10 වෙනිදා නුවර පෙරහැර බලන්න යන්න ලෑස්ති වෙලා, කොටුවට ආවම, ගලබඩ ඇල්ලත් බලාගෙනම, පෙරහැර බලන්න යන්න හිතුණා. පාන්දර 5.55 පොඩි මැණිකේ ට්‍රේන් එකේ ගලබඩ ස්ටේශන් එකට ඇවිත්, එතනින් ආපස්සට රේල් පාර දිගේ ගියාම දකුණු අත පැත්තට ගලබඩ ඇල්ල කියලා බෝඩ් එකක් එක්ක දකුණට තියෙන ගල් පඩි පෙලින් උඩට නැගලා, පාර දිගේම විනාඩි 30ක් විතර ගියාම ගලබඩ ඇල්ල බලාගන්න පුලුවන්. ආපසු 2.13ට ගලබඩ ස්ටේශන් එකෙන් කොළඹට තියෙන පොඩි මැණිකේ ට්‍රේන් එකේ ආවම හවස 7.30 ට විතර කොළඹ කොටුවට එන්න පුලුවන්.











සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව