් ඇවිත් අපි පාර්ක් එකෙන් බයික් දෙක දැම්ම… දාල දැන් කට්ටිය කල්පනා කරනව… බඩගිනීනෙ … අසංක අයියගෙ ටිකිරි මොලේටනම් අදහසක් ආව… ඒ එතන වැඩකරන කෙනෙක්ගෙ එකෞන්ට් එකකට සල්ලි ට්‍රාන්ස කරල එයාගෙන් කෑශ් ඉල්ලගන්න එක… ඒක කොරන්නත් සිග්නල් තියෙන්න එපැයි… අසංක අයියා ඒ වැඩෙ හිමීට කරගන්නකල් මම පැය එකාමාරක් විතර ගෝන්නු එක්ක අල්ලංසෙල්ලං කරා
… මම දන්නවා එවෙලෙ සමාජෙ මාව විහිලුවකට ගත්තා කියල… මටත් ගෙදර ආවට පස්සෙ තමා තේරුනෙ
… බැරිම තැන මම තනකොලගොල්ලෙ නිදාගත්ත… ඒකනම් විදින්න ඕනිම අද්දැකීමක් … ඉරපායලා තියෙන්නෙ… අව්ව සැර නෑ සීතලයි… කියන්න තෙරෙන්නැති අමුතු හැගීමක් හිතට දැනෙන්නෙ… හිත හරිම නිදහස්…ගෙදර ඇදට වඩා සනීපයි… මට තෙරෙන්නෑ කෝම විස්තර කරන්නද කියලා ඒ හැගීම්
.. පැය බාගයක් විතර ඕම ඉද්දි අසංක අයිය වැඩෙ කම්ප්ලීට් කරගත්ත .. අපි සල්ලි ඉල්ලං කැන්ටිමෙන් කෑම අරන් කාල එහෙම චිමිනි පොකුනයි බේකර්ස් ඇල්ලයි ලෝකන්තයයි පුංචි ලෝකාන්තයයි බලල ආපහු ආව… හොදම දෙ තමා මට යතුර එලියෙ බංකුවක් උඩ අමතක වෙලා ගියෙ… මම ගිහිල්ලා එනකල්ම ඒ යතුර එතන එහෙම්මම තිබ්බ… සතුටට කාරනාවක් ඒකනම්… පයින් කිලෝමීටර් නවයක් යන්න ඕනි
ඔන්න දැන් අපේ ගමන ඉවරයි… දැන් තියෙන්නෙ හෝටන්තැන්නෙන් නුවරඑලියට දාල එහෙන් ගෙදර යන්න… ඒකත් ලස්සන වටයක්… ඒ වෙනකොටත් හෝටන්තැන්න පාරට මීදුම බාල තිබ්බෙ… පුදුම ලස්සනක් ඒකනම්… මීදුම කපාගෙන බයික් වලින් ඉස්සරහටම ගියා අපි … දැන් අපෙ පාර තමා හෝටන්තැන්න – පට්ටිපොල – අඹේවෙල හරහා නුවරඑලියට
පට්ටිපොල ස්ටේශන් එක තමා අපෙ ඊලග නැවතුම උනෙ… ඒ මොකද කියනවනම් පට්ටිපොල ස්ටේශන් එකෙ ස්ටේශන් මාස්ටට හිටියෙ අපෙ උශාන් අයියගෙ හොදම යාලුවෙක්… පොරව හම්බෙන්ඩ ඕනි නිසා එතන නැවැත්තුවා අපි… එතකොට වෙලාව දෙකට තුනට වගේ ඇති… ඒ ටයිම් ට්‍රෙන් එකකුත් ආව නිසා ස්ටේශන් එකෙ ඉදන්ම ඩ්‍රොන් ශොට් ටිකක් ගත්ත
දැන් තියෙන්නෙ අබේවෙලට යන්න… අම්මෝ මෙන්න පාරවල්… පිස්සු වැටෙනවා ලස්සනට… ඒ පාරවල්වල බයික් එකෙ යනවා කියන්නෙ වෙනම ආතල් එකක්… මීදුම ඇගෙ වදිද්දි එන ෆීලිං එක කියලා වැඩක් නැ ඉතින් අනික තමා අඹේවෙල කිරි ෆැක්ට්‍රිය ලගින් යන පාර
එතනින් යද්දි හවස හතරට වගෙ ඇති… මම යන්න පුලුවන් උපරිම හෙමින් ගියෙ… මොකදකියනවනම් එ තරමටම එ හරිය සුන්දරයි… කියන්න තෙරෙන්නැ මටනන්… අඩුමගානෙ පොටො එකක් ගහගන්නවත් මීටර් උනෙ නැ මට
ඕම ඕම අබේවෙලින් දාල ඔන්න ආවා නුවරඑලියට… හම්මේ ගෙගරිපාක් එකෙ ඉන්න කපල් ගොඩ … මෙහෙටනෙ යකො කපල් බීසනෙ බලන්න එන්න ඕනි
ස්ටෝබෙරි ගන්න ආවනෙ ගෙගරිවැව ඉස්සරහ කඩයක් ලගට… එතකොට තමා සීන් එක මීටර් උනෙ
… මගෙ බයික්කෙ තව ලීටර් හතක් වගේ ඉතුරුයි
… අනිත් එකේනම් ලීටරයක් වගේ… එච්චරත් නැති තරම්… ඉතින් අපේම වෙලාවට එහෙ ශෙඩ් එකක පෙට්‍රල් තිබ්බ… අසංක අයියයි උශාන් අයියයි ගියා පෙට්‍රල් පෝලිමට .. මායි සදීපයයි ටෞන් එකේ බංකුවක ඉදන් එෆ් බි ලයිව් එකක් ආව
… තාමත් ඇති මගෙ ප්‍රොෆයිල් එකෙ ඒ ලයිව් එක
…
පැය එකාමාරකට විතර පස්සෙ ඔන්න දෙන්න ආව පෙට්‍රල් ටිකක් ගහන්… ඉතින් ඔන්න නුවර එලියේ ඉදන් පැය තුනක විතර ගමනකින් ආපහු අපි නුවරට ආව … නුවරඑලියෙ ඉදන් නුවරට එනව කියන්නෙනම් අපෝ මහ එපාකරපු වැඩක්… ඒ තරමටම වංගු
… එනගමන් අප්පච්චිගෙ රොටී කඩෙට ගිහින් රොටියක් කාලමයි ආවේ… නෑ නෑ අප්පච්චිගෙ කඩෙ කියන්නෙ ඒකෙ නම
… ඔන්න ඉතින් එදා නයිට් එක නුවර ඉදලා පහුවදා අපි ආයෙත් අනුරාධපුරට ආව
මුලු ගමන – අනුරාධපුර – මාතලෙ – නුවර – බදුල්ල – බණ්ඩාරවෙල – හපුතලේ – කලුපහන – බඹරකන්ද – වැලිවංගුව – යකාගෙ පඩිපෙල දිගේ ඔහියට – ( ඔහියෙ වටේනම් හත් අටපාරක්ම කැරකුනා එකම පාරෙ ) ඔහියේ ඉදන් – හෝටන්තැන්න – පට්ටිපොල – අඹේවෙල – නුවරඑලිය – කොත්මලේ හරහා ආයෙත් නුවරට
බයික්කෙටයි මටයි දෙකටම සුපිරිම සැප… ඔන්න මම ගෙදර ආව ගමන් කරෙ ස්ටෝබෙරි පැලේ හිටවපු එක… දැන්නම් ඒකෙ මල්.. හැදුවෙ කෝමද කියනවනම් මම ඒකට හැමදාම අයිස්වතුර දානව… සීතලනෙ ඕනෙ… ගහේ මුල වටේට අයිස්කැට තියල තියනව… තාමනම් ඖලක් උනෙ නැ… ගේද්දි එක මලක්වවත් තිබ්බෙ නැ… දැන්නම් කොලයි මලුයි දෙකම තියනව ගහ පිරෙන්න… මේ පැලෙ කට්ට කාල හැදුනාම මේකෙන් එන ඊලග පැලේ එන්නෙ මේ කලාපෙට හුරු වෙලා මම දන්න විදිහට නම්…. මට ගෙඩි කන්න ඕනි නෑ… අනුරාධපුර මගේම කියලා ස්ටෝබෙරි පැලයක් තියන එක මට ලොකු දෙයක් … මහ පුකේ හීන ඒවත්
කමක් නැ කමක් නෑ සිගිති මගේ පුංචි ආසාවල් ඕවා… මේපාරත් නෝට් එක දිග වැඩි නේ… සමාවෙන්ඩ ඉතින්… ඔහියෙ කෑම්ප් කරන්න බලාන යන්න එපා හිතන්නෙවත් නැති විදිහට අසරන වෙනව … අපි හිටිය තැන නම්බරෙ දෙන්නම් ඔහියෙ යනවනම් ලෝබජට් එහෙ ඉන්න පුලුවන් … අපි යද්දිනම් එ පැත්තට වැස්ස ඉතින්
… කට්ටිය යන්න ඉන්නවනම් ප්‍රස්න තියේනම් ඕනෙ වෙලාවක මට කෝල් එකක් දාන්න දන්න විදිහට විස්තර දෙන්නම්
.. මේකෙ ව්ලොග් එක කරා අප්ලෝඩ් කරාම මම ලින්ක් එකක් දාන්නම් ටච් එකේ ඉන්ඩෝ
ආයෙ නෝට් එකකින් හම්බෙමු
























































