මාතලාගල පතන හෙවත් දෙවලගල පතන

Spread the love

කොළඹ ඉදන් බස් එකේ යනවනම් දඹුල්ලට ගිහින් එතනින් හෙට්ටිපොල බස් එකේ ගිහින් ගුරුවෙල හංදියෙන් බහින්න. නුවර පැත්තෙන් එනවනම් මහියංගනයට ගිහින් එතනින් හෙට්ටිපොලට ඇවිත්, හෙට්ටිපොලින් දඹුල්ල බස් එකේ ගුරුවිල හංදියෙන් බහින්න තියෙන්නේ…. එහෙමත් නැත්තම් මාතලේට ඇවිත් හෙට්ටිපොල බස් එකේ ඇවිත් ගුරුවිලෙන් බහින්න පුලුවන්.

මං ගමන ගියේ මාතලේට ඇවිත් රිවස්ටන් හරහා යන හෙට්ටිපොල බස් එකේ ඇවිත්. හෙට්ටිපොලින් නාරංගමුව බස් එකක් ගියත් ඒක සුවර් නෑ. හොදම දේ ගුරුවිල හංදියෙන් නාරංගමුව බස් එක ලබා ගන්න එක. නාරංගමුවට ආවම කොන්ක්‍රීට් පාර දිගේ ගියාම ටිකට් කව්න්ටරය හම්බ වෙනවා. එතනින් වමට තියෙන පාර දිගේ ගියාම මාතලාගට හා මීමුරේට යන පාර. දකුණට තියෙන පාරෙ කඩුල්ලෙන් පැනලා ගියොත් නාරංගමුව ලකේගල.

පාර දිගේම ඉස්සරට යද්දි පාර දෙකට බෙදෙනවා… කෙලින්ම ගියොත් මීමුරේ . එතනින් වමට හැරිලා කෙලින්ම යන්න තියෙන්නේ. කෙලින්ම ගියාම අවසාන වතුර පාර හමු වෙනවා… මෙතනින් කන්ද පැත්තට තියෙන අඩි පාරේ යන්න ඕනා…… එ පාරේ දිගටම ගියාම මාතලාගල පතන හමු වෙනවා. (හැරෙන තැන ෆොටෝ එකක් ඇති)… ගිය දවසේ මීදුම්, වැස්ස නිසා විව් එකනම් හරියට තිබ්බේ නෑ. ලේසියෙන් යන්න පුලුවන් තැනක්.. ගිහිල්ලම බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *