මේ ගමන මීට සති තුනකට විතර කලින් නවීන් මල්ලිත් එක්ක ගිය ගමනක්….
කොටුවෙන් නයිට් එක්ස්ප්රස් එකේ නුවරට ඇවිත්, Kandy View Point එකේ ටෙන්ට් එක ගහගෙන , නිදාගෙන පාන්දර 4.40ට මාතලේ යන ට්රේන් එකෙන් වත්තේගමට ඇවිත්, එතනින් 6.15 බඹරැල්ල බස් එකෙන් බඹරැල්ල බලා ඇවිත් එතැන් සිට කදු මුදුන් බලා පිටත් උනා. වත්තේගමට 6.15 බඹරැල්ල බස් එක ආවත්, බස් එක නවත්තන්නේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා. ස්ටැන්ඩ් එක ඇතුළට ගන් නෑ. යන අය ඒ ගැනත් සැලකිළිමත් වෙන්න.
බඹරැල්ලෙන් බැහැලා එතන ඉදන් තේ වත්ත මැදින් පාර දිගේ ඉහළට ගියාම ලේසියෙන්ම five peaks බලා යන්න අඩි පාර හමුවෙනවා. ගිය දවසෙනම් මීදුමෙන් කදු වැහිලා තිබ්බ නිසා වීව් එකනම් බලා ගන්න බැරි උනා…
සති දෙකක් ඇද උඩ ඉන්න උන ජීවිතේට අමතක නොවන එක ගමනක්…. රසබර වගේම අවාසනාවත්ත සිදුවීම් එක්ක බඹරැල්ලෙන් කන්දට නැගලා, තංගප්පුවෙන් බැස්සා… තංගප්පුවේ ඉදන් උඩුදුම්බරට ත්රීවිල් එකේ ගෙනත් දාලා, තියෙනවනම් කීයක් හරි දෙන්න කියපු ඒ අයියට ස්තූති කරන්න වචන නෑ. මේ පාර වැඩි විස්තර නෑ… ගිහින් බලලා එන්න.






















සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව