ඔහිය සිට පාගමනින් කලුපහනට (20km)

Spread the love

මාර්ගය 👇

ඔහිය

යකාගෙ පඩිපෙළ

වැලි වංගුව

ලංකා ඇල්ල

බඹරකන්ද ඇල්ල

කලුපහන

හපුතලේ

මම ගමන පටන් ගත්තේ කඩුගන්නාව ස්ටේශන් එකෙන්. බදුලු නයිට් මේල් එක තියෙන්නේ 11 ට උනාට මම 6 වෙද්දී ස්ටේශන් එකට ගියා මොකද මට ගමේ ඉදන් ටවුන් එකට රෑ වෙලා බස් නැති නිසා.ස්ටේශන් එකේ බංකුවට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියා ඉතින් කෝච්චිය එනකන්. 11 වගේ වෙද්දී කෝච්චිය ආවා කඩුගන්නාවට. මේ ගමනට මාත් එක්ක යන්න තව දෙන්නෙක් කොළඹින් සෙට් උනා කෝච්චියට. කොහොම හරි එයාලා ඉන්න තැනට ගියා මම. කොහොම හරි මේ ගමන සංවිධානය කරපු අයියා ෆුට් බෝඩ් එකේ ඉදගෙන ඇවිත් කකුල ප්ලැට්ෆෝම් එකේ වැදිලා තුවාල කරගෙන 🥲 කොහොම හරි පාන්දර 5.30 වෙද්දී අපි ඔහියට ආවා. ආපු ගමන් අර අයියාගේ තුවාලෙට බෙහෙත් දාගන්න විදිහක් බැලුවා ඒත් කඩවල් වහලා මොකුත් ගන්න නෑ එහේ. කොහොම හරි අයියා කිව්වා අව්ලක් නැ යන්න පුලුවන් කියලා. අපි 6 ට විතර ස්ටේශන් එක පිටිපස්සහා පාරෙන් හෝර්ටන් තැන්න පැත්තට ගමන පටන් ගත්තා. ඒ පාර මාර ලස්සනයි.(පහලින් මම ෆොටෝ දාන්නම්) හෙමින් හෙමින් ඇවිදන් ඇවිත් මගදි මහන්සි නිවෙන්න අපි පාරේ හාන්සි උනා ටිකක්. ඒ හැගීම විස්තර කරන්න බෑ මාර නිදහස්. අවට කුරුල්ලන්ගෙයි වඳුරන්ගෙයි හුලගට ගස් හෙලවෙන සද්දේ විතරයි තියෙන්නේ. අපි එතන විනාඩි 5ක් වගේ ඉදලා ආයේ ගමන යන්න සූදානම් උනා. තව ටිකක් ඉස්සරහට යද්දී හෝර්ටන් තැන්න පාරෙන් යකාගෙ පඩිපෙළ යන වැලි පාර හම්බුනා. අපි ඉතින් එතනින් හැරිලා යකාගෙ පඩිපෙළ පාරෙන් කලුපහන බලා පිටත් උනා. මීදුමෙන් වැහුන පාරක් ඒක. මාර ලස්සනයි. අපි හෙමීට ඉතින් ඒ පාරේ පල්ලෙහාට බැස්සා. එතකොට අපිට පොඩි වගාබිමක් හම්බුනා. එතනට ලස්සන විව් එකක් තියෙන්නේ. අපි එතන ෆොටෝ ටිකක් ගහගෙන. ආයේ පහලට බහින්න පටන් ගත්තා. ටිකකින් පොඩි ගමක් හම්බුනා ඒ ගම පහුකරලා ලස්සන විව් එකක් තියෙන තැනක අපි කෑම කන්න නැවතුනා.😋 අපි ගෙනාපු කෑම කාලා ටිකකින් ආයේ ගමන පටන් ගත්තා. කොහොම කොහොම හරි අපි ගොඩක් දුර ආවා ලස්සන පාර දිගේ. එනගමන් යකාගෙ පඩිපෙළ පාලම හෙව්වා ඒත් අපිට හම්බුනේ එකපැත්තක් කොන්ක්‍රීට් අනික් පැත්ත ලෑලි ගහපු පාලමක් විතරයි ඒ නිසා අපි එතන ෆොටෝ ගහන්න නැවතුනේ නෑ. ඊට පස්සේ තව කිලෝමීටර් 5ක් විතර ගියාම පොඩි ඉස්කෝලයක් හම්බුනා. අපි එහේ ලමයින්ට ටොෆි චොකලට් අරන් ගියේ. අපිට ගියපු අය කිව්වා එහේ ලමයි ඒවා ඉල්ලන්න එනවා කියලා 🥺 අපි ගෙනාපු ටොෆි චොකලට් ටීචර් අතට දුන්නා බෙදලා දෙන්න කියලා. ඊට පස්සේ ටීචර්ගෙන් අපි යකාගෙ පඩිපෙළ පාලම ගැන ඇහුවා. එතකොට ටීචර් කිව්වා ඒ පාලම තියෙන්නේ උඩ අපි ආපු පාරේ කියලා. එතකොට අපිට මතක් උනේ අපි පහුකරලා තියෙන්නේ ඒ පාලම කියලා. කොහොම හරි ආයේ කන්ද නගින්න බැරි නිසා හිත හදාගෙන ආයේ පහලට බහින්න පටන් ගත්තා. ටිකකින් අපි වැලි වංගුවට ලගා උනා. අපි එද්දී එතන අයියාලා ටිකක් කෑම්පින් කරලා හිටියේ. එයාලා කිව්වා නානවානම් සුපිරි ප්ලේස් එකක් තියෙනවා මීටර් 500ක් වගේ ඉස්සරහට යන්න කියලා. අපිත් ඉතින් නාන්න කියලා හිතාගෙන එතනට ගියා. ගිහින් නාන්න බැස්සා විතරයි ඇඟම ගල් වෙලා ගියා එතන වතුර අපේ ෆ්‍රිජ් වල වතුර වගේ 🥶 අපි ඉතින් වැඩි වෙලා නාන්නේ නැතුව ඉක්මනට ගොඩට ඇවිත් ඇඳුම් මාරු කරන් දවල්ට කෑම කෑවා. කාලා ආයේ වැලි වංගුවට ගිහින් ලංකා ඇල්ල යන්න සූදානම් උනා. වැලි වංගුවට ලගින් පහලට තමා ලංකා ඇල්ලට යන්න තියෙන්නේ. ඒක පොඩ්ඩක් අමාරු පාරක්. කැලෑ වෙලා තියෙන්නේ. ලොකු පල්ලමක් බහින්න තියෙන්නේ. කොහොම හරි දෙපාරක් විතර පාර වැරදිලා ලංකා ඇල්ල පාමුලට ආවා. ඇවිත් ෆොටෝ ටිකක් ගහගෙන බඹරකන්ද යන්න සූදානම් උනා. ලංකා ඇල්ල යන පොඩි අඩි පාරකින් ගිහින් ෆයිනස් කැලයක් හම්බුනා. ෆයිනස් කැලේ දිගටම අඩි පාරේ ගියාම අපේ මීලග නැවතුම බඹරකන්ද ඇල්ල හම්බුනා.🥳 එතන ෆොටෝ ගහන් ටිකක් වෙලා ඉදලා ආයේ කලුපහන යන්න පටන් ගත්තා. කොහොම හරි ආයේ අපි කලුපහනට යන තාර පාරට ආවා. ඇවිත් ඒ පාරේ එන බයික් එකක අපේ තුවාල උන අයියා කලුපහනට යැව්වා. යවලා මායි අනික් අයියයි හෙමීට කලුපහන පැත්තට ඇවිද්දා. එතන ඉදන් කලුපහනට කිලෝමීටර් 5 ක් තියෙනවා. ඉතින් අපි 5 වගේ වෙද්දී කලුපහන හංදියට ආවා. අපි එද්දී අපේ අනික් අයියා වාඩි වෙලා හිටියා. එතනින් අපි 99 බදුල්ල කොළඹ බස් එකේ 6 වගේ වෙද්දී හපුතලේ ආවා. ඇවිත් රෑට කාලා අර අයියලා දෙන්නා 99 බස් එකක කොළඹට යන්න පිටත් උනා. මාත් එයාලට සමුදීලා හපුතලේ ස්ටේශන් එකට ගියා. ගිහින් 8.30 ට එන නයිට් මේල් එක එනකන් හිටියා. කොහොම හරි නයිට් මේල් එකේ ඇවිත් කඩුගන්නාවෙන් බහිනකොට පාන්දර 2 වගේ උනා. ඒ වෙලාවට ගෙදර යන්න බස් නැති නිසා ස්ටේශන් එකේ බංකුවේම නිදාගෙන උදේ 6 ට විතර බස් එකේ නැගලා ගෙදර ආවා 🤗❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *