පි ගමන පටන් ගත්තෙ අනුරාදපුරෙන් … අනුරාධපුරෙ ඉදන් මාතලේට යනකල් මම විතරයි
… කලින් දවසෙ රැ ට්‍රිප් එක යන්න සෙට් උන ඩබලක් හිටියා එක්කෙනෙක් මාතලේ අනිත් කෙනා නුවර
… අපි නුවරින් 11.10 ට්‍රෙන් එකෙ ඉදල්ගස්හින්නට නැග්ගා
…
සෙට් උන පලවෙනි පෝරියල් එක තමා යාලුවගෙ පෝන් එකෙන් ගහපු පොටෝස් ටික මගෙ පෝන් එකට Airdrop කරද්දී ලග හිටපු සුදු අක්කා කෙනෙක්ගෙ පෝන් එකකට කනෙක්ට් වෙලා ඒ පොටෝස් ටික එයාගෙ එකට ගිය එක … පස්සෙ පස්සෙ යනගමන් එයත් ෆිට් උනා
… කෝමහරි කෝච්චියේ ගමන පැය හයයි… නානුඔය හරියට යනකල් පට්ට අව්ව… වීව් එකක් නැ කම්මැලි… නානුඔය පාස් කරනවත් එක්කම වැස්ස පටන් ගත්තා
… අන්න දැන් මරු
…
ට්‍රේන් එකෙ ආතල් පටන් ගත්තෙ ඊට පස්සෙ … මරුම ෆීලින් එකක් ඒක… ඔහිය පාස් කරද්දී දේදුන්නකුත් පායලා තිබ්බා
… අපෙ ගමනෙ සාමාජිකයො තුන්දෙනයි
… අපි ආතල් එකෙ සින්දුවක් කියාන ඉද්දි අපිටම සුදු අක්කත් සෙට් උනා
… ට්‍රේන් එකෙ ගමනනම් මාරම ආතල්
… ඊට පස්සෙ කෝමහරි ඉදල්ගස්හින්නට ආවා
…
වෙලාව හවස 05.10 යි… මාරම ලස්සනයි… මීදුම බාල ස්ටේශන් එකට … වචනෙන් විස්තර කරන්න බැ ඒ ලස්සන … නිකමට නෙමේනෙ ලංකාවෙ ලස්සනම ස්ටේශන් එක ඉදල්ගස්හින්න කියන්නේ
… අපි හය විතර වෙනකල් කලෙ පොටෝ ගහන එක
… ඊට පස්සෙ එතනම පල්ලැහැ තියන කඩෙන් ලාබුතෙලුයි අරව මේව ටික ගත්තා
… ඊට පස්සෙ තමා හයික් එක පටන් ගත්තෙ … පටන් ගත්ත ගමන් වැස්සත් පටන් ගත්තා
… මරු සැප දැන්
..
කන්දෙ මගක් යද්දි ඖලක් නැ වැස්ස පෑව්ව… හැබැයි කලුවරයි.. කෝම කෝම හරි උඩට ආව අපි … අපි උඩට එද්දිත් එතන කට්ටියක් ඇවිත් ටෙන්ට් දෙකක් ගහලා තිබ්බෙ… අපිත් අයිනකින් කෝම කෝමහරි ඉඩක් හදාන ටෙන්ට් එක අටවගත්තා
… දැන් තියෙන්නෙ ගිනිමැලේ ගහන්න…දර ඔක්කොම හෝදලා ගත්තා වගේ තෙමිලා
…ලාබුතෙල් දදා අවුලනවා ඉතින්
… දුම් වැදි වැදී ලිප රත් කරනවා… කෝම උනත් දර පොඩ්ඩයි තිබ්බෙ… මහරෑ කැලේ ඇවිදලත් දර හොයාගන්න බැරි උනා… කරන්නම දෙයක් නැති තැන මහ රැ අපෙ එකෙක් ෆයිනස් ගහකට නැග්ගා දර කඩන්න
… ඊට පස්සෙ තමා ගානට ලිප අවුලගත්තෙ… අය වැස්සෙ නෑ. හැබැයි පට්ටම සීතලයි…
අපිට උඩින් සෙට් උන අයත් මාර විදිහට ෆිට් උනා… එයාල එක්කම උයාන කෑවා… හරියට අපි ඔක්කොම එක සෙට් එකක වගේ … ඒකයි කියන්නෙ ට්‍රැවල් කරන උන්ගෙ හිත් හොදයි කියලා
… කාල ඔක්කොම කරලා නිදාගන්න ආවා… හොදකට තිබ්බෙ එක කූඩැල්ලෙක්වත් ඇහැකට දැක්කෙ නෑ
… පාන්දර පැයෙන් පැයට ඇහැරෙනවා සීතලට
… නින්දනම් ගියේම නෑ… පාන්දර හතරේ ඉදන් ඇහැරලා සන් රයිස් එක බලන්න
… කෝමහරි ඒකත් බැලුවා.. අම්මටසිරිවෙන ලස්සනක් තියෙන්නෙ උදේට
… වලාකුළු උඩින් අපි ඉද්දි හිතට දැනෙන හැගීම වචනෙන් කියන්න අමාරුයි… ගිහින් තියන අය දන්නව ඒක ගැන
… උදේ තේ එකක් ඒම ලිපේ තියලා ආයෙ පුරුදු ජොබ් එකට බැස්සා… කට්ටියක් පොටෝ ගහනවා කට්ටියක් වීඩියො කරනවා..
.. ඔච්චරයි
.. කෝමහරි උදෙ හය වගෙ වෙද්දි හොදටම එලිය වැටිලා… අපිට අටයි කාලට කෝච්චිය තිබ්බෙ… අපි හිටපු තැන අස් කරා… මොකුත්ම නැති වෙන්න අස් කරා… අරන් ආව ඔක්කොම ආපහු බෑග් එකට කොටාගෙන උඩින් හම්බුන අයටත් ටටා බායි කියලා අපි කන්ද බහින්න පටන්ගත්තා… උදේට තෙ එහෙම බීලා
…
ස්ටේශන් එකෙන් තමා මූන හෝදගත්තෙ … කියන්න බැරි තරම් ලස්සනක් ඒක
… ඉදල්ගස්හින්න මාරයි
… ගිහින් බලන්න , හැබැයි වනසන්න එපා… ඕනෙ වෙලාවක හෙට කොහෙහරි යමන් කීවත් ” හා යමන් ” කියලා එන යාලුවො දෙතුන්දෙනෙක් ඉන්න එක ගැන පට්ට සතුටුයි
ව්ලොග් එක තියනවා කැමති අය බලන්න
Link – https://youtu.be/DTxTbWLY38







































