මේ ගමනත් සුපූරුදු පරිදි, 8.30ට කොළඹ කොටුවෙන් බදුල්ලෙන් බලා යන නයිට් මේල් එකෙන් ගමන ආරම්භ කරා. රෑ 12.30 වෙද්දි ගම්පොලට ඇවිත් එතනින් නුවර එලිය බස් හෝල්ට් එකට ඇවිත්, එතනින් වැලිමඩ බස් එකේ පුස්සැල්ලාව ටව්න් එකට පාන්දර 3 විතර වෙද්දි එන්න පුලුවන් උනා. බස් ස්ටෑන්ඩ් එකේ ටෙන්ට් එක දාලා එතන නිදාගෙන උදේ 6 ට විතර තේ එකක් බොන්න කඩේකට ගිහින්, කඩේ අයියත් එක්ක කතාවට වැටුනම බොක්ක කූල් වෙන නිව්ස් එකක්….. තේ වත්තෙන් පාර වහලා… යන්න දෙන් නෑ… වත්තේ අයත් කේස්…. වෙන දෙයක් වෙච්චාවේ කියලා 7.30 ට පුස්සැල්ලාවෙන් පෙරෙට්ටාසී බලා යන බස් එකේ පිටත් උනා….
බස් එක අවසානෙට නවත්වන තැනින් බැස්සම, කොන්දොස්තර මහතා කියපු ශෝට් කට් එකෙන් උඩට ගිහින්, ලයිමෙන් පාර අහගෙන තේ වත්තෙන් කැලේට ඇතුළු වෙන තැනටම කිසිම බාදාවක් නැතිව එන්න පුලුවන් උනා. කැලේට ඇතුළු වෙන අඩිපාර හරහා ඇතුල්වීම තහනම් බෝඩ් එකකුත් ගහලා…….. එතන ඉදන් කැලේ ඇතුලෙන් උඩට ගිගින් චැරියට් පාත් එකට ලගා උනා… බස් එකෙන් බැහැපු තැන ඉදන් පැය 2කින් ලගා වෙන්න පුලුවන්.
උඩට ගියාම, ගිනි මැල ගහන්න කපපු ගස් දකින්න පුලුවන්. ඔයාලත් අනවසරයෙන් යනවනම් එහෙම ගස් කපපු අයගේ හැදු වැඩූ දෙමාපියන්ට අනිවා පින් දෙන්න… මේ දක්වා ගියපු ගමන් වලින් එ තරමට ගස් විනාශ කරපු තැනක් හමු වෙලා නෑ.
















සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව