අභයගිරිය දාගැබ වනාහි අනුරාධපුර නගරයෙහි වූ පෞරාණික මෙන්ම විශාලතම ආරාම සංකීර්ණයේ පිහිටි දැවැන්ත පූජණීය වස්තුවයි. එය ලක්දිව දෙවන විශාලතම දාගැබද වන්නේය.
අභයගිරිය විහාරයට අයත් වන මෙම දාගැබ ක්‍රි.පූ පළමුවන සියවසේදී වට්ටගාමිනී අභය ( වලගම්බා ) රජු විසින් විසින් නිර්මාණය කරන ලදි. මෙම දාගැබ බුදුන් වහන්සේගේ සිරිපා සලකුණ මත ඉදිකර ඇති බව පැවසේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාද අභයගිරිය දාගැබට බුදුන් වහන්සේගේ සිරිපා සලකුණ හා බැදුණු ඉපැරණි සංස්කෘතියක් පැවති බව සනාථ කරයි.
ක්‍රි. ව 5 වැනි සියවසේදී චීන ජාතික පාහියන් හිමි මේ ස්තූපය ගැන කරන විස්තරයට අනුව එය අඩි 400ක් උස් විය. එවක ලෝකයේ උසම ස්තූපය ඌයේ කණිශ්කගේ ස්තූපයයි. එය අඩි 638ක් විය අභයගිරිය ස්තූපයට තෙවන තැනට පත්වී තිබුනි.
අභයගිරිය ස්තූපයේ පේසාවන් තුන , ගර්භය , හතරැස් කොටුව එය මැද ගර්භය මුදුනේ යූපය හා ඡන්ත්‍ර යන අංග වලින් යුක්තය. මේ ස්තූපයේ අනික් අංග අතර හස්ථිවේදියක් , තුන්වන පේසාදට උඩින් ඌ බවද කියනු ලැබේ.
ස්තූපය සතර පැත්තේ වාහල්කඩ සතරක්ද , සලපතල මලුව, එහි ඇත්පවුර, වැලි මලුව එහි ප්‍රාකාරය හා ගෝපුරද වෙයි.
අභයගිරිය ස්තූප ප්‍රාකාරයට පිටත හතර පැත්තේ පොකුණු සතරකි. ස්තූප ප්‍රදේශයට වැටෙන වැසි ජලය එම පොකුණු වලට ගලාගෙන යාමට සලස්වා තිබේ. අනුරාපුර යුගයේදී දන්ත ධාතූන් වහන්සේ මෙන්ම බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුවද අභයගිරිය විහාරය භාරයේ තිබූ බවද වංශකතාවල සදහන් වේ. පාත්‍ර ධාතුව චෛත්‍යේ නිධන් කර ඇති බවද සදහන් වේ. අභයගිරිය විහාරයේ ධර්ම ධාතු නිදන් කර ඇති බවද ග්‍රන්ථ වල සදහන් වේ.
ධර්ම ධාතු යනුවෙන් අදහස් කරනුයේ ධාරනී, මන්ත්‍ර හා සූත්‍ර හෝ එවායේ කොටස්ය.
ක්‍රි.ව 114 – 136 දක්වා රජ කල ගජබාහු රජතුමා හා ක්‍රි.ව 1153 – 1186 දක්වා රජ කල පළමුවන පරාක්‍රමබාහු රජතුමා ස්තූපය අලුත්වැඩියා කොට විශාල කර ඇති බව ද ප්‍රකාශකරේ. ක්‍රි.ව 938 – 946 දක්වා රජකල සෙනරත් රජු දාගැබේ සලපතල මළුව ඉදිකිරීම සදහා රන් කහවනු හතලිස් දහසක් පිරිනමා ඇති බවද සදහන් වේ.. කෙසේ නමුත් මාගේ අත්තම්මා වන ඉන්ද්‍රානි ප්‍රනාන්දු ( පුරාවිද්‍යා අධ්‍යක්ශක ) මහත්මිය කල කැණීම් හා පර්යේෂණ වලට අනුව එය අසත්‍යබවද සදහන් කර ඇත.
දීපවංශයට අනුව අභයගිරිය දාගැබේ වාහල්කඩ බදවන ලද්දේ පළමුවන ගජබා රජු විසිනි. අභයගිරිය විහාරයේ උපෝසතාගාරය යැයි සැලකෙන රත්නප්‍රාසාදය කණිශ්ඨ තිස්ස රජු විසින් කලැයි සැලකේ.
දාගැබේ දකුණු දෙරටුවේ ඇති බහිරව රූප , මූර්ති ශිල්පයේ විශිෂ්ඨ නිර්මාණ ලෙස වැදගත් වෙයි. ඒවා ආරක්ෂාව හා සෞභාග්‍යය සංකේත කරවන වෛශුවණගේ නිදි නවයෙන් දෙකක් වන සංඛ හා පද්මගේ රූප ලෙස හදුනා ගෙන ඇත.
මෙහි බුදුමැදුර මානික්‍යන් ගෙන් අලංකාර වන රන් හා රිදියෙන් සරසන ලද්දකි.
තවද රනින් නිමකල වෘෂභයෙකුගේ ( ගවයෙකුගේ ) ගැබ් තුල සර්වංඥධාතු තැන්පත් කොට , මෙම අභයගිරිය චෛත්‍යයේ නිධන්කොට ඇතැයි සැලකේ.

