ගිනිගෙදර ඇල්ල, පාහියන්ගල, මියුනු ඇල්ල, අයගම මහා දොල, මිනී ඇල්ල, නමක් නැති ඇල්ලක් සොයා

Spread the love

ලගදි හොදට කාලා බීලා එන්න පුලුවන් පොඩි Occasion එකක් තිබ්බා.. Occasion එකට යනවද අහලා Janakaට දාපු මැසේජ් එකෙන්, ෂණිකව Occasion එක පැත්තකට දාලා, පොඩි රව්මක් යන්න ලෑස්ති උනා. නැගිටලා මූණ සේදුවා විතරයි… ජනකයා ගෙදරට ඇවිල්ලා…. කොල්ලා දැන් වෙලාවට වැඩ… ගූගල් මැප් එකෙන් ගිනිගෙදර ඇල්ලට ලොකේශන් එක දාගෙන ගමන පටන් ගත්තා…. මැප් එකේ පෙන්නන තැනට වෙනස් තැනකින් ප්‍රධාන පාරෙන් ඇතුලට යන්න හැරෙන්න ඕනා… බයික් එකෙනුත් යන්න අමාරු පාරක්…. ඒ පාරේ යන්න ගිහින් තව ඩිංගෙන් දෙන්නම බිම. දිය ඇල්ල වැටෙන්නේ ගල් දෙබොකක් මැද්දට.. දෙබොකේ පලාල අඩි තුනක් විතර ඇති.
එතනින් පස්සේ පාහියන්ගල ගුහාවට… පාහියන්ගලට මං ගියේ හෙන කාලෙකින්… අවුරුදු 15කට විතර පස්සේ. පාහියංගලින් පස්සේ මියුනු ඇල්ලට.. මියුනු ඇල්ලේ වතුර විදුලි බලාගාරයකට ගෙනියන්න හදපු ඇනිකට් එකේ ඉදන් වතුර පාරේ ලිස්සන් යන්න පුලුවන් උනත්, අපි ගිය දවසේ වතුර මදි. එතනදි ජනකයා මටත් එක්ක අරන් ඇවිත් තිබ්බ බත් මුල් දෙක හිස් කරලා, ඊලගට මිනි ඇල්ල සොයාගෙන ගියා.. ඒ යන අතර මග පාර අයිනේ අයගම මහා දොල ලොකේශන් එක මැප් එකේ පෙන්නන්න ගත්ත නිසා එතනටත් ගිහින් බැලුවා. එතනින් මිනි ඇල්ලට….. මිනි ඇල්ලෙන් පස්සේ තව ලොකේශන් එකක් හම්බ උනා. ඉදුවරගල. ඒකත් හොයාගෙන ගිහින්, ලගට ගියාම උඩට යන අදහස අතහැ‍රලා, ආපසු එද්දි නමක් නැති ඇල්ලක් හමු වුනා. එතනින් ආපසු නිවස්කරා ඇවිත් ෂණික ගමනක නිමාවක් තිබ්බා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *