බදුල්ල නයිට් මේල් එකේ ගිය සතියේ සිකුරාදා බදුල්ල පැත්තට ගිය අයටනම් ජීවිතේටම අමතක නොවන දවසක් වෙන්න ඇති…
ඕන්න ඉතිං සුපුරුදු පරිදි කලුතරින් හපුතලේට ටිකට් එක අරන් (280) ඔහියෙන් බැහැලා, හැමෝම දන්න පැටියා කඩෙන් දහවලට කෑමත් අරන් (450) ස්ටේශම ලගින් ගමන පටන් ගන්න පුලුවන් උනේ හවස දෙකට විතර… ඔහිය ස්ටේශම උඩින් හෝටන්තැන්නට යන පාර දිගේ කෝවිලත් සමග ගම් සීමාව අවසාන වෙනවා… එතැන සිට ෆයිනස් කැලේ මැද්දේ කාපට් පාර දිගේ ඉස්සරහට යද්දි තුන්මං හංදියෙන් වමට ගියොත් උඩුවේරිය හරහා කලුපහනට යන පාර… දකුණට ගියොත් හෝටන්තැන්නට යන පාර… යකාගේ පඩිපෙල හරහා යන්නනම් ඔතනින් හෝටන්තැන්න පාරේ තවත් ඉස්සරාට යන්න ඕන… එහෙම ඉස්සරහට යද්දි වම් අත පැත්තට සිමෙන්තියෙන් පඩි බැදපු උඩට යන්න පුලුවන් කෑම්පින් කරන්න පුලුවන් තැනකුත් තියෙනවා. එතනදි කෑම්පින් කරන සෙට් එකකුත් මුණ ගැසුනා… ඔහියේ ඉදන් හෝටන් තැන්නට, තොටුපොල කන්ද, කිරිගල්පොත්තට වගේ යන අයට එතනත් කෑන්පින් කරන්න වැදගත් තැනක්….
එතනත් පහු කරලා ටිකක් ඉස්සරාට යද්දි 26km කනුවට පොඩ්ඩක් කලින් වමට හැරෙන ගුරු පාරින් යකාගේ පඩි පෙලට යන පාර ආරම්භ වෙනවා. ඔහියේ සිට මෙතනට එනකම් පොද වැස්සක් තිබුණත් මෙතනින් හැරිලා ටිකක් පහලට යද්දි, වැසි නැති වියලි ගතියක් තිබුණේ….
පාර දිගේ පහලට යද්දි මුලින්ම devil’s stair case view point එක මුණ ගැසෙනවා. එතන කලුගල උඩ ඉදන් වටේටම වීව් එක බලලා එතනින් පහලට, පලමු ටාර්ගට් එක උනේ devil’s staircase එක දක්වා එන එක…. මීදුමයි, සීතලයි සුළගයි එක්ක තනියම ඉන්නවා කියන්නේ වචනෙන් කියන්න බැරි හැගීමක්….. ඒකත් විද ගනිමින් තේ වත්ත මැදින් වටේ කදු වැටි බලා ගෙන පහලට ආවම මගදි පාලම් වතුර පාරවල් එක්ක ලස්සන පාලම් දෙකක් පසු කරන්න ලැබෙනවා… ඒ එක් තැනක් devil’s staircase waterfall එක. අනිත් එකේනම් නම දන් නෑ. නම් දන්න කෙනෙක් ඉන්නවනම් කියාගෙන යන්න…. ඒකෙන් පස්සේ devil’s staircase එක කියලා ගූගල් එකේ මාක් කරපු තැන. එතන තියෙන් ඒ කලුගල මුදුනට නැග්ගනම් ඇත්තටම යකාගේ පඩි පෙලක ගියා වගේම තමයි… එතන පසු කරන් ගිහින්, ආපහු ඇවිත් ඒක මුදුනටත් නගින්න බැලුවා. ලස්සන වගේම ඩේන්ජරස්…. කාලයයි, තව කෙනෙකුයි හිටියනම් මං ඕක මුදුනට යනවා ….
මේවෙලාව හවස 5.30 විතර ඇති… ටෙන්ට් එක ගහගෙන ඉන්න තැනක් හොයා ගන්න ඕනා… ප්‍රසිද්ද කෑම්පින් සයිට් එක වෙච්ච වැලි වංගුව බලා පිටත් උනා… වැලි වංගුවට ආවම, මොකක්දෝ හේතුවකට එතන කෑම්පින් කරොත් පසුවදා train එකට ටයිම් නැති වෙන එකයි, එච්චර එතනට ආසාවක් නැති උන හින්දයි පහලට බැහැලා පහලම තැනක් හොයා ගන්න හිතුවා…(මෙතන තව කෑම්පින් කරන තැනක් තියෙනවා. එතනනම් ලස්සන විව් එකක් තියෙන ෆොටෝ දැකලා තියෙනවා. මේ වෙද්දි කරුවල වෙලා හින්දා පාරවත් හරියට පේන් නෑ, තැන හොයාගෙන යන්න විදියක් නෑ) එහෙම පහලට එද්දි upper babarakanda camping location එකක් හම්බ වෙනවා දිය පාරත් එක්ක (පොඩි දිය ඇල්ලක්).
එතනත් පසු කරගෙන පහලට එද්දි, කලින් දවසේ ට්‍රේන් එකේ මුණ ගැසුන යශාන් ඇතිලු කණ්ඩායම බබරකන්දේ කෑම්පින්ග් යනවා. මේ වෙනකොට රෑ 8 ට කිට්ටුව ඇති… බබරකන්දට දිය ඇල්ලට යන පාරත් පසු කරන් මං ඇවිත්… කරුවලට ඒතනට යන පාර දැක්කෙත් නෑ. පස්සේ ඒ අයත් එක්ක එහෙමම ගිහින් රෑ බබරකන්ද පාමුල රෑ ගත කරා. අපිට කලින් එතනට සුද්දි අක්කියෙකුයි, අයියලා දෙන්නෙකුයි ඇවිත් ටෙන්ට් ගහලා… එතන අපිට කලින් කෑන්පින් කරනෝ.
පසුදා උදෑසන හතට විතර එතනින් පිට වෙලා කලුපහන සුපුරුදු කෑම කඩෙට ඇවිත්, එතන පහල වතුර පාරින් නාගෙන, 250 බත් එකක් කාලා, හපුතලින් 10.20 කොටුව ට්‍රේන් එකට ඇවිත් ගමන නිම කරා. ( මේ දවස්වල කලුපහන ඉදන් හපුතලේට එන්න බස් අඩුයි.. පැයකට එකක් වගේ යන්නේ…)



































සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව