නකල්ස් කැලේ දින හතරක්..

Spread the love

නකල්ස් යන්න කතා වෙලා අපි හතර දෙනෙක් එක්ක කොළඹ කොටුවට රැ 12.00ට ආවා. නුවරට ගිහින් මාතලේ යන්න හිතාගෙන හිටියත් කොළඹදි ඒක වෙනස් උනේ මාතර මාතලේ සෙමිය අපිට හම්බුන නිසා. කැඩි කැඩී ගමන යනවට වඩා ලේසි නිසා ඒකට නැග්ගෙ සැපේ නින්දක් දාගෙන යන්න. හිතුවට වඩා ඉක්මනට අපි මාතලේට ආව නිසා අපිට නිදා ගන්න උනේ මතලේ පල්ලෙහා ස්ටෑන්ඩ් එකේ. කොහොම හරි උදේ 6.30 විතර වෙනකන් නිදන් ඉදලා නැගිටින්න උනේ සෙනග එන්න පටන් ගත්ත නිස ටවුන් එකට. ඊට පස්සෙ ඉත්න් අපි ප්ලේන්ටියක් ගහලා මාතලේ හෙට්ටිපොල බස් එක්කට නැග්ගා ඒක මාතලෙන් යනකොට 8.30ට විතර උනා.

බස් එකේදිනම් අපිට වැඩිය වටපිටාව බලාගන්න බැරි උනේ හොදටම නින්ද ගිය නිසා. ඒ යන මගදි බස් එකේ කට්ටිය ඉතින් අපිට යන පාර ගැන එහෙම විස්තරයක් කරා. අපි 10.30 විතර වෙනකොට ඇටෙන්වල ගමට ආවා. එතන තියන කඩෙන් තවත් කැම බීම ටිකක් අරන් අපි ඇටෙන්වලින් නකල්ස් යන්න පටන් ගත්තා.

වැද්දා පැනි ඇල්ල පසු කරගෙන කිලෝමීටර් දෙකක් විතර යනකොට අපිට නකල්ස් පිවිසුමට ලගා වෙන්න පුලුවන් උනා. ආ එතනින් ටිකට් ගන්නත් ඕනි. තව ගයිඩ් කෙනෙක් එක්කන් යන්නත් ඕනි. ගයිඩ් කෙනෙක්ට විතරක් රුපියල් 7000ක්. ගාල්ලෙ ඉදන් ආපු නිසත් ඇත්තටම අපි අතේ එච්චර මුදලක් තිබුනෙ නැති නිසා කොහොම හරි අවසර අරන් අපි කන්ද නගින්න පටන් ගත්තා. කූඩැල්ලොන්ගෙන් මුල ඉදන් කරදර එල්ල කරත් අපේ පලවෙනි නැවතුම උනේ දකුණු ආසියාවෙ පුන්චිම ගම විදිහට හදුන්වන වල්පොල මුල්ල ගම්මානයයි. උදේ කෑම විදිහට පොල් රොටියක් එක්ක වඩයක් කාලා කෝපි එකක් එතන ඉදන්ම ආයත් ගමන යන්න පිටත් උනේ ඊලග නැවතුම විදිහට දූවිලි ඇල්ලටම යනවා කියලා හිතාගෙන.

වැහි අදුරත් එක්ක අපිට හිතපු තැනට යා ගන්න බැරි උනත් අපිට දුම්බර ඇල්ල ලගට යා ගන්න පුලුවන් උනා. හවස 4.30 විතර වෙනකොට. ආ ඒ යන පාරේ දෙබර කූඩුවක් තියන නිසා කවුරු හරි යන්න හිතන් ඉන්නවනම් පොඩ්ඩක් ඒ ගැනත් අවදානෙන් ඉන්න.

ඉතින් අපි දුම්බර ඇල්ලෙන් නලා එහෙම ගග ඓනෙම ටෙන්ට් එක ගහගෙන නතර වෙලා පහුවදා උහදේම දූවිලි යන්න පටන් ගත්තා. වෙහෙස කර ගමනකින් පස්සෙ අපිට සුන්ද infinity pool වලට ලගා වෙන්න පුලුවන් උනා එදා දවල් කෑම කාලා නාලා එහෙම දූවිලි ඇල්ලට ලගා උනා. ඉතින් දෙවනි දවසේ රාත්‍රිය දූවිලි ඇල්ලෙ ගත කරේ සුන්දර මතක ගොඩක් එක්ක. පහුවදා අපි රනමුරේ ගමට යන්න පටන් ගත්තේ උදේ පන්දර. ඒ එන ගමනෙදි ගිනිකෙළියාව පතන, අස්වැද්දුම් පතන පහු කරගෙන රනමුනේ ගමට එද්දි දවල් 1.00 විතර උනා. කඩේකට ගිහින් බඩ කට පිරෙන්න කාලා ඒ ලගම තියන දොලකින් නාලා ආයත් අපි කොලළබට එන්න පිටත් උනා.😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *