ඔන්න එහෙනම් කාලෙකින් අලුත් කතාවක් අරන් ආවා… මගෙ කලින් එකෞන්ට් එක නැති උනානේ ඉතින්, මේක තමා අලුත් එකෞන්ට් එකෙන් දාන පලවෙනි ඇල්බම් එක මෙහෙමයි සීන් එක
හරි අපි දැන් ඉන්නෙ නුවර අසංක අයියලාගෙ ගෙදර… නුවරින් දහයයි හතලිහට තියන ට්‍රෙන් එකෙ අලගල්ලෙ යන්න තමා ප්ලෑන් එක…අපි උදෙ දහයට වගේ ආවා ඔන්න බෝගම්බරට… අපි කීවට මායි තව කොල්ලො දෙන්නෙකුයි… අනිත් කෙනා මග එනගමන්..ඔක්කොම හතරයි…අපිකට්ටිය සෙට්වෙලා ෆුඩ්සිටියෙන් බඩුටික අරන් ස්ටේශන් එකට එද්දී මෙන්න මගෙ ට්‍රැවල් ජීවිතේ පලවෙනිවතාවට ට්‍රේන් එකක් වෙලාවට වැඩ කරලා
අපි ස්ටේශන් එකට එද්දී වෙලාව 10.45 … ට්‍රේන් එක හරියටම 10.40 ට ගිහිල්ලා අය ට්‍රෙන් එකක් තියෙන්නෙ දෙකහමාරටද කොහෙද
.. අලගල්ලෙ ගමන කැන්සල් කරා… ඖලක් නෑ ඉතින් මම ඔය අලගල්ල නගින දෙවෙනිපාර නිසා මට ඒක ඖලක් නැ කලින් ගියානෙ.. දැන් තියන අර්බුදේ තමා අපි දැන් කොහෙද යන්නෙ කියන එක
.. හරි ඉතින් ඊලගග එන්න තියනවා බදුලු කෝච්චියක් එකොලහ හමාරට… ඒකෙ එල්ලිලා කොහෙහරි යන් කියලා එවෙලෙ ප්ලෑන් කරා… එතකොට තමා ග්‍රේට්වෙස්ටර්න් කන්ද මතක් උනේ… ලංකාවෙ හත්වෙනියට උසම කන්ද… ලංකාවෙ සුපිරි බටහිර
මේ ටයිම් ගිහිල්ලා ග්‍රෙට්වෙස්ටර්න් කන්ද නගින එක මහ මෝඩ වැඩක් තමා… ඔව් ඒක අපිටත් තේරුනේ ටිකක් පහුවෙලා
ඉතින් ඔන්න හතරදෙනාට ට්‍රේන් එකෙ ටිකට් අරන් ගිහින් ගොඩෞනා කෝච්චියට… සෙනගනම් හිටියෙ නැ.. මොකද දැන් බදුලුබීසනේ නෑනෙ කට්ටිය වැඩිය හරි ඉතින් දෙයියනේ කියලා ට්‍රේන් එකට නගිනවත් එක්කම වැහිදෙයියෝ කම්පාවෙන්න ගත්ත… හිතාගත්ත හරි තමා කියල… අපි තුන හමාර වගේ වෙද්දී ඉතින් ඔන්න ස්ටේශන් එකෙන් බැහැගත්ත… එතකොටත් බරටම වැස්ස.. මට හොදටම හෙම්බිරිස්සාව හැදිලා තිබ්බෙ ගෙදරින් එනකොටම
මම ඉතින් හිත හදාගෙන හිටියෙ
ස්ටේශන් එකෙන් බැහැපු අපි තීරනේ කරා ගමන වැස්සෙම පටන් ගන්න… මමයි තීක්ශනයි රේන්කෝට්දෙකක් දාගත්ත… අනිත් ඩබල කුඩ ඉහලගත්ත… හයික් එක පටන් ගන්න තැනට යන්න ග්‍රේට්වෙස්ටර්න් ස්ටේශන් එකෙ ඉදල කිලෝමීටර් එකාමාරක් වගේ රේල්පාර දිගේ යන්න ඕනි බදුල්ල පැත්තට… එතකොට වම් අතපැත්තට තියනවා කෝවිලකට යන්න උඩට පාරක්… ඒකෙ යන්න ඕනි… ඉතින් අපි වැස්සෙ තෙමි තෙමී ආව එතෙන්ඩ…ඇවිල්ලා පඩිපෙල නැගලා කෝවිලගාව නතර උනා… දැන් වෙලාව හවස හතර හමාරයි
… අමු ගොන්නු අපි සිරාවටම
මේ වගේ ඩේන්ජරස් හයික් එකක් මේ වගේ ටයිම් එකක කරන්න තරම් අපි සෑහෙන්න මෝඩයි
දේවාලෙ එහා පැත්තෙ පොඩි පලයක් බාල තියනව… මෙතන තමා හයික් එක පටන්ගන්න පොට් එක… අපි බෑග් ටික බිමින් තියලා දවල් කෑම කනගමන් ඉද්දි මට මතක් උනා සදරුවන් අයියව… ඩයල් එක කලින් දෙපාරක්ම මේ කන්ද නැග්ගා .. ක්ශනිකව මම සදරුවන් අයියට කෝල් එකක් අරන් සීන් එක කීවා… පලු යන්න බැන්න මට කොටි ඉන්න කැලෙ මෙ රැ බඩගාන්න පිස්සුද අහලා
… ලග හිටියනම් මගෙ කනට ගහන සීන් එකක් තිබ්බෙ
… දැන් ඉතින් ආයෙ හැරෙන්නත් බැරි එකෙ පොර සීන් එක කීවා කන්ද ගැන විස්තරෙ යන්න ඕනි විදිහ… හයික් එකනම් පට්ටම අමාරුයි
ඉතින් ඔන්න අපි කෝවිල ලගින් ගමන පටන් ගත්ත… මෙ වෙද්දිත් බරටම වැස්ස… අපේ ආපු හතරදෙනාම ඕනෙ කට්ටකට රෙඩිපිට ඉන්න අය.. එ නිසා බයක් නැ..අපි සෙට් එකම හිත හදාන හිටියෙ ඕනෙම දේකට මුන දෙන්න… අපි මෙතනින් ගමන පටන් ගද්දි හවස පහට විතර ඇති ඔන්න … පාර අඩිපාරක්වත් නෑ… ලදු කැලෑව පසාරුකරගෙන යන්න තියෙන්නෙ .. කාලෙකින් කවුරුත් ඇවිල්ලා නැති පාටක් තමා පේන්න තියෙන්නෙ
හොදම දෙ තමා මේක නගින්න තියෙන්නෙ තනි කෙලින් උඩට… හරියටම සිරීපාදෙ මහගිරිදබේ වගේ.. කිසිම වෙනසක් නැ… මුල් හරියෙන්ම තේරුනා කරගත්ත ගොංවැඩෙ තරම… කමක් නෑ හැමදේම වෙන්නෙ හොදටනෙ කියල අපි හිනාවෙවි කන්ද නගිනවා දැන්… කාටවත් ඖලක් නැ.. මට තෙරුනා රේන්කෝට් දාගෙන මේක නගින්න බැ කියල… වැස්සෙ තෙමීගෙනම නගින්න තීරනෙ කරා… ඒක ලේසි… තනිකෙලින් උඩට නිසා උඩට වහිද්දි උඩ වතුරපාර ගලාගෙන එනව පල්ලැහැට… හෙනම ඩේන්ජරස් ලිස්සුවොත් කෙලින්ම බිම තමා… අපි ඔන්න හවස හයට වගේ ඔහොම නෝමලි ක්ලියර් එකට තිබ්බ කෑල්ල ඉවර කරලා ඇතුල් උනා තනි ලදු කැලෑවට… මේපාරෙ කෙලින් වෙලා යන්න බෑ..දෙකටනැවිලා බඩගාගෙන යන්න ඕනි… ඒ මදිවට මෙලෝසම්සාරෙක ලබ්බක් පේන්නෙත් නෑ දැන් කලුවරයිනෙ… ඒත් එක්කම වැස්ස… තව මීදුම .. සැප සැප..කොයි වෙලේ සතෙක් එයිද කියලා හිතාගන්න බෑ…ඒත් අපි අපිගැන විස්වාසෙ තියන් හිතේ හයියෙන් නැග්ග… අපිට ගන්න පුලුවන් උනෙ එක වතුර බෝතලයි.. ලීටරේ එකක්… කන්දෙ එක තනකින් විතරයි වතුරපාරක් හම්බෙන්නෙ.. ඒක සදරුවන් අයිය මට කලින්ම කියල තිබ්බෙ. එතෙන්ඩ යනකල් අපිට වතුර නැ… වැස්සෙ තෙමීගෙන ගිය නිසා වතුරතිබහා දැනුන්‍ර්ත් නෑ ඉතින්… ඔන්න කැලෙ දෙබෑකරන් අපි ආව වතුරපාර ලගට … පොඩි ඇලපාරක් වගෙ…ටිකක් එරෙනවා .. කලුවර නිසා මොකුත් පේන්නෑ ලාවට වදින අපෙ ටෝච් එලියෙන් තමා දැන් හැමදේම සැට්ල් වෙන්නෙ… අපේ පලවෙනි නැවතුම මෙතන. .තව කොච්චර දුරක් යන්න තියනවද , ඉස්සරහට මොනවා හම්බෙයිද , පාර කොහොමද කියන මොනාමවත් අපි දන්නෙ නැ.. අපි හතරදෙනාම දන්නෙ එක දෙයයි… ඒ අපි ඊලගට නවතින්නෙ යන්න පුලුවන් උඩම තැනට ගිහින් කියන එක විතරයි
.. මොකද අපි එවෙලෙ පට්ට ගට් එක්කින් හිටියෙ
මෙ වෙද්දී ගන්න දෙයක් නෑ හොදටම නාල ඉන්නෙ ඉතින්… මගෙ රෙදි ටික පරිස්සමෙන් තිබ්බ මොනා උනත් බෑග් එකට වතුර යන්නෙ නැති නිසා… ඒ නිසා බයක් නැ ඉතින්
ඉතින් ආයෙත් ගමන පටන්ගත්ත…අඩිපාරක්වත් නැ… කැලේ පීරන් අපි යනව… දැන්නම් ටෝච් එලියට පේන්නෙ නෑ මොකුත්… ටෝච් එක ඕෆ් කරා… දැන් යන්නෙ නිකන් ඔහේ ඇවිදන්… යන දිහාවක යැවෙනවා වගෙ… ටෝච් එක ඕෆ් කරෙ ටෝච් එලිට මීදුම නිසා දිලිසෙනව… ඒක අපේ ඇස්වලටමයි ආපහු වදින්න්‍ර්… ඒක නිසා ටෝච් එක ඕෆ් කරලා තමා ගියෙ… හරියට නිකන් හුරුපුරුදු පාරවල් වගෙ… දැන්නම් හොදටම තෙත් වෙලා අපි… ඇග හිරිවැටිලා… මොකුත් පේන්නෑ කැලෑ අස්සෙන් රිංගං යනවා ඔහේ… උඩට උඩට උඩට… හැරෙන්නෙ කැරකෙන්නෙ මොකුත් නෑ පාරවල් පේන්නැති නිසා අපි හදාගත්තු පාරෙ කැලේ දෙබෑකරන් අපි කෙලින්ම උඩට යනව … ගස්වල අතු ඇගේ වදිනවා , කටුවලට සීරෙනවා…ඒත් මොකුත් දැනෙන්නෙ නැ සීතලට ඇග හිරිවැටිලා නිසා… මොකක්දෝ හිතේ සැකේකට අපි හතරම නිකමට එක තැනක නැවතුනා… මම සදීපට කතාකරලා මගෙ ෆෝන් එකෙ ටෝච් එක ගහල දුන්නා… Whoknvne.. අපි ඔක්කොම ඩිම් වෙලා ගියා.. මෙහෙම තව අඩි දෙකක් ඉස්සරහට ගියානම් අපි සෙට් එකම මීටර් දෙදාස්ගානක් උඩ ඉදන් බිමට වැටෙනව…වැටෙන්න ඔන්න මෙන්න තියල තමා අපි නැවතිලා තියෙන්නෙ… දෙයියො තමා අපේ ජීවිතේ බේරුවේ…ඒකනම් මහ අමුතු අද්දැකීමක්
.
ඒ කියන්නෙ අපි ඇවිල්ලා තියෙන්නෙ කන්දෙ වම්පැත්තෙ කෙලවරට බර වෙන්න.. අපි කෙලින් යද්දී අපෙ වම්පැත්තෙ තිබිලා තියෙන්නෙ තනිකෙලින් හෙල… අඩියක්වත් පරතරෙ නැ හෙලයි අපි ගියපු පාරයි අතරෙ … ඔහොම යද්දී දකුනට හැරිලා යන්න තැනක් තියනව. එතනින් තමා අපි නැවතුනෙ. කෙලිම්ම ගියානම් හෙලේ තමා
.. ඒ කියන්නෙ මටනම් තෙරෙන විදිහට කන්ද වටේට කැරකිලා වගේ නගින්න තියෙන්නෙ උඩට… රෑට ඉතින් මොකුට් පේන්නෙත් නෑනෙ
… හරි දැන් ආයෙ අපි ගමනෙ. දැන් අපි කතාඋනේ පුලුවන් තරම් හිමීට යන්න… හරි අවදානම් වැඩක් මේක.. වෙන් වෙන්නැතුව හතර දෙනා ලගින්ම යන්න… මොකද එනගමන අපිට හත් අට පොලකින්ම කොටින්ගෙ බෙටි හම්බුනා
…ඒව වැඩක් නැ. අපි දැන් තෙමීගෙන යනවා ඔන්න… පාරනම් පට්ට ඩේන්ජරස්
… ගියපු අය දන්නව ඇති හයික් එකේ තරම
.. දවාලෙක යනවනම් ඖලක් නැ… ඒත් මහ රැ වැස්සෙ ටිකක් ඖල්
… හරියටම කීවොත් ඇස් දෙක පියාන කේබල්
එකක ඇවිදන් යනවා වගෙ වැඩක්
ඉතින් ඔන්න සෑහෙන අමාරු හයික් එකක් ඉවර කරලා අපි ආව උඩම තැනට වටපිටාවෙ ලස්සනනම් බලන්න උනෙ නෑ ඉතින් කලුවරයිනෙ… දැන් හතට හතයි කාලට වගේ ඇති… අපි කෑම්ප්කරන තැනට ආවා… හෝගාල වැස්ස.. මගෙ ෆෝන් එකෙන් වතුර බේරෙනවා
… අනිත් උන්ගෙ ෆෝන්ටික බෑග් එකෙ… ඒවා ආරක්ශිතයි.. මගෙ ෆෝන් එකට තමා ඇරියේ මුන්
ලතාවට එන්නෙ නැතුව කඩානබිදගෙන ටග්ගාල ආව නිසා පැය දෙකෙන් අපි හයික් එක ඉවර කරා… තව ටිකයි තව ටිකයි ගගා හිනාවෙවී ඇද්දා ඉතින් කිලෝමීටර් ගානම
… ගස්වල අතු ටිකක් එල්ල්ල ආවා අතරමන් වෙයි කියල අපි ආපහු යද්දී … මොකද පාරවල් නෑනෙ
… අනික අපි ගියපු ඔක්කොම ආතල් චරිත නිසා මහන්සියක් දැනුනේ නෑ උඩට එනකල්ම
ඉතින් ඔන්න දැන් තියෙන්නෙ ටෙන්ට් එක ගහන්න හොද තැනක් තෝරගන්න… තෝර තෝර හිටියෙ නැ අහුවුන තැන අතෑරිය… යටට දාන්න එකක් එතන තිබ්බ… ඒක උඩ ටෙන්ට් එක ගැහුවා… ගහලා කතා උනා ටෙන්ට් එක ඇතුලට වතුර අරන් යන්න බැරු නිසා එලියෙන් රෙදි මාරු කරලා ඇතුලට යමු කියල… මම ඉතින් පෙරමුන ගත්ත… රෙදිටික මාරුකරලා එලියෙ වැලක රෙදිටික දැම්ම… ඔහොම
ඔහොම හතරදෙනාම අලුත් ඇදුම් ඇදගෙන පරන ටික එලියෙන් දාල තිබ්බ …
යටට ස්ලීපින් බෑග් දෙකක් එහෙම දාල සුපිරියට හදාගත්ත ටෙන්ට් එක ඇතුලනම් එලියෙ හෙන ගගහා වහිනව ඒත්
හරි දැන් තියෙන්නෙ උයන්න… ගෑස් එකයි ලිපයි ගෙනාව නිසා ගේමක් නැ ඉතින්… අපි නාන් රොටී වගයක් රත් කරන්න පටන් ගත්ත… ඒව හදලා ඒක උඩට මීට්බෝල්ස් , ලූනු , සෝස් , මිරිස් දාල පීසා එකක් වගේ එකක් හදාගත්ත… අම්මෝ වෙලාවට ඔන්න සිග්නල් තියනව… හතරදෙනාම ගෙවල් වලට කෝල් කරා… දැන් තමා ලොකුම අර්බුදේ… අපෙ ගදයා ඉන්න තැන ටෙන්ට් එකෙ හිලක්… අනික ඌ ඉන්න තැන පාතයි .. එ නිසා එතෙම්ඩ වතුර එනව. හැබැයි අපි ඉන්න තැනට වතුර එන්නැ… සරලවම කීවොත් මූ ඉන්නෙ වතුර යන කානුවක
… පෞ ඩෑල් එක. රෑ තිස්සෙ පීන පීන ඉන්න ඇති
… හොදම එක තමා නිදාගද්දි මුගෙ ෆෝන් එක තිබ්බෙ මගෙ බඩ උඩ … එකපාරම ෆෝන් එකට මැසේජ් වගයක් ආව… මම නිකමට බැලුව
” ගදේ බබා කෝ ඔයා ” ” මගෙ ගදේ මැනික කෝ ” ” ගදේ බබෝ “
Whoknvne දාල මට මැරෙන්න හිනා… අපි මුට ගදයා කියලනෙ කතා කරන්නෙ… උගෙ කෑල්ල උට කතාකරන්නෙ ගදේබබා කියල
… මූ ටග්ගාල ෆෝන් එක ගත්ත… හැබැයි එතකොට ඌ පරක්කුය්… උට වතුරගොඩෙ සැපට නින්දගිහින් හිටියෙ. . මගෙ හිනාවට තමා ඇහැරුනේ පොර .. පස්සෙ පෝන් එකත් අරං එලිවෙනකල් මලෙ.. පස්සෙ මට බැන බැන නිදාගත්ත නින්ද කැඩුවට
… තීක්ශන එලිවෙනකල් ටෙන්ට් එක ඇතුලෙ ඉදගෙන හිටියෙ… මොකද කියනවනම් උට එහාපැත්තෙ තමා ගදයා ඉන්න්‍ර් .. ඌ ඉන්නෙ වතුරගොඩේනෙ.. ඌ දගලද්දි උගෙ වතුර මුගෙගෑවෙනව කියලා මූ මුලු රෑම ඉදගෙන
.. මමනම් ගෙම්බාපොලවෙ ගැහුව වගෙ හොදට නිදාගත්ත
හැබැයි විඩෙන් විඩේ ඇහැරුනා මොකද තත්වෙ බලන්න
ඉතින් ඔන්න දැන් පාන්දර පහයි වෙලාව කට්ටියම නැගිටලා ඉන්නෙ… ගදයානම් ගොදටම නාල
.. හොදම දෙ තමා අපිට උදේට උයන්න වතුර නැ.. අඩුමගාන බොන්නවත්… එක වතුරබෝතලයයිනෙ ගෙනාවෙ… හැබැයි වතුර තිබහවත් බඩගින්නක්වත් නැ කාටවත්. ඒ මදිවට මගෙ හෙම්බිරිස්සාව කොහෙන් ගියාද නෑ රෑ තෙමුන තෙමිල්ලට… නිත්තාවටම සුවයි බඩු
.. ඉතින් ටෙන්ට් එක ඇතුල පොඩ්ඩක් හීට් වෙන්න ගෑස් එක පත්තු කරලා තිබ්බ ඇතුලෙන්… ඊටපස්සෙ පහාමාරට වගේ සෙට් එකම එලිබැස්ස… ඉර පායලා තිබ්බෙ එතකොට .. වැස්සනම් නැ.. පුදුම ලස්සනක් වටපිටාව
… ඉර අපිට පේන්නෙ නෑ හැබැයි ගස් වලටයි මීදුමටයි වැහිලා තිබ්බෙ
.. ඊයෙ රෑ ඇවිදින්නත් බැරි උන එකෙ අපි ඉතින් දැන් කන්ද වටෙ රව්මක් දාන්න පටන් ගත්ත… පුදුම ලස්සනක්… අපි හිටපු තැනට පිටිපස්සෙන් තියනව වීව්පොයින්ට් එකක් පොඩ්ඩක් පහලට වෙන්න… අපි දන්නෙත් හොයන් ගියාට පස්සෙ
… එතනනම් ඇත්තටම පිස්සුවක්… හිතාගන්න බෑ මෙච්චර ලස්සන පාරාදීසෙකද කියලා අපි ඉන්නෙ… කන්ද වටේට වලාකුළු වලිම් වැහිලා… පහල බලද්දී පේන්නෙ වලාකුළු විතරයි … ඒ කියන්නෙ අපි ඉන්නෙ වලාකුළු වලට උඩින්
… ඒ හැගීම මට මෙහෙම විස්තර කරන්න තේරෙන්නැ
ඒක විදලා තියන අය දන්නවා ඒක ගැන
.. ඉතින් ඔන්න ටිකෙන් ටික ඉරඑලිය අපෙ පැත්තට වැටෙන්න පටන් ගත්ත… විනාඩි පහක මීදුම බාල තිබ්බොත් විනාඩි දෙකක් විතර හොදට ඉර එලිය වැටෙනව .. ඔහොම තමා ක්ලයිම්‍රෙට් එක තිබ්බෙ… ඊයෙ රැ අච්චර කට්ට කාල ආපු එකටනම් කිසිම පාඩුවක් නෑ
… ඔහොම ඔහොම ඉද්දි පල්ලැහැ තිබ්බ වලාකුළු ටික අයින් උනා… පේන්නෙ ග්‍රෙට්වෙස්ටර්න් ස්ටේශන් එක… අපේ වෙලාවට එවෙලෙම එතනිම් ට්‍රෙන් එකක් ගියා නුවර පැත්තට
ඒක දකින්නම ඕනෙ දෙයක්
ඉතින් ඔන්න එතෙන්ඩ සමුදීලා අපි ආපහු ආව ටෙන්ට් එක ලගට… ටෙන්ට් එක අස්කරලා ආයෙ අපි යන්න සැරසෙන්න එපැයි … ඒත් යන්න හිතෙන්නෑ ඉර එලිය ගස් උඩට වැටිලා රත්තරන්පාටට දිලිසෙනවා… පැයක් උනත් එකදිගට බලාන ඉන්න තරම් ආස හිතෙනව
… ටෙන්ට් එක ඇතුල අස් කරලා අපි ආයෙ කලින් දවසෙ ඇදගෙන ආව තෙත රෙදි ටික ආපහු දාගත්ත… තව රෙදි ජරාකරන්න ඕනෙ නෑනෙ… එතන අස් කරලා උදේටත් නොකානොබීම අපි එතෙන්ඩත් සමු දෙන්න තීරනය කරා
දැන් තමා අපි කන්ද නගින පාර කොහොමද කියල බලන්නෙ … රෑ ආවට මොකුත් පෙනුනා කියලයැ… යද්දී තේරෙනවා මේ කැලෑ අස්සෙන් රැ කොහොම ගියාද කියල
… ඒ තරමට අමාරුයි පාර
ඔහොම ඉතින් කැලේ අස්සෙන් ඇවිත් ආයෙ පටන් ගත්ත මහගිරිදබේ වගේ හරිය බහින්න… මම ඇර අනිත් තුන්දෙනාම බල්ටිගැහුවා
… ඇවිදගෙන ගියාට වඩා ගියේ ලිස්සගෙන
.. කලින් දවසෙ වැස්සට වතුර හෝදගෙන ගිහිල්ලා පාර මඩවෙනවත් එක්කම හොදට මැදිලා තිබ්බෙ. ලිස්සනබෝට්ටු පදින්නත් පුලුවන් … ඉසුරු අයිය එකතැනකිම් වැටිලා ලිස්සගෙන පල්ලැහැට ආව පොඩි දුරක්.. ඊට පස්සෙ අත්තක් අල්ලං කෙලින් වෙද්දී අත්ත කඩාන ඇවිත් ආයේ පොර පල්ලැහැට ලිස්සලා ගිය
… හිනාවෙන්න හොද නෑ තමයි.. ඒත් අපිට පැලෙන්න හිනා එවෙලෙ
මේ කන්දේ ඉන්නෙ කැලෑකොටි කියල කියනවනෙ… ඒක ඔප්පු කරා එද්දිත් හම්බුන බෙටි වලින්
ඉතින් ඔහොම ඔහොම ඒ ලස්සන බලාන විදගෙන අපි ආව ආපහු අර කෝවිලට… දැන් උදෙ නවය හමාරට වගෙ ඇති .. දැන් තියෙන්නෙ උදේට උයාන කන්න.. මෙතන වතුර තියනව ඇති තරම්.. නූඩ්ල්ස් තමා ඉතින් උදේට. . ට්‍රැවල් කරන ගොඩක් අයගෙ ජාතික ආහාරෙ
.. ඉතින් ඒකත් හදලා කකා ඉන්නකොට ආව දෙමල මාම කෙනෙක් කෝවිලට… ඇවිල්ලා පූජාව කරලා අර නලලෙ ගාන අලු වගේ ඒවා අපේ නලලෙත් ගෑව
… ඒවට කියන නම දන්නෙ නැති නිසා තමා එහෙම කීවෙ
ඉතින් එතන්ඩත් සමුදිලා අපි පඩිපෙල් බැහැගන ආව රේල්පාරට ස්ටේශන් එකට යන්න ඕනිනෙ දැන් දොලහ හමාරෙ ට්‍රෙන් එක අල්ල ගන්න… අපි ස්ටේශන් එකට යද්දී එකොලහට වගෙ ඇති… අපි ස්ටේශන් එකට ඇවිත් එතනින් තමා දත් මැද්දෙ .. අද ගදයත් දත් මැද්දා තීක්ශන තමා මැද්දෙ නැත්තෙ
… දත් මැදලා ඔක්කොම කරලා ඉවර වෙද්දීම ආයෙ දෙන්න පටන් ගත්ත වැස්ස
ඊට පස්සෙ ඉතින් ඔහේ විකාර කර කර හිටියා ආපහු ගෙදර යන්න ට්‍රේන් එක එනකල්
.. ඒව මරු අද්දැකීම් මොනා උනත්… කියන්න තේරෙන්නෑ මට ඒවගැනනම් … ඉතින් ගමන ඉවරයි ඔතනින්… අපි ගියාද නැද්ද කියලවත් හොයන්න බැරි වෙන්න අපි නැවතුන තැන් අස්කරල ආවෙ
.. හැබැයි ආයෙ යන කාටහරි යන්න පාර හොයාගන්න පුලුවන් වෙන්න අපි කොල අතු එල්ලල ආවෙ… යන කට්ටිය බයවෙන්න එපා පාර හොයාගන්න පුලුවන් …හැබැයි රෑනම් යන්න එපා කියල තමා කියන්න තියෙන්නෙ
පෞද්ගලිකව මම පිස්සු වැටිච්ච ස්ටේශන් එකක් තමා ග්‍රේට්වෙස්ටර්න් කියන්නෙ… ට්‍රේන් එකෙ ඕක ඉස්සරහින් යන හැමපාරකම මම ඔය කන්ද දිහා බලල හිතාගත්ත අනිවාරෙන් මේකනම් නගිනවමයි කියල .. ඉතින් ඒ ආසාවත් හරි… අනික තමා සුපිරි බටහිර කියන එකනෙ ග්‍රේට්වෙස්ටර්න් කියන්නෙ.. කට්ටිය කියන විදිහට ඔය වගේම පැත්තක් තියනවලු එංගලන්තෙත්… උන් තමා ඔය නම දැම්ම කියල කියන්නෙ ඉතින්… මම කීවේ ජනප්‍රවාදය… ඇත්තද බොරුද දන්නෑ සීන් එක අනිත් එක ග්‍රේට්වෙස්ටර්න් තමය් ලංකාවෙ වාහනේකින් ලංවෙන්න බැරි එකම ස්ටේශන් එක.. ඒ කියන්නෙ අඩුම සයිකලේකින්වත් යන්න බෑනෙ පොට් එකට .. ඒ ගියත් අන්තිම ටික පයින්ම යන්න ඕනි
අනිත් හොදම දේ ග්‍රේට්වෙස්ටර්න් වල ඉදලා කෙලින්ම ඉස්සරහා බලද්දී පේන්නෙ සිරීපාදෙ … ග්‍රේට්වෙස්ටර්න් ස්ටේශන් එක ගැන ලියනවනම් ලියන්න දේවල් පැලෙන්න තියනව… මේ මම දන්න ඒවලින් ටිකක් විතරයි … තව කොච්චර දේවල් ඇතිද
තව දෙයක්… මේ ස්ටේශන් එකට ට්‍රේන් එකක් එනවා කියන්නෙ දූපතක තනිවෙලා ඉද්දි නැවක් එනව වගේ .. ඇයි ලගපාතක වාහන මොකුත් නෑනෙ
කියන්න දෙයක් නෑ නිදහසේ ඉන්න කියාපු තැනක්
නෝට් එක මෙතනින් ඉවර කරනව ඔන්න .. මම හිතනවා මේක කියවපු අයට මොනාහරි අලුතෙන් දෙයක් ඔලුවට වැටෙන්න ඇති කියල… මෙහෙ යන්න කෞරුහරි ඉන්නවනම් ඕනෙවෙලාවක මට කෝල් එකක් දාන්න විස්තර දෙන්නම් ආයෙත් මම කියනවා මේ කන්ද අනිත් කදු වගේ නෙමෙ හවස නගින්න පටන් ගන්න එපා
කැමතිමනම් යන්න අපිට වගේ ඉත්තෑවෙක් ඔයාලටත් ඉන්නවනම්
අහල තියන විදිහටනම් ඉතින් සත්තු ඉන්නව… කොටි හිටියට උන් අපිට බයයි.. ඒත් ලේ රහ වැටිච්ච එව්න්නම් එහෙම නැ ඉතින්… කොයි වෙලේද සොට් එක දෙන්නෙ කියල බලන් ඉන්නෙ.. ඕව ඉතින් සාමාන්‍ය දැනීමනෙ මම
කියන්න ඕනි නෑනෙ… බොහෝදුරට එහෙම දරුනු උන්නම් නැ… ඒත් ඉතින් ඔක්කොටෝම වැඩිය කරුමෙ ලොකුයිනෙ
ට්‍රැවල කෙනෙක්ට යනවනම් ලංකාවෙ යන්න තියන සුපිරිම කන්දක්… අනිවාරෙන් යන්න ඔයාලත්… ගියාට කමක් නැ චාටර් කරලනම් එන්න එපා… අවසානෙට ඒකත් තහනම් කරල දායි ඒ දේ නොවෙන්න යන අය වගබලාගන්න

























































