නකල්ස් වන මැදින් දූවිලි ඇල්ල සොයා තනියම අවසාන කොටස

Spread the love

උදේ පාන්දර නැගිටලා, ඉතිරිවෙලා තිබ්බ කොත්තු මී පැකට් එකක් හදන් කාලා, ආපසු ඇටංවල ගම බලා, දූවිලි ඇල්ලෙන් පිටත් උනා. දූවිලි ඇල්ලේ ඉදන් එද්දි දකුණු අත පැත්තට ඇල්ල පාමුලට යන්න අඩි පාරක් තීනවා.. ඒපාරේ ඇල්ල පාමුලට ගිහින් ආපසු කිසිම කරදරයක් නැතිව Intify Pool වෙනකම් ආවා. ඊලගට දුම්බර ඇල්ලට ගාලාගෙන යන වතුර පාර හරහා යන කොට හැක් වෙන ගතියක් ඇවිත්, වතුර පාර මැද්දේ ගලක විනාඩි දහයක් විතර වැතිර ඉදලා, ජීවනී එකක් හදාගෙන, ඒකට ග්ලූකෝස් දාලා බීවා. ටික වෙලාවකින් යතා තත්වයට පත් වුන බව තේරුනම ආපසු ගමන පටන් අරන් කලු දිය පොකුණ පේන මට්ටමට ආවා. මේ වෙද්දී බෑග් එකේ බර, බඩගින්න අදීක තෙහෙට්ටුවක් ඇගට තිබ්බ නිසා ගමනේ වේගයත් සෙමින් සිදු වුනේ.. පහලට බැහැලා, කලුදිය පොකුණට යන ගමනත් අත්හැරලා, ඇටංවල බලා එන්න තීරණය කරා.. කලින් ශෝට් කට් එකකින් ගල මැදින් ආපු හින්දා, මේතන ඉදන්, දූවිලි ඇල්ලටයි. දුම්බර ඇල්ලටයි පාර බෙදෙන තැන දක්වා පාර අලුත් මාර්ගයක් උනා. කොහොම හරි කරදරයක් නැතිව වල්පොල ගම ඉදන් දෙවන වතුර පාර වෙනකම් ආවත්, ඒ දිය පාරෙන් එගොඩ උනාම, ආපු අඩි පාර වෙනුවට වෙනත් අඩි පාරකට යොමු වෙලා, ඒ පාරේ ඉස්සරාට ගියා. අඩි පාරක් කීවට වාහනයක් යන්න පුලුවන් මට්ටමට පලල් වගේම සමහර තැන්වල ගල් පතුරු පවා අල්ලපු පාරක් ඒක. ඒත් මග ගස් වැටිලා මාර්ගය තැනින් තැන අවහිර වෙලා. මැප් එක බලද්දි වල්පොල ගමට මීටර් 300ක් විතර ආසන්නව වටේ කැරකෙන බව තේරුණා. ඕෆ් රෝඩ් යනවට වඩා ආපසු දිය පාර ලගට ගිහින්, එතනින් අනිත් අඩි පාර හොයාගෙන කොහොමෙන් හරි ඇටංවල ගමට ඇවිත්, රත්තින්ද හංදියට බස් එකට ආවත්, ඒ වෙනකොට බස් එක පෙනි පෙනි ගියා.

ගමේ කෙනෙක් කියපු විදියට ඉලුක්කුඹුර මාතලේ බලාගෙන එන බස් එකට පිටවල හංදියට ගියත් එදා ඒ බස් එකත් නෑ. ඊලගට වාහනේකට අත දානවා කියලා හිතාගෙන පිටවල පතන රිවස්ටන් දක්වාම පයින් ගෑටුවා. කියන්න සංතෝශයි පාරේ ගියේ වාහන තුනයි… එතනින් වැගන් ආර් එකක් මං යන පැත්තට විරුද්දව ආවේ.. අත නොදාලත්, මග නවත්තලා, නවතින්න තැනක් හදලා දෙන්නත් හදලා, වාහනයක් ආවේ නැත්තම් රිවස්ටන් ගාඩ් රූම් එකේ නවතින්න කියලත් ගියා. ඒ වාහනේ දෙන්නට (තාත්තයි පුතයි වගේ ) රෙස්පෙක්ට් කරනවා…. වෑන් එකක් ආවා… අතදැම්මත් නවත්තන්නෙත් නැතිව ගියා… තත්වේ දරුණ බව තේරුණ හින්දා, හුලං නැති පාර අයිනේ තැනක් සෙට් වෙලා, එතන ටෙන්ට් එක ගහන්න ලෑස්ති උනා.. ඔය වෙලාවේ ආපු කාර් එකක් නැවැත්තුවත්, විස්තරේ අහලා, අදුරන් නැති අයව දාන් යන්න බෑ කියලා ගියා… මං ටෙන්ට් එක ගහලා රැය පහන් කරා…

අහලා තිබුණත් ප්‍රථම වතාවට ජීවනී ග්ලූකෝස් වලින් පැය 42ක් විතර ගත කරේ මේ දවස් ටිකේ. පසුදා උදේ 8ට ආපු බස් එකේ මාතලේට ඇවිත්, නොමිලේ යන්න ලබා දුන් චාන්ස් එකෙන් ප්‍රයෝජන අරන් ට්‍රේන් එකේ ගෙදර ආවා.

ඔන්න ඔහොමයි ඇටංවල ඉදන් දූවිලි ඇල්ල සොයාගෙන ගිය ගමනේ විස්තරේ… යන්න කලින් දූවිලි ඇල්ලේ ගිය ගමන ගැන අහන්න මැසේජ් දාපු මැසේජ් වලින් රිප්ලයි කරපු තිළිණ හා නදිශ්ක මල්ලිලා දෙන්නටත් ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *