මේ ගමන පිටත් වෙන්නේ නාරංගමුව ගමේ සිට මාතලාගල දක්වා යන්න. නාරංගමුව ටිකට් කව්ටරයත් පසු කරගෙන මාතලාගල හා මීමුරේ දක්වා පාර දෙකට බෙදෙන හංදිය වෙනකම් ඇවිත් එතනින් මාතලාගලට යන අඩි පාරේ ඉස්සරාට යනවා. ඔය අතර වැස්සක් සමග අඩි 10ක දුරක් නොපෙනෙන මීදුමක් එක්ක මාතලාගලට යද්දි හමු වෙන අවසාන දොල පාර ලගට ඇවිත් එතනින්
වැරදි පැත්තට ලා අඩි පාරක්, බොහෝ විට සතුන් වතුර බොන්න ආපු පාරක් වෙන්න ඕනා, සමග ඉස්සරාට ගිහින් නෙරුවකින් ගමන නවතිනවා. එතනින් එහාට කිසිම පාරක සටහනක් නෑ. මේ වෙද්දි හවස 4ට විතර ඇති. මොකක්දෝ හේතුවකට මේ වෙනකම් මැප් එක බලන්න හිතෙන් නෑ. අඩුම ගානේ මැප් එක බලලා ඉස්සරාට යන්නවත් හිතෙන් නෑ. ඊලගට ඒ නෙරුව දිගේ පහලට බ්ලා බ්ලා බ්ලා………… ඇවිත් නවතින්නේ ලකේ ගල කදු පංතිය පෙනෙන තැනක. මෙවෙලේ ලාවට මොබයිල් සිග්නල් පෙන්නපු හින්දා, Journey hut එකේ Viduranga Basnayaka අයියට කෝල් එකක් අරන් බැලුවා. ඒ වෙලේ කියපු විදියට කන්ද ඉහළට යාම වෙනුවට, මං පහලට ඇවිත් තියෙන්නේ… වට පිට බලද්දි ටෙන්ට් එක ගහන්න පුලුවන් තරමට ඉඩ තියෙන තැනක් දැකලා, ගස්වල එල්ලිලා ගල් තලාවකින් බැහැලා එතනට යනවා. එතන සුපිරි විව් පොයින්ට් එකක්… ලකේගල කදු පංතිය සුපිරියට පෙනෙනවා. මේ වෙනකොට 5ට විතර ඇති. මේ වෙද්දි ආපසු යනවද මෙතනම ඉන්නවද කල්පනා කරලා, අවස්සානයේ රෑ මෙතන ගත කරන්න ටෙන්ට් එක ගහනවා. ටෙන්ට් එක ගහලා කවරේ දානවත් එක්කම වැස්සක් වැටෙනවා… වැස්ස විතරයි… සුළං පොදක් එන් නෑ. කට්ටම කට්ට කරුවලයි. ඕෆ්ලයින් මැප් එකේ යන්න ඕන ලොකේශන් එක මාක් කරලා, පසු දිනට ලෑස්ති වෙලා රෑ නින්දට යනවා. ටෙන්ට් එකෙන් එලියට ආපු ගමන් ප්‍රපාතයක් තියෙන්නේ… ටෙන්ට් එකේ දොරයි ප්‍රපාතයයි අතර අඩි දෙකක විතර පරතරයක්.
උදේ එළිය වැටුනට පස්සේ නැවතත් ආපසු ගමනාන්තය සොයාගෙන යන්න පටන් ගත්තා, ආපු පාරෙන් නැතිව මැප් එක අනුව ඉස්සරාට යද්දි, මං කෑම්ප් කරපු තැනින් පොඩ්ඩක් දුරින්, ගල් තුනක් අතරි කුහරයක් පහලට…. භූගත ගුහාවක් වගේ… එක උඩින් මං ටෙන්ට් එක ගහන් ඉදලා තියෙන්නේ… අහලා තියෙන විදියට මේ අවට ඔහොම තැන් රාශියක් තියෙනවා…. පොඩ්ඩක් ඒක ඇතුලට ඔලුව ඔබලා බැලුවා.. කෙලවරක් පෙනුන් නෑ. මේ වෙද්දි අතරමං උනා කියන හැගීම ඇවිත් තිබ්බේ. ඇතුලට යන්න හිතුන් නෑ. මේ වෙලාවේ එකම අරමුණ උනේ නැවත පාර සොයා ගන්න.
කෙලින්ම කන්ද කරා ඇවිද්දා….. මගදි බිම දොඩම් ගෙඩි හැමතැනම…… උඩ බැලුවට ගස්වල පේන්න ගෙඩිත් නෑ… ගසක් අඩි 20-25කට වඩා උසයි. ඔව් මේක තමයි ඒ දොඩම් වත්ත….. ඒක පසු කරගෙන කෙලින්ම මැප් එක අනුව ඉහලට ගියත් මාන පදුරු වගයකින් ඉහලට යන්න බෑ… පැය තුනක් විතර වටේ ඇවිද්දා… ඔය අතර වතුර පාරවල් තුනක් හමු උනා.. අන්තිමට වතුර සැර අඩුම වතුර පාර දිගේ ඉහලට යද්දි නැවත හරි පාරට වැටුනා. ගත්ත ෆොටෝ ගොඩක් අපැහැදිළි වෙලා….. හේතුවක් දන් නෑ.
මේ ගමනින් ඉගෙන ගත්ත ලොකුම පාඩම කැලේ යනවනම් කොච්චර අඩි පාරවල් තිබ්බත් මැප් එකට පළමු තැන දෙන එක. දෙවැනි එක කෑම වැඩිපුර දවසකට තියාගන්න එක.










සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව