තනිවම, යක්කුන්ගේ අඩවියේ සොහොනක් මත නිදා ගත් ලංකාවේ එවරස්ට් කදු තරණය

Spread the love

මේ ගමන ගියේ දැනට මාසෙකට විතර කලින්, මුලින්ම කරේ කලුතරින් 4.23 ට කොටුව දක්වා තියෙන ට්‍රේන් එකේ කොටුවට ගිහින්, 5.55 පොඩි මැණිකේ ට්‍ර්‍ර්න් එකෙන් නුවරට ගියපු එක. නුවර ස්ටේශන් එකේ දෙවන තට්ටුවේ තියෙන ආපනශාලාවෙන් උදේට කෑම අරන්, දවල්ට කෑමට තවත් බත් පැකට් එකක් පාර්සල් කර ගත්තේ දහවල් ආහාරයට… එතන ඉදගෙන බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකට ගිහින්, එතනින් අම්පාර බස් එකෙන් උඩු දුම්බරින් බැහැලා, කලුගල බස් එකේ නැගලා කලුගලින් බැස්ස… කලුතර ඉදන් උඩුදුම්බරට වෙනකම් වැස්සක් තිබ්බත්, උඩු දුම්බරින් එහාට සුළං විතරයි. කලුගල ඉදන් කාපට් පාර දිගේ ඉස්සරහට යද්දි යහංගල කියලා බෝඩ් එකත් එක්ක වම් අත පැත්තට තියෙන කොන්ක්‍රීට් පාර දිගේ යද්දි දිය පාරත් (වැස්ස නැතිව හිදිලා තිබ්බේ) එක්ක දකුණු අතට අඩි පාරක් (ගුරු පාරක් වගේ මුල් ටික) තියෙනවා… ඒක දිගේ කන්ද මුදුනටම යද්දි මාන පදුරු අතරින් කන්දට නගිද්දි, වතුර ගන්න පුලුවන් අවසාන වතුර බටය හම්බ වෙනවා. වතුර ගන්න පුලුවන්න් අවසාන තැන මෙතන. මෙතනදි වතුර බටය ගලවලා, බෝතල් වලට වතුර පුරවගෙන කන්ද මුදුනට ගියාම, වම් අත පැත්තට තියෙන පළමු අඩි පාර ලංකාවේ එවරස්ට් නොහොත් කෙසෙල්පත්දෝරුවට තියෙන අඩි පාර. එතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම දකුනට තියෙන අඩි පාර විව් පොයින්ට් එකට.. තව ටිකක් ඉස්සරාට ගියාම දේවාලයක් හම්බ වෙනවා… දේවාලය ලගින් කෙලින්ම ඉස්සාර ගියොත් උඩගල්දෙබොක්ක ගම්මානය, දකුණු පැත්තට තියෙන අඩි පාර යහංගලට…

මුලින්ම විව් පොයින්ට් එකට ගිහින් , එතනින් විව් එක බලලා, දහවල් ආහාරය අරන් දේවාලය ලගට ආවා. චාරිත්‍රය අනුව දේවාලය ලග අත්තක් කඩලා එල්ලලා , කෙසෙල් පත්දෝරුව බලා පිටත් උනා. මුලින් කැලේ ගස් අතරින් තියෙන අඩි පාර ඊලගට මාන පදුරු අතරින් ගිහින් මුල්ම කන්දත් එක්ක වටේ බලන්න පුලුවන් තැන්නකට සෙට් වෙනවා. මේ වෙනකොට වෙලාව හවස දෙකට විතර ඇති.

ඊලගට කදු පල්ලම් නැග බැස ගිහින් කනවිද්දාගල කන්දට ආවා.. මේ වෙන කොට තද සුළං පාර කොච්චර සැරද කියනවනම්, හිටගෙන ඉන්න බෑ. ඇවිදින්නේ පහත් වෙලා මාන පදුරු අල්ලගෙන. කොහොම හරි කනවිද්දාගලත් පසු කරලා කෙසෙල්පත්දෝරුව කන්ද මුදුනටම ආවා.

කෙසෙල්පත්දෝරුව දක්වා අතර මග කෑම්පින් සයිට් තිබුණත්, හුළග නිසා ටෙන්ට් එක ගහන්න තියා, ඒ එක තැනකවත් හිටගෙන ඉන්නවත් බෑ.. මේ වෙද්දි පහට විතර ඇති.. කලුවර වැටුණොත් ටෙන්ට් එක ඇතුලට බැහැලා, ගල් දෙබොකක් අස්සේ ඉන්නවා කියලා හිත හදාගෙන ආපසු බහින්න තීරණය කරා.. ඉතාම අවදානම් තැන් දෙකක් මගදි මුණගැසෙනවා.. ගල් අල්ලගෙන උඩට නගින්න වගේම පහලට බසින්න වෙන සුළං කපොලු දෙකක්. මේ තැන් වලට ආවම සුළං පාර නවතිනකම් බලාගෙන ඉදලා, ඒ තැනුත් පසු කරලා කොහොම හරි හත වෙද්දි ආපසු දේවලය ලගට එන්න පුලුවන් උනා.

ආපහු දහවල් ආහාරය ගත්ත විව් පොයින්ට් එකට ගිහින් ටෙන්ට් එක ගහලා, රෑට පාන් කාලා නිදා ගත්තා. රෑ වෙද්දි ටිකෙන් ටික එතනටත් සුළං පාරක් එනවත් එක්ක, ටෙන්ට් එකට දරන්න අමාරු බවත් තේරුණා. සුළං බදන් නැති තැනක් හොයාගෙන ගිහින් ආපහු ටෙන්ට් එක ගලවලා, වෙනත් තැනක ගැහුවා. එතනට ආසාවටවත් සුළං පාරක් නෑ. සනීපෙට නිදාගෙන, උදේ ආපහු කෙසෙල්පත්දෝරුව පැත්තට ගිහින් සිරි නරඹලා, උදේටත් පාන් කාලා නැවතත් දේවාලය ලග ඉදන් කලුගල බලා පිටත් උනා. කොන්ක්‍රීට් පාරේ පොඩ්ඩක් ඉස්සරාට එද්දි තනියමද කියලා අහලා, මගට ගිහින් දාන්නම් කියලා ත්‍රී විල් එකක් සෙට් උනා… හොදම සීන් එක උනේ ඊලගට…..

ත්‍රී වීල් එකේ යනගමන් ඒකේ හිටපු ගැහැණු කෙනාත්, ඩයිවර් අයියත් එක්ක කතාවට වැටුණා. ගමේ පැරණි අය කියන විදියට ඔය කැලෑ ප්‍රදේශය යක්කු අරක් ගත් ප්‍රදේශයක්… තනිවම ගිහින් විවිද ඇබැද්දි වලට මුහුණ දුන් අයව ගොඩදාලා තියෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරලා… ඒ වගේම භාවනායෝගීව හිටපු අය පවා හිටපු භූමියක්… තව දෙයක් තමයි ඔය පොඩි දේවාලය ආසන්නයේ සොහොනක් තිබිලා තියෙනවා. කියපු විස්තරත් එක්ක රෑ සුළං පාරින් ආරක්ශිතව මං නිදාගෙන තියෙන්නේ ඔය කියන සොහොන මත.

ත්‍රී විල් එකෙන් මගට ඇවිත් කලුගල බලා එද්දි, කලින් දවසේ මුණ ගැසුනු නැන්දා කෙනෙක්ව ආයිත් මුණ ගැසුණා. උදේට කාලා, තේ බීලා යන්න ආරාධනාවක් කරත් 10.15 කලුගලින් උඩුදුම්බර බස් එකට වෙලා මදි වෙන හින්දා, ඒ ආරාධනාව පිළිනොගෙන බස් එක බලා ආවා. අවට පස්සේ දන්නේ, තෙල් කේස් එක හින්දා ඊලග බස් එක 12.30. පාරේ ගිය බයික් එකකට අත දාලා කොහොම හරි උඩුදුම්බරට ඇවිත් ගෙවල්බලා පිටත් උනා. ඔන්න ඔහොමයි ලංකාවේ එවරස්ට් ගමන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *