දවල් වෙලා මමයි පැතුමුයි ඉශුයි ඩිල්ශානුයි නුවර බලා ගියේ දවස් ගානක් එක තැනකට වෙලා හිටපු මගේ කකුල යම්තාක් දුරට හොද උනාට පස්සෙ ඉශූගෙ කීමටයි…
ඉතින් අපි හවස 3ට විතර අනුරාධපුරේ ඉදන් නුවරට ගියේ එදා දවස අපේ නුවර අත්තම්මලාගෙ ගෙදර ඉන්න බලාගෙන කොහොම හරි අපි හවස 07 වගේ වෙද්දි අත්තම්මලගෙ ගෙදරට ගියා… මේ ගමනට අපිට තව කෙනෙක් එකතු උනා ඒ හශිනි නංගි එයත් 10ට විතර අපේ අත්තම්මලාගෙ ගෙදරට ආවා… ඉතින් අත්තම්මලාගෙ ගෙදරට වෙලා පාන්දර වෙනකල් කට්ටිය කයියක් ගහගෙන ඉදල නින්දට ගියේ උදේ පාන්දරම පිටත් වෙන්න බලාගෙනයි
මලකෙලියයි නැගිටිද්දි උදේ 07 යි වෙලාව… අපේ ගමන උනේ දුම්බර ඇල්ල , දූවිලි ඇල්ලට යන්න ඒත් මාතලෙන් උදේ බස් එක තියෙන්නෙ 7.45ට නිසා අපිට යන්න වෙලා මදි උනා… ඉතින් උදේම අත්තම්ම උයපු කෑම.එකත් කාල අපි 8.30ට විතර පිටත් උනේ ඉක්මනින් තියෙන බස් එක අල්ලගන්න බලාගෙනමයි… අපි පාරට එනකොටම අම්පිටියෙ ඉදන් නුවරට යන්න බස් එකක් ආවා ඒකෙ අපි නැගල නුවරට එනකොටම මාතලේට යන්න ආව බස් එකේ නැගල අපි මාතලේට එන්න පිටත් උනත් මාතලේට ඇවිත් බලනකොට අද ඇටන්වලට යන බස් එක වැඩ නෑ ආය බස් එකක් යන්නෙත් නැ කියල එතන හිටපු කෙනෙක් අපිට කිව්වම මට තරු පෙනුන මොකද මමනෙ නඩේ ගුරා..
මම ඒත් එක්කම කට්ටියට ඒක කියන්නැතුව ගමන වෙනස් කරන්න තීරනේ කරල තුන්හිස්ගල යමු කියල ආයෙත් මාතලෙන් උයන්න ඕන බඩු ටිකත් අරගෙන වත්තේගමට යන්න පිටත් උනා… අපි වත්තේගමට ගියත් මගෙ හිතේ තිබුනෙම බබරැල්ලට යන්න බස් එකක් තියෙයිද දන්නෑ කියන සැකයත් එක්කම… අම්මෝ වෙලාව හොදයි කියන්නෙ වත්තේගමින් බහිද්දිම බබරැල්ලට යන බස් එක යන්න හදනව අපි ඉක්මනින් ඒකට නැගල ඉස්සරහම ශීට් එකේ ඉදගත්තෙ ලස්සනට වටපිටාව පේන නිසා..
බස් එකේ අයියත් එක්ක කයියක් දාගෙන වටපිට බල බල ගියේ මම කියවන්නත් රුසියම නිසාමයි කොහොම හරි අපි 12.30 වගේ වෙද්දි ලෙබනන් වත්ත හරියෙන් බැහැල හිමීට කලුපහනට යන්න පිටත් උනේ රැ වෙන්න කලින් kmp වාඩියට යන්න ඕන නිසාමයි…. කට්ටියගෙම මේ පලවෙනි travel එක ඉතින් ඒ කට්ටියවම මට බලාගන්න උනේ මාරම ගේමක් දීලා හැබැයි හැමෝම හොදට පුරුදු අය වගේ යන්න පටන් ගත්ත එකත් මට ලොකු හයියක් උනා…
අපි හුලුගග ඇල්ලත් බලාගෙන තේ වත්ත මැදින් ටික දුරක් යද්දි ඉශූට හොදටම මහන්සී තාම කැලේ ලගටවත් ඇවිත් හිටියෙ නෑ… කොහොම හරි එයාවත් ඇදගෙන ඉක්මනින් මම ගමන පිටත් වෙන්න හැදුවෙ රෑ වෙන්න කලින් වාඩියට යන්න ඕන නිසාමයි කොහොම හරි පලවෙනි පොඩිකන්ද ලගට ඇවිත් කෝපි එකකුත් හදාගෙන අපි බීලා ආයෙත් ගමන යන්න පිටත් උනේ අවුවත් එක්කමයි…
පැය එකහමාරක් වගේ යද්දි අපි කැලේ ලගට ලන් උනේ අනිත් හති දාගෙනමයි…
මම ටිකක් හයියෙන් යන්න හදද්දි ඉශූ මට බනිනව ” හිමින් යනව මනුස්සයො අපිට හයියෙන් එන්න බෑ “කියල ඒත් මට හිමින් යන්න බෑ… මම කොහොම හරි කට්ටියවත් ඇදගෙන කැලේ ඇතුලට ඇවිත් හිමින් හිමින් ආවා කැලේ මැදට එද්දි කරුවලත් වැටීගෙන එද්දි මට හිතට බයක් දැනුනෙ අනිත් අයව පරිස්සමෙන් වාඩියට එක්කන් යන්න ඕන නිසාමයි කැලේ මැදින් තිබුනු පුංචි අඩි පාර කූඩැල්ලන්ගෙන්නම් කිසිම අඩුවක් තිබ්බෙ නෑ…
තුන්දෙනි පොඩි දිය ඇල්ල.ලගට එද්දි නොදැනිම කරුවල වෙන්න පටන් ගත්ත ඉතින් මම කට්ටියට ලගින්ම එන්න කියල ටෝච් ටිකත් ගහගෙන කරුවලේම වාඩිය හොයාගෙන යන්න ගියේ කට්ටියටම ඒ වෙද්දි මහන්සි නිසා… කොහොම හරි මම ටිකක් ඉස්සරහින් ආවෙ ඉක්මනින් වාඩිය හොයාගන්න හිතාගෙනමයි… එකපාරටම ගස් අස්සෙන් වාඩිය දැක්කම මගේ හිතට දැනුනේ පුදුම සතුටක් පැය 6ක විතර ගමනකින් පස්සෙ අපි වාඩියට එද්දි හොදටම.කරුවල වැටිලා වෙලාව හවස 07යි… යනකොට මහතුං මාමා උයනව… අපි බෑග් ටිකත් වාඩිය ඇතුලෙන් තියල කූඩැල්ලො ටිකත් ගලවගෙන ඉවර වෙද්දිම වහින්න පටන් ගත්ත…
ඒකත් අපේ වෙලාවටම වාඩියට ආවට පස්සෙයි වහින්න ගත්තෙ
ඉතින් මහතුං මාමා අපිට නාන්න පීල්ලත් පෙන්නලා අපි නාල එනකල් බත් එක ලිපේ තිබ්බ… අපිත් සීතලේම ඉක්මනින් නාල ඇවිත් මාමත් එක්ක උයන්න පටන් ගත්තේ අපි ගෙනාව බඩුත් අරගෙනයි… රෑට බත් උයල පරිප්පුයි සෝයයි හදාගෙන කන ගමන් මාමත් එක්ක කයියකුත් දාගෙන ඉද්දි මාමාගෙ පරන ජීවත කතාව අපිත් එක්ක කියද්දි හිතට පොඩි දුකකුත් ආවා…. ඒත් අපි ආව එක ගැන මාමා හිටියෙ හරිම සතුටින්….
මමා කලින්ම කිව්ව උදේ 8 විතරවත් වෙද්දි අපිට කන්ද නගින්න පටන් ගන්න වෙයි කියල… ඒත් නොදැනිම නිදාගද්දි පාන්දර උනා… ඒ වෙනකල් අපි මාමගෙ කතා අහගෙන හොද කයියකුත් දාගෙන හිටියෙ මාරම ආසාවෙන්… ඒ අතරින් වාඩියේදි මාමට උන හොල්මන් කතා කියද්දි හිතට පොඩි බයකුත් ආවා…. එදා දවස එහෙම ගෙවිල පහුවදා නැගිටිද්දිම 07ත් පහුවෙලා… අපි නැගිටිද්දි මාමා උයනව… අපිත් දඩබඩ ගාලා නැගිටලා මාමත් එක්ක උයන්න පටන් ගත්තෙ ඉක්මනින් කන්දට නගින්න බලාගෙනයි… උදේට පොල්සම්බෝලයක් හදල සෝයත් එක්ක බත් කාපු අපි ඔක්කොම බඩුත් වාඩියෙම තියල දවල්ට කන්න නූඩ්ල්ස් පැකට් ටිකකුයි වතුර බෝතලේකුයි ලිපයි විතරක් අරගෙන ගමන යන්න හදද්දි 10ත් පහුවෙලා… දන්නවනෙ ඉතින් අපේ උන් එක්ක ගමනක් යද්දි
ඒත් මාමා අපිව තනියම යැව්වෙ නෑ අපිත් එක්ක මාමත් ආවෙ අපි අතරමං වෙයි කියන බයටමයි…. මගදි මම මාමගෙන් ඇහුව වතුර පුරවගන්න තැනක් තියෙනවද කියල…. ඒ අපි එක වතුර බෝතලයක් විතරක් ගෙනාව නිසා… මලකෙලියයි කියල ආය වතුර පුරවන්න තැනක් නෑ කියල කියද්දි අපිට තරු පෙනුනා…. දැන් ඉතින් මොනා කරන්නද කියල හිතාගෙන වතුර බෝතලෙත් පරිස්සම් කරගෙන මගට 12.30 වගේ වෙද්දි කන්ද පාමුලට අපිව මාමා එක්කගෙන ආවා..
දැන් තමයි හොදම ටික කන්ද නගින්න තියෙන විදිහ දැක්කම ඉශූගෙ මූන ටිකක් අවුල් ගියා එතන්න් කෙලින්ම උඩට යන්න පාර තියෙන නිසා නැවතත් මහතුං මාමා වාඩියට යන්න පිටත් උනා…. හිමින් හිමින් කන්දෙන් බාගයක් එද්දි හෙල විතරයි පේන්නෙ චුට්ටක් හරි ලිස්සුවොත් වැටෙන දිහා හිතාගන්නත් බැරි තරම්… මම කට්ටියවත් එක්කගෙන ඉස්සරහින්ම ගියා… මැදහරියට එනකොට ඉශූට කලන්තෙ වගේ කිව්වම මට තවත් බය හිතුනෙ ඒ හරියෙ ඉදගන්නතියා විනාඩියක් එකතැන හිටියොත් කූඩැල්ලො අපිව වහගන්න වගේ එන නිසා…
කොහොම හරි ඩිල්ශාන්ටයි පැතුම්ටයි කෙල්ලො දෙන්නවත් එක්කන් හිමීට එන්න කියල මම ඉක්මනින් උඩට නගින්න පටන් ගත්තෙ කකුල් වල තියෙන අමාරුව ටික වෙලාවකට අමතක කරන ගමන්මයි…. 1.30 වගේ වෙද්දි දෙයියනේ කියල මම කන්ද උඩටම නැගලා කට්ටිය එනකල් තියෙන වතුර ටිකත් පරිස්සම් කරල නූඩ්ල්ස් ටික හදන්න ගත්තෙ අනිත් අය ආව ගමන් කන්න දෙන්න බලාගෙනමයි….
කොහොම හරි විනාඩි 10ක් විතර යද්දි කට්ටියම උඩට ආවෙ මට බැන බැනමයි වෙන කවුරුත් නෙමේ ඒ ඉශූ ටික වෙලාවක් යනකල් මට රව රව කතා කරන්නෙවත් නැතුව එයා හිටියෙ හිතේ තියෙන තරහටමයි……
කට්ටියම හදාගත්තු නූඩ්ල්ස් ටිකත් කාලා ෆොටෝ ටිකකුත් අරගෙන ටික වෙලාවක් උඩ ඉදල පහලට එන්න පටන් ගත්තා විනාඩි පහක්වත් ගියෙ නෑ අපිට වතුර මදි නිසා මහතුං මාමා දවල්ට කන්න කෑමත් හදාගෙන වතුරත් අරගෙන අපිව හොයගෙන කන්ද උඩටම ආවම මට ඇස් වලට කදුලු ආවෙ කිසිදාක අදුරන්නැති අපිට ඇයි මෙහෙම උදව් කරන නිසා…. කට්ටියම කයිකයි දාගෙන කන්ද පාමුලට ඇවිත් මාමා ගෙනාව බත් එක කන අතරතුර මාමා ආයෙත් වාඩියට ඉක්මනින් යන්න පිටත් උනේ අපිට හිමින් එන්න කියාගෙනයි…. දවල්ට කාපු අපිත් ආයෙත් හිමින් හිමින් වාඩියට යන්න පිටත් උදේ හොදටම හති දාගෙනයි… ඉතින් අපි හිනාවෙවී කයියකුත් දාගෙන වාඩිය කිට්ටුවට එද්දි ආයෙත් මාමා අපිව හොයාගෙන ආවෙ අපි තවත් පරක්කු උන නිසා කියල මාමා ඇවිත් වාඩියට එක්කගෙන ගියා….
වාඩියට ගියපු අපි නාලා රෑට උයන්න පටන් අරන් කට්ටියම එකතු වෙලා කුස්සියෙ ඉදගෙනම කයියක් දාන්න පටන් ගත්තේ හශිනි නංගිව බයිට් කරන ගමන්මයි….. එදා දවසත් එහෙම ඉදල නින්දට ගියේ හෙටවත් උදේම නැගිටලා ගෙදර එන්න බලාගෙනයි…
ම්ම්ම් මරු… එදා නැගිටිද්දි 8 ත් පහුවෙලා…. ඉතින් උදේම මාමා කිව්ව එයත් අපිත් එක්ක ගමට යන්න එනව කියල ඒ මාමට බඩු ගේන්නත් එක්කමයි….. හදාගත්තු කෑම කාලා අපි ලෑස්ති වෙලා එන්න හදද්දි මහතුං මාමා එනසාල් මල්ලකුත් අපිට අරගෙන යන්න දීලා කූඩැල්ලො කන්නැති වෙන්න බෙහෙත් එකකුත් අපිට දුන්න… ඉතින් බෙහෙත් එකත් කකුල් වල ගාගෙන එන්න පිටත් වෙද්දි මාමා දවල් වෙලා එන්නම් කියල අපිට පරිස්සමෙන් යන්න කිව්වම අපි මාමට වැදල මාමගෙන් සමු ගද්දි මාමා කිව්වෙ ” හමුවීම සතුටක් වෙන්වීම දුකක් ” කියල අපි වාඩියටත් සමු දීලා පිටත් වෙන්න ආවෙ ගෙදර එන්න බලගෙනයි…. කොහොම හරි අපි පැය 4 ක් වගේ වෙද්දි ගමට එන්න පුලුවන් උනත් එතනින් එහාට අපිට එන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ ඒ බස් එක නැති නිසා….
අපි එදා දවස අරන් ටික ටෙන්ට් ටිකත් ගහල ඉමු කියල හිතගෙන ගමේ tamil කොල්ලො ටික්ක් පොඩි ground එකක cricket ගහන්න ආවා ඉතින් මාත් ආසම එකක් නිසා එයාල එන්න කිව්වම මමත් ආසාවෙන්ම ගියේ සෙල්ලම් කරන්න බලාගෙනමයි…. කවදාවත් අදුරන්නැති උනාට එයාලගෙ කෙනෙක් වගේම මටත් සෙල්ලම්.කරන්න දුන්නෙ මාරම හිත හොද කමකින්…. කොහොම හරි සෙල්ලම්.කරල ඉවර වෙලා එතනම තිබුනු මුරලි අයියලාගෙ කඩෙන් රෑට උයන්න බඩු ගද්දි කඩෙ මාමයි අක්කයි අපි එක්ක කතා කර කර ඉද්දි වැස්සක් ආවා… ඒනිසාම කඩෙ අක්ක කිව්ව මල්ලි අපේ ගෙදර තියෙනව මේ ලග අද කට්ටියම එහෙ ඉදල හෙට උදෙම යන්න පුලුවන් කියල…. එහෙම කිව්වම හිතට දැන්නෙ මාරම සතුටක්…
කඩේ මාම අපිවත් එක්කගෙන ගෙදරට ගියේ කරුවලේමයි…. දෙමල අය උනත් ඒ මිනිස්සුන්ගෙ හිත මාරම හොදයි…. එයාල කිව්වෙම අපි හැමෝම මිනිස්සුනෙ මල්ලි කියල …. ගේ තිබුනෙ ජෝඩු ඇල්ල ලගමයි… ඉතින් අපි ගෙදරට යනකොට නැන්ද රොටී හදනව…
අපි රෑට කාලා ගෙදර කට්ටිය එක්ක කතාකර කර ඉද්දි ගෙදර හැමෝම ඉශූට එහෙ නවතින්න කිව්වේ එයාලගෙ දුව මාතරදි accident එකකින් නැති වෙලා ඒ දුව ඉශූ වගේම නිසයි…. ඒ නිසා ගමේ අයත් ඉශූව බලන්න ආවා…..
මම දන්නෑ අපිට හැමදේම හොදින් උනේ ඇයි කියල… කවදාවත් නොදන්න පැත්තක රෑ එකපාරටම ඒ ගෙදර පුතා ආවා…. මාමයි නැන්දයි පුතාගෙ විස්තර කලින් කියනකොටම අපිට පොඩි හුරුවක් දැනුනා… පුතා ආවම අපි එයාව අදුනගත්තා… බැලින්නම් අපේ අනුරාධපුරේ කෝවිලේ මංගල්‍යෙට බෙර ගහන කට්ටියව එක්කන් එන අයියා… එයාගෙ තමා බෑන්ඩ් එක….. කියාගන්න බැරි තරම් හිතට සතුටක් දැනුනේ අහම්බෙන් හමු උන නිසයි…. එදා දවස අපි එහෙ ඉදල උදේ නැන්ද හද්ලා දීපු කෑම එකත් කාලා හැමෝටම සමුදීලා අපි එන්න හැදුවත් අපි නොපෙනී යනකල්ම නැන්ද අපිට අත වනමින් සමු දුන්නෙ..නැවත එයාලව බලන්න එන්න කියල… ඉතින් අපි 10.30ට බබරැල්ලෙන් වත්තේගමට එන්න පිටත් උනේ නැවත එහෙ යන්න බලාගෙනමයි….
ගමනේදි අපිට හම්බුන මිනිස්සු ගැනනම් කියන්න වචන නෑ… ඒ තරම් අත්දැකීම් ගොඩක් අපි ගත්තා…. ඒ වගෙම අපි කොච්චර වාසනාවන්තද කියන දේත් අපි හිත හිත වත්තේමට ඇවිත් කන්න හදද්දිම අපි හිටිය ගෙදර අක්ක් කෝල් කරේ මහතුං මාමා ආවා කියන ගමන්මයි… ඉතින් මහතුන් මාමටත් කතා කරලා අපි ආය එන්න බලාපොරොත්තුවෙන් සියල්ලන්ටම සමුදීලා එන්න මටත් ගත්ත




























