දෙවැනි දවස – කලු ගල් කුහරෙන්, දුම්බර ඇල්ල සිට දූවිලි ඇල්ල සොයා

Spread the love

21 රෑ වැස්සක් ගියත්, 22 උදේ වෙද්දි වැස්ස පායලා, පාන්දර 5ට විතර නැගිටලා, දවල්ටත් එක්ක කෑම හදාගෙන, ටෙන්ට් එකත් අකුලලා, 7 වෙද්දි මීලග නවාතැන කලුදිය පොකුණ හොයාගෙන පිටත් උනා. මුලින්ම යන පාර කියලා හිතන් හිටියේ දුම්බර ඇල්ල ලගින් උඩට තිබ්බ ලා අඩි පාර… පාර දිගේ ටික දුරක් ගියත් පාරක් නෑ.. වටේම බැලුවත් පාරක් නැති හින්දා, මැප් එක අනුව ඕෆ් රෝඩ් යන්න තීරණය කරා… මැප් එක අනුව කලුදිය පොකුණට යන්නනම් දුම්බර ඇල්ල ලග තියෙන ගල් පර්වතය මුදුනට යන්න ඕනා.. ගල් පර්වතය දිහා බලද්දි එක තැනකින් පැල්මක් දැකලා, එතනින් යන්න පුලුවන් ද කියන සැකයෙන් එතනට ගියාම, මට හරස් අතට යන්න පුලුවන්, කලු ගල අතරින් රිංගලා යන්න කුහරයක් හම්බ උනා. මුලින්ම බෑග් එක නැතිව කුහරයට රිංගලා ඉහලට ගියාම, ඒ ගල මුදුනට හොදට සිග්නල් තියෙනවා.. ෆ්බී ලොග් උනාම පරණ මැසේජ් එකකට තිළිණ මල්ලි රිප්ලයි එකක් එවලා තිබ්බා.. එයාගෙන් ඇහුවම කන්ද මුදුනෙන් පාර තියෙනවා…. දැන් එකම අව්ල බැග් එකත් උඩට ගන්න එක. කුහරය මගේ ඇගේ හරස් අතට, ගානටම තිබ්බේ. ඒ මදිවට කුහරය මැද්දේ පස් මත රැදුන තව සෙලවෙන තඩි ගලක් රැදිලා තියෙනවා.. වරදිලා හරි එක වැටුනොත් ගලට හිර වෙලා කුහරේ මැරෙන්න වෙන්නේ…. කොහොම හරි බැග් එකත් අරන් උඩට යන්න, ආයෙත් එතනින් බැස්සා.. බෑග් එක උස්සන් ‍යන්න බැරි හින්දා, කඹයක් ඕනා.. කිලෝ 20 විතර බර බෑග් එක උඩට ගන්න කඹයක් ගෙනත් තිබ්බේ නැති හින්දා, කූඩැල්ලන්ගෙන් බේරෙන්න ඩෙනිම් කලිසම් කකුලක් හදලා, මහලා තිබ්බ මේස් එකක් ඉරලා, රෙදි කඹයක් හදාගෙන ඒක මාර්ගෙන් බෑග් එක උඩට ගත්තා. උඩට ගිහින් එක එල්ලේ කදු මුදුන බලාගෙන ගියාම, කන්ද මුදුනෙන් තිබ්බ අඩි පාර හම්බ උනා. ඒ අඩි පාරට වම් පසින් වතුර පාරත් එක්ක කලුදිය පොකුණ පේනවා (මුලින් හිතන් හිටියේ දුම්බර ඇල්ලේ උඩ කියලා… පස්සේ දන්නේ ඒ කලුදිය පොකුණ… ) කලු ගල් කුහරයෙන් රිංගපු හින්දා, දල වසයෙන් 3-4km දුර ප්‍රමානයක් අඩු උනා. (දුර හැදුවේ ආපසු ඒ ආසන්නයේ සිට දුම්බර ඇල්ලට යන කාලය අනුව) ඒත් මේක දකින අය ගල් කුහරයෙන් රිංගන එක ඉතාමත් ඩේන්ජරස් වගේම ඒකෙන් යන්න හදන්න එපා. අර මැද්දේ තියෙන කලුගලට කකුලක්, අතක් තියලා, ගල ඇගට ඇවිත් හිර උනොත්, බේරෙන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා… ආයෙත් කියනවා… පුරුද්දක් නැති කෙනෙක් නම් ඒ පාරේ යන්න එපා. බොහෝ විට වැස්ස වෙලාවක, ඒ මැද ගල පහලට වැටෙයි… ඊට පස්සේ අලගල්ලේ සිංහකටෙන් උඩට යනවා වගේ එතනින් පාරක් හැදෙයි.

( දැන් හරි පාරෙන් යන විදිය : දුම්බර ඇල්ල ලග ඉදලා ආපහු ආපු පාර දිගේ එද්දි, දුම්බර ඇල්ලටයි, දූවිලි ඇල්ලටයි පාර බෙදෙන හංදියට වැටෙයි. ඊට පස්සේ දූවිලි ඇල්ලට අඩි පාර දිගටම තියෙනවා… පාර දිගේ එද්දි වම් අත පැත්තට පොඩි අඩි පාරක් එක්ක ගියාම කලුදිය පොකුණ. )

කලු දිය පොකුණ දැක දැක, ඒක නෙවේ කියලා කෙලින්ම ඉස්සරාට ගියා. ඉස්සරාට ගියාම දුම්බර ඇල්ල හැදෙන දිය පාර මුණ ගැසෙනවා. දිය පාරටම යන්න කලින් ලා අඩි පාරක් දැකලා, ඒ පාර දූවිලි ඇල්ලට යන පාර කියලා හිතලා කන්ද පැත්තට ගියා… රව්ම් දෙක තුනක් ගියත් පාරක් නෑ.. පස්සේ මැප් එක අනුව දිය පාරෙන් එගොඩ උනාම, ආයෙත් අඩි පාර හමු උනා. මෙතනදි පැයක් විතර නිකම් අපතේ ගියා.

දිය පාරෙන් එගොඩ වෙලා අඩි පාර දිගේ කෙලින්ම ගියාම Infinity Pool එක හම්බ වෙනවා.. Infinity Pool එකේ දකුණු අත පැත්තේ දිය පාර දිගේ ටිකක් ගියාම ලස්සන කාණුවක වගේ වතුර ගලා එන දිය පාරක් (කියන්න තේරෙන් නෑ. පොටෝ, වීඩියෝ බලන්න). වම් අත පැත්තේ දිය පාර දිගේ ගියාම තට්ටු ඇල්ල හමු වෙනවා. Infinity Pool එකෙන් එගොඩ උනාම ආයිත් අඩි පාර හමු වෙනවා. ඒ පාර දිගේම ගියාම දූවිලි ඇල්ල හම්බ වෙනවා. දූවිලි ඇල්ලට ගියාම කොත්තු මී හදන් කාලා, දූවිලි ඇල්ලේ මුලක් පොඩ්ඩක් ඇදලා, ඒකෙන් එන වතුරෙන් නාලා, රෑ දූවිලි ඇල්ලේ ගුහාවේ කෑම්පින්ග් කරා. උදේ පොඩි සීතල ගතියක් මිසක්, ගුහාවනම් උණුසුම්. පොඩ්ඩක්වත් සීතලක් නෑ. ඔන්න ඔහොම තමයි දෙවන රාත්‍රිය දූවිලි ඇල්ලේ ගුහාවේ ගෙවුනේ…

අවසාන තුන්වන කොටසින්, අතරමං වෙලා, ග්ලූකෝස්, ජීවනී වලින් පැය 42ක් විතර ගත කල රාත්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *