මේ ගමන ගියේ දැනට මාස තුනකට විතර කලින්, රාත්‍රී 8.30 නයිට් මේල් එකේ නැගලා, පළමු නැවතුම වෙච්ච ඉදල්ගස්හින්නට එද්දි පාන්දර 6.00 ට විතර ඇති. ඉදල්ගස්හින්න ස්ටේශන් එකෙන් බැහැලා, රේල් පාර දිගේ ආපස්සට එද්දි වම් අත පැත්තට ඉදල්ගස්හින්න විව් පොයින්ට් එකට යන්න පාර හම්බ වෙනවා. එතනින් තේ වත්ත මැදින් ඉහළට විනාඩි 45ක විතර ගමනකින් පහළ විව් පොයින්ට් එකට එන්න. එතනින් තව ටිකක් උඩට යද්දි උඩ විව් පොයින්ට් එක මුණ ගැසෙනවා. විව් පොයින්ට් දෙකෙදිම, පොටෝ, විඩියෝ අරගෙන පහලට බැස්සේ දවල්ටත් එක්ක උදේ ආහාරය අරන් 11.30 ට්‍රේන් එකේ ඇල්ල බලා යන්න.
පහළ තැපැල් කණ්තෝරුව ලග කඩෙන් බත් එකක් කාලා ඊලගට ට්‍රේන් එකෙන් ඇල්ල බලා පිටත් උනා.
ඇල්ල කීවට ඊළග නැවතුම උනේ කිතල් ඇල්ල ස්ටේශන් එක. කිතල් ඇල්ලෙන් බැහැලා රේල් පාර දිගේම ටිකක් ඉස්සරාට යද්දි බෝධියක් සමග දකුණු අතට පාරක් හමු වෙනවා. ඒ පාර දිගේ පහලට එද්දි පාලමක් එක්ක කිතල් ඇල්ල නොහොත් පුංචි රාවණා ඇල්ල පිහිටා තියෙනවා. පාලම පටන් ගන්න තැනින් දකුණු අතට ඇල්ල පහලට බහින්න පුලුවන්… එතනින් පහළට බැහැලා, ඇල්ලත් බලලා ඊලගට ඇල්ල රොක්ස් බලා පිටත් උනා,
කිතල් ඇල්ල ලග තියෙන පාලම ඉවර වෙනවත් එක්ක අඩි පාර කොටස් දෙකකට බෙදෙනවා. මේ පාරවල් දෙකම ඇල්ල රොක් වෙතට යන පාරවල් දෙකක්. වම් අත පැත්තේ පාර කැලෑ වැවිලා වැඩියි. හැබැයි මේ පාරේ පොඩ්ඩක් ඉස්සරාට යද්දි කෑම්පින්ග් සයිට් එකක් තියෙනවලු. මං ගියේ දකුණු අත පැත්තට. ඒ පාර දිගේ මාණ පදුරු පීරමින් ඉස්සරාට යද්දි තේ වත්තක් අයිනෙන් ගිහින් පාර දෙකට බෙදෙනවා. එතනින් දකුණට ඇල්ල රොක්, දකුණු අතට පාර දිගේ ගියාම පොඩි කඩයක් මුණ ගැසෙනවා.. ඒකත් පසු කරගෙන ඉස්සරාට ගියාම ෆයිනස් කැලයක් එක්ක පහල විව් පොයින්ට් එක මුලින්ම. මෙතන කැම්පින්ග් කරන්න පුලුවන්. එතනින් ඉස්සරාට ගියාම ඇල්ල රොක්වල විව් පොයින්ට් එක…
පොඩි වැස්සත් එක්ක එදා මං විතරයි හිටියේ.. ඇති තරම් ෆොටෝ විඩියෝ අරන්, ආහසු එන්න නයිට් මේල් එකට කිතල් ඇල්ල ස්ටේශන් එක බල ආපු පාරෙන් පිටත් උනා. කොතනක හරි පාර වැරදිලා, තේ වත්ත එක්ක තියෙන පතනකට වැටුණා. එතනත් සුපිරි. ඇල්ල ටව්ම, කිතල් ඇල්ල ලග රේල් පාරේ පාලම එහෙම හොදට පේනවා. පතනෙත් රව්ම් දෙක තුනක් ඇවිදලා, අඩි පාරෙන් ආපසු ආවත් තේ වත්ත වටේම කැරකෙන බව තේරුන හින්දා, පහල නිවසක වහලක් බලාගෙන එක එල්ලේ පහලට ආවා. මෙහෙම එද්දි අඩි පාරක් (ඇල්ල පැත්තෙන් ඇල්ල රොක් වලට එන අඩි පාර) සෙට් වෙලා, ඒ පාර දිගේ පහලට ගියා. පාර වැටෙන්නේ ඇල්ල පැත්තට… කිතල් ඇල්ලෙන් බහින්න ගිය මං, ඇල්ලෙන් මතු උනා… මේ අඩි පාර දිගේ පහලට එද්දි ඇල්ල ටව්මට පහලින් ප්‍රධාන මාර්ගයට සෙට් වෙන්නේ. ඊට පස්සේ පාර දිගේ ඇල්ල ස්ටේශන් එක බලාගෙන යද්දි වම් අත පැත්තෙන් රාවණා ඇල්ලට යන මාර්ගය හමු උනත්, කාලය ගැන අවබෝදයක් නැති හින්දා ( මෙතනට යන්නත් වෙලා ඉතුරු වෙලා තිබ්බා ), ඒ ගමන අත්හැරලා
ඇල්ල ස්ටේශන් එකට ඇවිත්, රෑ 7.00ට තියෙන නයිට් මේල් එකෙන් කොළඹ බලා පිටත් උනා. ඕන්න ඔහොමයි බදුල්ල නයිට් මේල් එකෙන් ගිහින් නයිට් මේල් එකෙන් ආවේ.




























සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව