උඩ දියලුම 🍂🌎 Upper diyaluma camping

Spread the love

වෙනදා වගේම අදත් ගමන ගැන note එකක් දාන්න හිතුනා🥲… පුරුදු විදිහටම ගමන අනුරාධපුරෙන් මම තනියම පටන් ගත්තා…යන්න තැනක් ගැන කිසිම අදහසක් නෑ මට… කොහෙහරි යන්න ඕනි කියලා විතරයි දන්නෙ 🙁.. මාත් එක්ක යන අනිත් කෙනා මාතලේ… එයා මාතලෙන් ගමනට සෙට් උනා… ගමනට ඉන්නෙ දැන් දෙන්නයි… අපිට ඉස්සර්ලම යන්න ඕනි වෙලා තියෙන්නෙ නුවර ස්ටේශන් එකට… ට්‍රෙන් එකෙ ටයිම් ටේබල් එක බලාගන්න .. ගිහින් බලද්දී ට්‍රෙන් එක තියෙන්නෙ පාන්දර එකට නුවරින් බදුල්ලට 😴.. එතකොට වෙලාව පහට වගෙ ඇති හවස 😂… කරන්න දෙයක් නැ නුවර වටයක් දාල ඉන්නව කියලා හිතුවා අපි දෙන්න… ඕම ඉද්දි මතක් උනා තව ඩෑල් එකක් හිටියනම් හොදයි කියල… එතකොට මතක් උනා අපෙ නුවර තව කොල්ලෙක් ඉන්නවා කියලා.. හැබැයි පොරට උන හැදිලා හිටියෙ… කමක් නැ කියල කෝල් එකක් දැම්මා.. පොර අදි මදි කරා මුල් ටිකේ… ඒත් අපි දැනගත්තා ඩෑල් එක අනිවා එනවා කියල 😂… හිතපු විදිහටම පොර ආව 😁…අපි ගමනට ඕනෙ කෑම බීම බඩු ටිකත් නුවර සුපමාකට් එකකින් ගත්තා… දැන් රැ දහයට වගෙ ඇති… තව ටයිම් එහෙම්මමයි 😂… නුවර ස්ටේශන් එක ඇතුලෙ කාටවත් ඉන්න දෙන්නෙත් නැ ටිකට් නැතුව… ටිකට් දෙන්නෙත් රැ දොලහෙන් පස්සෙ කීවා 😂😂

කමක් නැ වරෙන්කො යන්න කියලා අපි ගියා… ගිහින් අපෙ යාලුවෙක්ගෙ නැන්දා කෙනෙක්ට කෝල් එකක් දැම්මා.. එයාගෙ මහත්තයා කලින් නුවර ස්ටේශන් එකෙ හිටපු කෙනෙක් 😁… එ හින්දා ලයින් එකක් ගහලා පාන්දර එක වෙනකල් ස්ටේශන් එක ඇතුලෙ ඉන්න ගේමක් ගහගත්තා.. තාමත් අපිට තීරනයක් නැ අපි අද යන්නෙ කොහෙද කියලා… කොහෙහරි යන්න ඕනි කියන අදහස විතරයි තිබ්බෙ… කෝමහරි අන්තිමේට හපුතලේ පැත්තෙ වටයක් දාමු කියලා කතා උනා… ඒත් දවස් ගාන කතා උනෙ නෑ… අපිට ප්‍රශ්නයක් නැ දවස් ගාන දෙකක් උනත් දහයක් උනත් 😂… අපෙ අදහස බජට් ඉවර වෙනකල් ඇවිදලා ගෙදර එන එක 😶

දැන් හපුතලේට ටිකට් අරන් පාන්දර එකට බදුලු කෝච්චියට නැග්ගා අපි නුවරින් 😁… ට්‍රෙන් එකෙ කට්ටිය ඔක්කොම නිදි 😂… සීට් නෑ ඉදගන්න🥲… කමක් නැ කියලා අපි ෆුට් බෝඩ් එකෙ ඉදගෙන තුන්දෙනා කතාවක් දාං ගමන පටන් ගත්තා 😌… පට්ට සීතලයි නිදිමත නැ හැබැයි 😂… ඕම යද්දි හැටන් වලිම් සෑහෙන සෙනගක් බැස්සා… සීට් ගොඩ දැන්… අපිත් ගිහින් සීට් එක්කින් වාඩි උනා… එකෙක්ට නින්ද ගියා හොදටම.. ඌ කිව උදේ වීව් එක බලන්න ඇහැරවාන් නින්ද ගියොත් කියල.. අපිත් විඩෙන් විඩෙ නිදාගන්න ආයෙ නැගිටිනවා 😂😂

පාන්දර පහාමාරට වගෙ ඇහැරුනා අපි… මරු වීව් එක… ඇහැරවන්න කියපු එකා නිදි… කතා කරාට නැගිටින්නෑ දුන්න බේසිකයට කනේ පාරක් 😑… ආං නැගිට්ටා දැන් 😂… ආයෙ ෆුට්බෝඩ් එකට සෙට් වෙලා බලාන ඉන්නවා ලස්සන වීව් එක දිහා 😊… ඕම ඕම හපුතලේට ලං වෙලා හපුතලෙන් බැස්ස අපි 🇱🇰වෙලාව හයට හයහමාරට වගෙ ඇති…

පට්ටම ලස්සනයි… ස්ටේශන් එකට ලාවට sunrise එක පේනවා මරු 🤗… අපි දැන් කතාවෙන්නෙ හපුතලේ කොහාටද යන්නෙ කියලා 😂😂… ඕම ඕම ස්ටේශන් එක පාස් කරන් අපි ගියේ හපුතලේ ටවුන් එකට… යන ගමන් කතා උනා වංගෙඩිගල යමු කියලා… කට්ටියම ඕකෙ… අපි එතන හිටපු මාම කෙනෙක්ගෙන් ඇහුවා විස්තරෙ… ලග තියනවා ඇඩිශන් බංගලාව.. ඒකටත් ගිහින් එන්න පුතේ කියලා කීවා… අපිටත් මොකද ඉතින් 😂😂… හා යං කියලා වීල් එකක නැගලා ගියා.. අපි එතෙන්ඩ යද්දි හත හමාරයි… ඒක අරින්නෙ නවයට… එතකන් වටේ ඇවිද ඇවිද හිටියා 😑… නවය පහුවෙලා අපි ඇතුලට ගියා… ටිකට් එක රු.50/- … මරු බංගලාව… වේල්තුනක් කෑම දීලා එක්කෙනෙක්ට දවසක් නවතින්න රු.4000/- යි කීවා… දවසක අනිවා යන්න ඕනි 🙃

එතනින් අපි ගමනාන්තෙ වෙනස් කරා… අපිට මතක් උනා උඩ දියලුමත් තියනවානේ කියලා…අපි ගමන දාගත්තා උඩ දියලුමට 🤩… වෙලාව දහයට වගේ ඇති… හපුතලෙන් කොස්ලන්ද බස් එකක නැගලා ගියා උඩ දියලුමට… එතන පල්ලැහෑ කඩවලින් ගත්තා තව ඕනෙකරන බඩු… අපිට ඉන්න දවස් ගාන ඖලක් නෑ අපි ලග කෑම්ප් කරන බඩු ඔක්කොම තියන නිසා 😁… ඕම ඕම අපි උඩ දියලුම ඇල්ල උඩට ආවා.. අම්මෝ පට්ට අව්ව 😂😂… හැබැයි ෆොරිනස්ලගෙන් පිරිලා 🤗… සුදු නැන්දලා අක්කලා ගොඩායි 😂… එ පැත්තෙ ගොඩක් අයගෙ ආර්තිකෙ ගොඩනැගෙන්නෙ ඒ ඇල්ල පදනම් කරගෙන… ගයිඩ් කරලා , කඩවල් වලින් එහෙම… අපි යනගමන් මගින් හම්බෙන අය එක්ක කතා කරලා විස්තර අහගත්තා… කපල් එකක් පැනලා මැරුනලු එකපාරක් 😂😂… ඇල්ලෙ උස අඩි හයසියගානක්… හරියටම මතක නැ මට… කෑම්ප් කරනවට ගමේ අයනම් කැමති නෑ අපෙ අය ගිහින් වනසන නිසා… කතාව ඇත්ත.. අපි උඩට ගිහින් බලද්දී පොලිතීන් විතරයි ඇල්ල පුරාවට 😑…අස් කරන එක කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැ 😂… අපි යන්න කලිම් දවසෙ සෙට් එකක් කෑම්ප් කරලා ගිනිමැලේ නිවන්නැතුව ඇවිත් උඩ මුලු කැලේටම ගිනි අරන්… ගමේ අය තමා නිවලා තියෙන්නෙ… ඔය කේස් නිසා ගමෙ අය කැමති නැ කට්ටිය කෑම්ප් කරනවට… ඒත් අපි ශේප්මන්ට් එකක් ගහලා ටෙන්ට් එක අටවගත්තා ඇල්ල ලග😁… දැන් තියෙන්නෙ දර හොයන්න… දර නැ ඔක්කොම එදා ගින්නෙන් පිච්චිලා… ගිනිමැලේ අදහස අපි කලිම්ම අතෑරියා… කෑම ටික හදාගන්න ලිපකට දර අපි හොයාගත්තා.. ටික ටික හවස් වීගෙන එනවා… අම්මෝ ඒ වීව් එක 🤗… දැන් තමා ඇල්ලෙ ලස්සන පේන්නෙ 😁🤩

ඉර බැහැගෙන යනවා තැබිලි පාටට… ඒ පාට වතුරට වැටිලා දිලිසෙනවා රත්තරන් පාටට අම්මෝ ලස්සන කියාගන්න බෑ 😊🇱🇰… අත දික් කරාම ඉර එලිය අතට වැටෙනවා තැබිලි පාටට… මාසයක් උනත් ටෙන්ට් එක අටවගෙන මෙතන ඉන්න ආසාව එවෙලෙ ඇතිඋනා 😴… අපි දැන් නාන්න හොද පොට් එකක් බැලුවා… උද දියලුම ඇල්ලෙ මුල හරියෙ ටිකක් ඇතුලට ගියාම තියෙ තව ඇල්ලක්… එතන නාන්න මරු… අපි ගියා ඒක හොයං… අපිට එතෙන්ඩ යද්දි පේන්න තිබුනේ ඇල්ල නෙමේ සුදු අක්කලා ගොඩක් විතරයි 😂😂… ඇල්ල පිරෙන්නම ෆොරිනස්ලා නානවා 😂😂… අපි ටිකක් වෙලා ඉදලා පොටො එහෙම ගහල ඉවර වෙද්දි කට්ටිය ටික ටික අඩු උනා… අපි එ ඇල්ලෙත් උඩට ගියා නාන්න 😎… පට්ට සීතල වතුර… ගොඩ එන්න හිතක් නෑ… මුලින්ම කවුරුත් එතෙන්ඩ බැස්සෙ නෑ… ඔක්කොම ඇල්ල දිහා බලන් හිටියෙ උඩ ඉදන්… මම පෝන් එකත් එක්ක වැටුනා ඇල්ලට ( වතුර වලට 😂 ) ඊට පස්සෙ තමා කට්ටිය බැහැලා නාන්න ගත්තෙ 😂.. අපි පැය දෙකක් විතර උඩ ඇල්ලෙ නානවා දැන් 😂… හවස හයට වගේ ආයෙ ගියා නාල ඉවර වෙලා ටෙන්ට් එක ලගට 🤗… පට්ට වීව් එක ඉතින්..

මම ලිප හදලා පත්තු කරන්න ගත්තා . එක්කෙනෙක් ගියා පරිප්පු ටික හෝදන් එන්න… ඌ ඇල්ලට අඩිය තිබ්බා විතරයි ලෙස්සලා පරිප්පු එකත් එක්ක බිම 😂😂… ආයෙ ගන්න් පුලුවන් පරිප්පු ටික අහුලං පරිප්පු හොද්ද හැදුව පාං කන්න 🤩… එතකොට ආවා stf එකෙ අයියලා දෙන්නෙක්… එයාලත් ඇවිත් තියෙන්නෙ අද එහෙ කෑම්ප් කරන්න… STF එකෙ ලොකු සෙට් එකක් හිටියා එයාල එක්ක… අපිත් එක්ක කතා කරලා ඒම හිටියා…එයාල කෑම්ප් කරෙ අපි නාපු උඩ ඇල්ල ලග… අපි කෑම්ප් කරෙ උඩ දියලුම ඇල්ලෙ මුල හරියෙ…

ඕම ඕම දවස ගෙවුනා.. රැ දහයට විතර කෞරුත් සද්ද නෑ… මරු.. වතුර වැටෙන සද්දෙ ඇහෙනවා.. ඒ අස්සෙන් අලි කෑගහන සද්දත් ඇහෙනවා 😂… මට කලිම් කියන්න බැරි උනා උඩ දියලුමට අලි එනවා 😁… කමක් නැ කියල ඔහේ ඉන්නවා අපි 🙃… කන් දෙකට ඒ සද්ද මරු… පාන්දර එකට වගෙ අපි නිදාගත්තා… ආයෙ පහුවදා උදෙ පහට වගෙ අපි නැගිට්ටා… විශේශ ලස්සනක් නෑ… Sunrise එකක් පේන්නෑ.. ඒත් පට්ට නිස්කලංකයි 🍃✨… අපිට ඕනෙ වෙලා තිබ්බෙ එච්චරයි 😊

අපි ආයෙ ලිපහදලා පත්තු කරලා තෙ එකක් එහෙම හදලා කරලා යන්න ලෑස්ති උනා 😴… අපි වංගෙඩිගල හරි ඇල්ලෙ හරි එවෙලෙ යන්නම් කියලා හිටියෙ .. ඒත් පෞද්ගලික මගාරින්නම බැරි ප්‍රශ්නයක් නිසා ඒ ගමන එතනින්ම කැන්සල් කරන්න උනා 😊..ඒකට ඖලක් නැ 🤩… විදින්න ඕනෙ ටික වින්දනේ… අපි ඇල්ලෙන් පහලට බැහැලා ආයෙ හපුතලේට ආවා… හපුතලෙන් නුවර බලා ආහපු… අපිට සෙට් උනේ 10.26 කෝච්චිය… අපි එතන්ඩ යද්දි 9.30 ට වගෙ ඇති.. අපි ගියපු ගමන් හෙව්වෙ ස්‍ටෝබෙරි 😁… ස්ටේශන් එක ලග නැ… අපි ස්ටේශන් එකෙ කැන්ටිමේ මාමට කතා කරලා වත්තක පොරක් කන්ටැක් කරලා එයාට කියලා පැක් හතරක් ගෙන්න ගත්තා එවෙලෙ කඩපු ස්ටෝබෙරි 🤗… වෙන තැනකින් ගත්තනම් පැක් එකක් අඩුම 800 ක් වත් වෙනවා ඒකෙ තිබ්බ අඩුම එක පැක් එකක ගෙඩි 17-18 ක්වත්… අපි ගත්තෙ එකක් 350/- ගානෙ…

ඊට පස්සෙ නුවර බලා කෝච්චියෙන් පිටත් උනා 😊… යන ගමනෙදි අපිට අපෙ වයසෙම තව එල කොල්ලෙක් සෙට් උනා පොර රාගම… ඔහොම ඔහොම ෆුට් බෝඩ් එකෙ පැය ගානක් ගිහින් හතර විතර වෙද්දි නුවරට ආව අපි… යන එන ගමන මරු ට්‍රෙන් එකෙ… මීදුම මැද්දෙන් වැහි මන්දාරමේ පිස්සුවක් 🤗… අපි තුන්දෙනා තුන්පැත්තකට ස්ටේශන් ‍එකෙන් වෙන් උනා ආයෙ කොහෙහරි යන බලාපොරොත්තුවෙන් 🌎… මට මගක් යන්න විතරයි එවෙලෙ බස් තිබ්බෙ.. කෝල් එකක් දුන්න ගමන් මාව එක්කන් යන්න මහ රැ 40 km වගේ බයික් එකෙ ආවට ඉසුරු අයියෙ ඔයාට පිං 🤗

කතාව දිග වැඩිනම් සොරි වෙන්න ඕනි 😁… කියවපු අය කමෙන්ට් එකක් දාගෙන යන්න පොටෝස් බලල 😌… මෙ වගෙ තව නෝට් / ඇල්බම් ඇති මගෙ ප්‍රොෆයිල් එකෙ… කැමති අය බලන්න 🍃🇱🇰… යන තැන් වනසන්නැතුව පරිස්සමෙන් ගිහින් එන්න 🧘🏼🤍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *