සිරිපා කරුණාවට යන්න දුෂ්කරම හා දුරම මාර්ගය තමයි දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය. කලුතරින් පානදුරට ඇවිත් එතනින් රත්නපුරට ඇවිත්, 7.15 දෙහෙන කන්ද බස් එකේ දෙහෙන කන්ද කෝවිල ලගින් බසිද්දි 9.30 විතර ඇති. කෝවිල ලගින් වමට තියෙන පාර දිගේම ගිහින්, සිරිපා ට්‍රේල් එක පටන් ගන්න බුදු පිළිමය ලගට එද්දි උදේ 10 වෙලා. ගූගල් මැප් එකේ Dehenakanda Sri Pada Path Begin Level කියලා සර්ච් කරලා ආවනම් අදාල තැනට එන්න පුලුවන්…. ඒ ආසන්නව ලයින් කාමර ලගින් ඇහුවත් පාර පෙන්නනවා… මට පාර පෙන්නන්න බලෙන්ම කෙනෙක් ආවා…. ඕව් ඔව් සල්ලි ඉල්ලන්න තමා….. ඒ මනුෂ්‍යාත් මග හැරලා මැප් එක බලාගෙන අදාල තැනට ආවා…
බුදු පිළිමය ලගින් සුමන සමන් දෙවියන්ගෙ ආශිර්වාදය පතලා, පහළට තියෙන අඩි පාරෙ පහලට ඇවිත් රත් ගගින් එගොඩ වෙලා සිරිපා රක්ෂිතයට ඇතුලු උනා. අද දවසේ අවසාන නැවතුම විදියට හිතාගෙන හිටියේ පැරඩයිස් දිය ඇල්ල ලග කෑම්පින් කරන්න. කලින් ගිය අයගේ විස්තර අනුව ෆැරඩයිස් වෙත එන්න පැය 8ක වගේ කාලයක් යනවා. මේ ගමනේ පහල රාම ගුහාව , ඉහළ රාම ගුහාව, බෝධි දොල, ෆැරඩයිස් ඇල්ල, අග්ගලා දොලට පසුව ඇහැළ කණුව තමයි මූලිකම මග සළකුණු. බෝධි දොලට එද්දි දහවල් 12ට ඇති. එතනදි ගෙදරින් අරන් ආපු බත් මුල කාලා, ආයිත් ගමන පටන් ගත්තා…. යනවා යනවා ඉවරයක් නෑ. 3.15 වෙද්දි ෆැරඩයිස් ඇල්ල හමු උනා. හිතුවට කලින් ඒ කියන්නේ පැය 5ක වගේ කාලයකදි ෆැරඩයිස් ඇල්ලේ. ඔන්න ඉතින් ඇල්ලෙන් නාලා, වෙලා තියෙන හින්දා කෑම්පින් අදහස අත්හැරලා, මලුවට ගමන් ඇරඹුවා…. හවස 5 වෙද්දි අග්ගලා දොලේ…. එතන ඉදන් එක දිගට ඇහැල කනුව දක්වා අංශක 70 විතර නැග්මක් තියෙන්නේ. … 6.15 වෙද්දි කලුවර වැටෙන්න අරන්… මේ වෙනකම් අඩි පාර හොදට තිබ්බත් මේ ටිකේදි කෑලේ වැවිලා…. කැලුවරේ කැලේ මැද්දෙන් ටෝච් එලියන් රත්නපුර පාරේ ඇහැළ කණුවට එද්දි හවස 7.00යි. මෙතනි එහාට සාමාන්‍ය පරිදි සිරිපා කරුණා කරලා, හැටං පැත්තෙන් පහලට ඇවිත් නිවස කරා ආවා…
යන අය ෆැරඩයිස් ඇල්ල ලග නැවතිලා පසු දින යන්න බලාගෙන යන්න… ඒක පහසුවක් වෙයි














සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව