උදේ 5.55 පොඩි මැණිකේ ට්‍රේන් එකේ ග්‍රේට්වෙස්ටර්න් වලට 14.00 වෙද්දිවත් ඇවිත් සවස පහ වෙද්දි කදු මුදුනට එන බලාපොරොත්තුවෙන් උදේ පාන්දර ගෙදරින් පිටත් උනා. සැලැස්මේ පරිදි පොඩි මැණිකේ ට්‍රේන් එකේ වේයන්ගොඩ හරියට කිට්ටු වෙද්දි තව මිතුරෙක් උඩරට මැණිකේ එකේ එන බවත්, මටත් නුවර ඉන්න කීවා…. මාත් ගොනා වගේ නුවරින් බැහැලා, තව කෑම බීම එහෙමත් අරන් ලෑස්ති වෙද්දි මැසේජ් එකක් ආවා… බ්ලා බ්ලා බ්ලා…. බස් එකේ හරි එනවා…. බ්ලා බ්ලා… එන්න වෙන් නෑ…
ආයිත් උඩරට මැණිකේ එකේ තුන වෙද්දිවත් ග්‍රේට්වෙස්ටර්න් වලින් බහින්න පුලුවන් වේවා පාර්ථනාවෙන් නුවරින් පිටත් උනා… ලංකාවේ දුම්රිය සේවය වෙලාවටම වැඩ 3.15ට ග්රේට්වෙස්ටර්න්වල. වෙන පැති වලට සාපේක්ෂව පහ මාර හය වෙද්දි කදුකරයට අදුර වැටෙනවා. දැනගෙන හිටපු විදියට පැය තුනක විතර හයික් එකක්…. ඒ අනුව අදුරත් එක්ක ගමන් කරන්න වෙන්නේ….
ඔන්න ඉතින් ට්‍රේන් එකෙන් බැහැපු ගමන් බදුල්ල පැත්තට රේල් පාර හිගේ කිලෝමීටර 1.5ක් විතර යද්දි වම් අත පැත්තෙ දේවාල පියසුමෙ පඩි පෙලින් ඉහලට ගියා.. දේවාලේට පඩුරක් දාලා, දේවාලය වම් පැත්තෙන් උඩට තියෙන අඩි පාරෙන් ගමන ඇරඹුවා. ෆොටෝ ගන්නවත් නතර නොවී අංශක 70-80ක ආතතියක් තියෙන පාර දිගේ, පැහැදිලි පාර අවසන් කරලා, ලදු කැළෑව පටන් ගන්න තැනට එද්දි ගෙනාපු වතුර ඉවරයි. දැනගෙන හිටපු විදියට ලදු කැලෑව ඇරඹුමත් එක්ක වතුර පාරක් බලාපොරොත් උනත්, වතුර පාර හමු උනේ තරමක දුරක් ගියාට පස්සේ. වතුර පුරවගෙන කැලෑ මල් වතු මැද්දෙන් හය වෙද්දි ග්‍රේට්වෙස්ටර්න් කදු මුදුනට ලගා උනා… රෑ තනිවම, සීතලේ, වෙව්ල වෙව්ල, විව් පොයින්ට් එකේ තරු එලියත් එක්ක පහල බලාගෙන මනෝ පාරක් ගහන එක ……….. ඒ හැගීම ගන්න ගිහිල්ලම බලන්න.
පහලට බහින්නනම් ලේසි ක්‍රමයක් තියෙනවා… සෝදගෙන ගිය අඩිපාරේ පොඩ්ඩාක් ලිස්සලා ආවනම් පහලටම එන්න පුලුවන්…. ගස් මාන පදූරු අල්ලගෙන පහලට බහින්න ඕනා… උඩට නගිද්දිනම් මෙච්චර අමාරුවක් තේරෙන් නෑ.
රෑ කදු මුදුනේ ගත කරලා, පසුදා උදේ 11 වෙද්දි නැවතත් පහලටම ඇවිත් බදුල්ල පැත්තට තියෙන අයිස් වතුර පීල්ලෙන් නාගන්න හිතාගෙන රේල් පාර දිගේ ඉස්සරාට යද්දි, රේල් පාර සුද්ද කරන පිරිසක් එතන… කට්ටිය වැඩි නිසා එතනින් අත පය මූණ සෝද ගෙන, රැදැල්ල ස්ටේශම පැත්තට රේල් හයික් එකක් පටන් ගත්තා. අයිස් පීල්ල තියෙන්නේ ග්‍රේට්වෙස්ටර්න් හා රදැල්ල ස්ටේශන් දෙක මැද වගේ… ග්රේට්වෙස්ටර්න්වල කිසිම කඩයක් නැති උනත් රදැල්ල ස්ටේශන් එක ලග තේ බොන්න කඩයක් තියෙනවා. කලින් කීවොත් බත් පවා සාහව ගන්න පුලුවන්. රදැල්ල ස්ටේශ්න් එක ලග කඩෙන් වඩේ කාලා තේ බීවා. ඔය අතර කඩේ හිටපු කෙනෙක් එක්ක කතාවට වැටුනා. ඒ රදැල්ල ස්ටේශ්න් මාස්ටර්. ඒයාගෙන් නාන්න තැනක් ඇහුවම ස්ටේශම ලග පීල්ලක් පෙන්නුවා. හැබැයි ඊට එහායින් ඊට වඩා සුපිරු තැනක් තියෙනබව කීවත් මට ට්‍රේන් එකට වෙලා මදි වෙන නිසා ඒ පීල්ලෙන් නාගත්තා. නාලා, රදැල්ල ස්ටේශන් මාස්ටර්ගේ අයිඩියා එකකට ඊලග ගමන ප්ලෑන් කරගෙනම, පොඩි මැණිකේ ට්‍රේන් එකේ ගම් පලාත බලා පිටත් උනා.










































සුන්දර ලංකාව වටා ගමං මගේ සුන්දර මතක එකමුතුව