නකල්ස් වන මැදින් දූවිලි ඇල්ල සොයා තනියම 1 කොටස (පළමු දවස – දුම්බර ඇල්ල සොයා)

Spread the love

මේ ගමනත් සුපුරුදු ලෙස නයිට් මේල් එකේ නුවරට ඇවිත් ගිය ගමනක්…

ගිය සතියේ බදාදා (20) කොළඹින් නයිට් මේල් එකේ ඇවිත් නුවරට එද්දි රෑ 12ට කිට්ටුයි. නුවරින් මාතලේ බලා යන ට්‍රේන් එක පාන්දර 4.40 ට වෙලා තියෙන හින්දා, බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකේ බංකුවක නිදාගෙන, ආපහු ට්‍රේන් එකේ නුවරින් මාතලේට යද්දි පාන්දර 6.10ට විතර ඇති. නුවර ඉදන් හෙට්ටිපොල බලා යන බස් එක (කලින් බස් එක එන්නේ නුවර ඉදන් කියලවත්, ඇටන්වලට යන්නේ මේ බස් එකේ කියලවත් දැනම් හිටියේ නෑ ) මාතලේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් 7.40ට හෙට්ටිපොල බලා පිටත් වෙනවා. මාතලේ හෝටලයකින් උදේටයි, දවල්ටයි කන්න බත් පාර්සල් දෙකක් අරන්, හෙට්ටිපොල බස් එකේ ඇටන්වල (ඇටන්වල කීවට, බස් එකෙන් බහින්න ඕන තැනට කියන්නේ රත්තින්ද) බලා පිටත් උනා. යන අතර මගදි තේ බොන්න මරු කඩයක් ලග නවත්තනවා… රත්තින්ද හංදියෙන් බැස්සට පස්සේ ඇටන්වට යන පාර දිගේ යද්දි වැද්දා පැනි ඇල්ල මුණ ගැසෙනවා.. ඒකත් බලාගෙන ගම මැදින් ඉස්සරාට යද්දි වම් අත පැත්තේ වනජීවී එකෙන් ගහපු බෝඩ් සමග නකල්ස් වනයට ඇතුලු වෙන ගමන ආරම්භ වෙනවා. ඒ අඩි පාර දිගේ ඉහලට යද්දි තාම විවුත කරපු නැති ටිකට් කව්ටර් එක පසු කරගෙන යද්දි පාර වම් අත පැත්තට මානිගල කන්ද, දකුණට දුම්බර ඇල්ලට යන විදියට පාර දෙකට බෙදෙනවා… දුම්බර ඇල්ලට යන පාර දිගේ යද්දි තණ පිට්ටනියකට වැටෙනවා.. එතනින් වමට බරව ඉස්සරාට යද්දි ආයිත් අඩි පාරක් හමු වෙලා, එතනින් ලංකාවේ කුඩාම ගම්මානය වල්පොල ගම්මානයේ එකම නිවස හමු වෙනවා… නිවස ලග මිදුලින් දකුණට තියෙන පාරින් පහලට යද්දි කොස් ගහ ලගින් දකුණට යන පාරේ යද්දි දිය පාරක් හරහා ගිහින් අත්හරින ලද කුඹුරකින් පහලට යන්න ඔනා.. එතනින් පස්සේ දිගටම අඩි පාර දිගේ යද්දි තව වතුර පාරක් හමු වෙනවා…වතුර පාරෙන් එගොඩ උනාම ආයිත් අඩි පාර තියෙනවා. මේ විදියට වතුර පාරවල් වලින් ගොඩ වෙවී ඉස්සරාට යද්දි අඩි පාර කොටස් දෙකකට බෙදෙනවා.. වම් අත පැත්ත දුම්බර ඇල්ල, දකුණු අත පැත්තට උඩට දූවිලි ඇල්ල බලා යන ගමන් මග. 10.30 විතර රත්තින්දෙන් පටන් අරන් පාර සොයාගෙන දුම්බර ඇල්ලට ලගා වෙද්දි හවස 3.30ට කිට්ටුයි… මෙතනින් එහාට කෑම්පින් කරන්න තැනක් ගැන අදහසක් තිබ්බේ infinity pool එකයි, දූවි;ලි ඇල්ලයි…. යන මාර්ගය, ගතවෙන කාලයයි ගැන අවබෝධයක් නැති හින්දා පළමු රාත්‍රිය දුම්බර ඇල්ලේ ගත කරන්න තීරණය කරා. (තනියම යන්න ඕන සම්පූර්ණ විස්තරයම ෆොටෝ එක්ක තියෙනවා. ඒ විස්තර photos එක්ක ඕන කෙනෙක්ට ඇටන්වල ඉදලා, දුම්බර ඇල්ල දක්වා ගමන යන්න පුලුවන්. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *