තනිවම කුරුවිට අඩවිකන්දෙන් අවාරේ සිරිපා කරුණාව

Spread the love

මාස ගනනාවක සිට අවාරේ සිරිපා කරුණාවට බලාගෙන හිටියත් විවිද හේතු වගේම අවසානේ කකුලේ ගැටලුවක් නිසාත් දවසින් දවස ගමන කල් ගියා… ඔය අතරේ කකුලේ සුවයක් නොවන නිසා, කතරගම ගිය වෙලාවේ කදසුරිදුට දෙවියන්ට භාරයක් උනා… කකුල මොන තත්වයේ තිබුනත් අවාරේ සිරිපා කරුනා කරන බවට. කකුලේ අව්ල නිසා ගමනට ගතවන කාලයත් එක්ක ගනන් හදද්දි මේ පාර දවස් තුනකට ලෑස්ති වෙලා, සිකුරාදා (07-10-2022) උදේ පාන්දර 2.30 විතර ගෙදරින් පිටත් වෙලා, රත්නපුර බස් එකක් ගන්න පානදුරට ආවා… පානදුර ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් සී ටී බී බස් ස්ටෑන්ඩ් එකට ඇවිදන් එද්දිත් කකුලේ අව්ලත් එක්ක කුරුවිටෙන් ගමන යන එක වෙනස් කරලා, හැටං වලින් යන්නත් හිතුනා… ඔය අතරේ රත්නපුරේ බස් එකක් ආපු නිසා ඒකට නැගලා, රත්නපුරෙන් අඩවිකන්ද බස් එක අරන් අඩවිකන්දෙන් ගමන ආරම්භ කරා.

වෙනදා අඩවිකන්දේ සිට ජම්බෝල ගහ යට අම්බලමට පැය භාගෙන් වගේ ගියත් මේ පාර උදේ 8ට පටන් ගත්ත ගමන ජම්බෝලගහ යට අම්බලමට යද්දි 9.20 විතර වෙලා.. ඒ වෙලාවේ දවසේ ටාර්ගට් එක සීත ගගුල ලගට තියාගෙන, පඩුරක් දාලා වෙලා තියෙන භාරයත් මතක් කරලා, නැවතත් කරුනා කරන්න පටන් අරගෙන 12 විතර වෙද්දි සීත ගගුලට එන්න පුලුවන් උනා… කෑම හදාගෙන කාලා, හවස් වෙද්දි හම්බ වෙන අම්බලමක ඉන්නවා කියලා හිතා ගෙන 2.30 විතර නැවතත් ගමං ආරම්භ කරා… ඔය අතර කකුලත් සාමාන්‍ය විදියට වැඩ කරන්න අරන්… ඒත් අඩිය තියන්න බයකුත් තිබ්බා… ඒ වගේම වෙනදා වේගයෙන් ඇවිදින්නත් පුලුවන්. හවස හයාහමාර හත විතර වෙද්දි ආඩියාමලතැන්නට එන්න පුලුවන් උනා… රෑ ටෙන්ට් එකත් ගහගෙන එතන ගත කරලා, උදේ පාන්දර 6.40 වෙද්දි මලුවට කරුණා කරලා, නැවත උදේ අටට විතර හැටං පාරෙන් පහලට ඇවිත්, උදේ 11 වෙද්දි ගමන අවසන් කරා…

රෑ දෙකක්, දවස් තුනකට ලෑස්ති වෙලා ආපු ගමන, ගෙදරින් නොන්ඩි ගගහා ඇවිත්, එක රැයයි, දවස් දෙකකින් සිරිපා කරුණා කරලා, සාමාන්‍ය පරිදි ඇවිදන් ගෙදරට යන්න පුලුවන් උනා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *