තනිවම ලංකාවේ 12 වන උසම කදු මුදුණ සොයා – නමුණුකුල

Spread the love

සුපුරුදු පරිදි නයිට්මේල් එකේ බදුල්ලට ගිහින්, එතනින් පස්සර බස් එකේ 10 කණුවෙන් බැහැලා, එතනින් නමුණුකුල බස් එකේ ගමන් අරඹලා, කොන්දොස්තරට අදාල තැනදි කියන්න කීවම, ඒ ප්‍රදේශයේම කන්දයට යන ගමේ සෙට් එකකට මාව සෙට් කරා.

ගෝනකැලේ තේවත්ත මැද්දේන් ශෝට් කට් වලින් පැනලා, වටයක් ගහලා, වැස්සේ තෙමීගෙන ශීත ගගුල කියලා හදුන්වන වතුර පාර සොයාගෙන ගමන් කරා. ඒ වතුර පාර පසුකරගෙන ටිකක් ඉස්සරාට ගියාම කන්දට ගමනේ ආරම්භක ස්ථානය හමු වෙනවා……. එතන ඉදන් තේ වත්තේ ඉහලට ගියාම වතුර පාර පසු වෙනවත් එක්කම ටර්පන්ටයින් කැලේ හමු වෙනවා. ගමේ පිරිස ටර්පන්ටයින් කැලේ කෑම්ප් ගහන්න නැවතිද්දි, තනි මම ටර්පන්ටයින් කැලේ හරහා ගලා යන වතුර පාරෙන් නාලා බෝතල්වලට වතුර පුරවගෙන කදු මුදුනට ගමන පිටත් උනා. ඔය අතර කන්ද නගින තව පිරිසක් ඉස්සර කරගෙන, මුදුනට යද්දි මීදුමෙන් වට වෙලා… ටෙන්ට් ගහලා ඉවර වෙද්දි චුරු චුරු වැස්සක් පටන් ගත්තා…මාත් ටෙන්ට් එකට වෙනා නිදාගෙන රෑ 10 විතර ඇහැරුනා. එලියට ගිහින් බැලුවම හද එලිය විතරයි… මීදුමට හදත් වැහිලා. උදේ 11 වෙද්දිත් මීදුම… ඉර යන්තම් පේනවා නැති වෙනවා… වටේ ඇවිදලා, ෆොටෝ ගහලා, ටෙන්ට් අකුලලා පහලට එන්න ලෑස්ති වෙද්ද්දි ආයිත් වැස්සක් පටන් ගත්තා.. පහලට බැහැලා ගෝනකැලේ තේවත්ත පැත්ත වෙනුවට ස්ප්‍රිංවැලි පැත්තෙන් පහලට ගිහින්, මේමලේ වලින් බදුල්ල බස් එකේ බදුල්ලට ගිහින් ගමන අවසන් කරා.

හැබැයි නමුණුකුල යනවනම් ලේසිම විදිය තමයි බදුල්ලෙන් ස්ප්‍රිංවැලි හරහා මේමලේ බස් එකේ මේමලේට ඇවිත් එතනින් යන එක. මේමලේ පාලම කැඩිලා නිසා බස් එක පාලම ලගට විතරයි. පාලම මගින් ඉස්සරාට යද්දි ස්ප්‍රිංවැලි තේ වත්තට ඇතුල් වෙන පාර හමු වෙනවා. ඒ පාර දිගේම ඉස්සරාට යද්දි පොඩි කෝවිලක් ලගින් තේ වත්ත දිගේ උඩට ශෝට් කට් එකක් තියෙනවා. ඒක දිගේ හරි පාර දිගේ හරි ගියාම ශීත ගගුල කියන වතුර පාරට කලින් අත්හැරපු කාමරයක් හමු වෙනවා.. ඒ කාමරය ලගින් තමයි කන්දට යන පාර පටන් ගන්නේ. (අදාල තැන්වලට අදාල ෆොටෝ විස්තරෙත් එක්ක ඇති.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *